'රනිල්ට අගමැතිධූරය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්' - ජනපති






රනිල් වික්‍රමසිංහට අගමැතිධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  පවසයි.





එමෙන්ම, පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කළ ද අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන බවට තමා කළ ප්‍රකාශය සිය පෞද්ගලික දේශපාලන මතය බවත් එය අදටත් එලෙස ම පවතින බවත් ජනාධිපති අවධාරණය කරයි. 





රනිල් වික්‍රමසිංහ, අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අමතමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මේ බව පැවසුවේය. 





පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති ඉවත් කිරීම, අගමැති පත් කිරීම ඇතුළු සියලු පියවර තමා ගනු ලැබුවේ, සිය තනි කැමැත්තට නොවන බව ත් ඒ සඳහා රටේ ඉහළම නීති විශාරදයින්ගේ උපදෙස් ලබා ගනිමින් බව ද ජනපති මෙහිදී අවධාරණය කර තිබේ. එම තීරණ මාතෘ භූමිය වෙනුවෙන් ඉතා සද්භාවයෙන් ගත් තීරණ ගත් බවත් ඉන් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ කිසිදු අයහපත් චේතනාවක් තමා තුළ නොතිබූ බවත් ජනාධිපති මෙහදී සිහිපත් කර තිබේ.









ජනපති සිදුකළ සම්පූර්ණ කතාවට පිවිසෙන්න 






https://www.facebook.com/maithripalas/videos/195850641266101/