''අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව ආරම්භයක් පමණයි‘‘ - රාජිත

නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අතර විනාඩි හතක්වැනි කෙටි කාලයකදී පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වුණි.  ලබන 23  වැනිදා  උදෑසන 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි.


ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, ''අගමැති වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාව ආරම්භය පමණයි.‘‘ යන්නයි.


මෙමගින් රටේ අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සේනාරත්න මහතා පැවසුවේ, ‘‘රටේ අර්බුදයක් ඇතිවෙන්නේ කොහොමද ?, නීත්‍යනුකූල නොවන විදියට අගමැතිවරයෙකු පත්කිරීම හරහානේ අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වේ නම් ඒ අවස්ථාවේදීම අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා කියලා. එතකොට දැන් ඒ ගැන කතාකරන්න දෙයක් නෑ. අහෝසි වෙලා තියෙන්නේ. ඔවුන්ට පඩි නඩි ගෙවීම නීති විරෝධීයි. 


මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ‘‘මේ සැණකෙළිය දිගින් දිගටම යයි. කෝටි ගණනක් වැය කරයි. රැස්වීම්, සාකච්ඡා ගැන කතාකරනවා. මේ සියලු දේ දකිනකොට සිනමා ක්ෂේත්‍රයේ තියෙන එමී සම්මාන, ඔස්කාර් සම්මාන වලට වැඩිය උසස් සම්මාන ලබාදෙන වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන.‘‘ යන්නයි.


 


 

නපතිතුමා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂට රජය මගින් ලබාදෙන අරමුදල් වහාම නතර කළයුතු බව දක්වමින් එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙකු කථානායකතුමා වෙත මෝසමක් ඉදිරිපත් කළහ.