අඩෝ හූ කිව්වේ කවුද ? - වාසුදේව අධිකරණ භූමියේදී

ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා වන වාසුදේව නානායක්කාර මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සිටියදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර මෙහිදී කෝපයට පත්වන අමාත්‍යවරයා නොසරුප් වදන් කියමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතියි.


කෙසේවුවත්, එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසන්නේ පාර්ලිමේන්තුව විසුුරුවීම ව්‍යවස්ථාවට අනුකූල ද යන්නය.  අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දැක්වීමට ප්‍රථමයෙන් ඔහුව කුපිත කරවන අන්දම මේ වීඩියෝ පටයේ දැකගත හැකිවේ. 


මෙහිදී අමාත්‍යවරයා වත්මන් දේශපාලන තත්ත්වය ගැන පහදා දෙමින් පවසන්නේ,


‘‘අපි ජනමාධ්‍යට කියන්න යන්නේ, උසාවියේ තීරණය මොකක්ද ?. ඒ තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙමු. උසාවියට යන්න තිබුණේ අගමැති වෙනස් කරපු වෙලාවේ, දැන් නෙමෙයි, ඒ වෙලාවේ කිව්වා නම් මේ අර්බුදය මේ විදියට එන්නේ නැහැ. ජනාධිපතිතුමාට ජනතාවගේ බලයකුත් තියෙන බව මතක තියාගන්න, විධායක බලයට අමතරව. අඩෝ, හූ කීවේ කවුද ?. වරෙං මෙහාට‘‘ 


අදාළ වීඩියෝව ඉහතින්