ලේක්හවුස් ඉදිරිපිට සිදුකළ කලහකාරී හැසිරීම හෙළා දකිනවා - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය






පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බවට පසුගිය දෙසැම්බර් 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් පසුව ලේක්හවුස් ආයතනය ඉදිරිපිටට රැස්වී කණ්ඩායමක් මෙහි සේවකයන්ට එරෙහිව සිදුකළ තර්ජනාත්මක හැසිරීම දැඩිව හෙළාදකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත නිවේදනය කරයි.









මෙහිදී ඔහු වැඩිදුරටත් දක්වන්නේ, 













‘‘ලේක්හවුස් ආයතනය ඉදිරිපිට රැස් වු කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරෙමින් එම මාධ්‍ය ආයතනයට එරෙහිව සිදුකළ තර්ජනාත්මක හැසීරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. එමෙන්ම එකී සිදුවිම් පිළිබඳ නිසි පරික්ෂණ පවත්වා නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිය යුත්තනන්ගෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූළ නොවන බවට දෙසැම්බර් 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ලබාදීමෙන් අනතුරුව මෙම සිද්ධිය සිදු වී තිබේ.









පසුගිය ඔක්තෝම්බර් 26 දා සිට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය මෙම නඩු තීන්දුව ප්‍රකාශවීමත් සමග අවසන් වනු ඇතැයි, සමාජයෙහි වු අපේක්ෂාවද මෙතෙක් එලෙසින්ම ඉටු වී ඇති බවත් නොපෙනේ. එවැනි පසුබිමක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී හැසීරිම් පිළිබදව අපේක්ෂාවන් තවදුරටත් බිදවැටිමට මෙවැනි සිදුවීම් හේතුවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි. එසේම කවර හෝ දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ පිරිස් මෙලෙස හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට තර්ජනයක් ලෙස සලකමු. එබැවින් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා ලේක්හවුස් ආයතනයට එරෙහි මෙම තර්ජනාත්මක හැසිරීම සම්බන්ධයෙන් නිසි පරික්ෂණ පවත්වා සාධාරණ ලෙස නීතිය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුත්තන් ගෙන් ඉල්ලා සිටියි.‘‘ යන්නයි.