තායිවානයේ චොන්ෆෝ පන්සලේ වාසය කරන සමරිසි කායි හන් නම් චීවරධාරියාගේ රහස් වීඩියෝවක් පසුගියදා (නොවැම්බර් 22) Mirror Media නම් තායිවාන වෙබ් අඩවියට මුදාහැර තිබේ. පසුදින තායිවාන පොලිස් නිළධාරීන් මෙම පන්සලට කඩාවැදී චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. කායි හන් නම් මෙම චීවරධාරියා 29 හැවිරිදි වියේ පසුවන අතර ඔහු කලක් Chinese Young Buddhist Association හි මහ ලේකම් ධූරය ද හෙබවා ඇත.
Liberty Times නම් තායිවාන පුවත්පත මේ ගැන වාර්තා කරමින් පවසා තිබෙන්නේ කායි භික්ෂූන්වහන්සේ සමග රැඳී සිටි අනෙක් භික්ෂූන් පන්සලට පොලීසිය ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කරමින් පොලීසිය පැමිණෙන බව හන් හිමි ට දන්වා තිබෙන බවයි.
කෙසේවුවත්, පන්සලින් බැහැරට වන්නට තිබූ කාමරයක් තුළ සිටියදී හන් භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මත් පෙති ග්‍රෑම් 19 ක්, පයිප්පයක්, ගුද මාර්ගික ලිංගික සංසර්ගය පහසු කරන ලිහිසිකාරක, කොන්ඩම් හා ශුද්ධ ජලය අඩංගු බෝතලයක් ද සොයාගෙන තිබේ.
නිරුවත් පිරිමි ඡායාරූප හා සමරිසි පුරුෂයින්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට තිබෙන 200 GB පෙන් ඩ්‍රයිව් ද මේ අතර තිබී ඇති අතර ඒ අතර මෙම භික්ෂුවගේ දර්ශන ද තිබී ඇත.
මත්ද්‍රව්‍ය තබාගත් වරදට අත්අඩංගුවට පත්වූ චීවරධාරියා පසුව ඇප මත මුදාහැර තිබේ. කෙසේවුවත්, මේ ගැන අදහස් දැක්වූ චීවරධාරියා තමන්ට එල්ලවෙන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මත්ද්‍රව්‍ය ගෙන තමන් කිසිවක් නොකළ බවද පවසා තිබේ. අදාළ මත්ද්‍රව්‍ය අන් කිසිවෙකුට නොදුන් බව ද තමන් සමග කෝපයෙන් සිටින වෙනත් පන්සලක භික්ෂූන් පිරිසක් පළිගැනීමේ චේතනාවෙන් මෙම වීඩියෝපට නිර්මාණය කර තිබෙන බවත් පවසා ඇත.
Post a Comment