රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට

තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින රියර් අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන එළඹෙන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. රහස් පොලීසිය විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කෙරුණි. 


එමෙන්ම, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   විභාගයට ගැනෙන  නඩුව  වාර්තා කිරීමට ගිය ‘සන්ඩේ මෝනිං‘ පුවත්පතේ මාධ්‍යවේදී ඉන්දික හඳුවල මහතා හා තවත් මාධ්‍යවේදියෙකුට  අධිකරණ භූමියෙන් පිටතදී නාවික හමුදා  නිලධාරීයකු යැයි  සැකකරෙන පුද්ගලයකු විසින් පහරදී තිබේ. 




[caption id="attachment_22249" align="alignleft" width="300"] මාධ්‍යවේදී ඉන්දික හඳුවල මහතා[/caption]

 

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොළට පැමිණිල්ලක්  ද ඉදිරිපත් කර තිබේ.


අද උදෑසන කැඳවු  නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී,  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන අවස්ථාවේදී  ඔහු සමඟ සිටි නාවික හමුදා  නිලධාරීයකු යැයි  සැකකරෙන පුද්ගලයකු විසින්  එතැන සිටි මාධ්‍යවේදීන්ට පහර දී තිබේ. පහර දුන්   එම පුද්ගලයාද එතැන සිටි පොලිස් නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.