ලෝක බැංකු වුවමනාව මත ගෙන එන ඉඩම් බැංකු පනත හා ඉඩම් පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය

මානව කේන්ද්‍රීයව ඉඩම් වල අයිතිය හා ඉඩම් වල අවශ්‍යතාවය හ`දුනා ගැනීමේ දී ප‍්‍රධාන වශයෙන් වැදගත් වන්නේ ජීවත්වීම හා ආහාර නිෂ්පාදනය ස`දහා නෛතිකව භූමි ප‍්‍රදේශයක හිමිකම හා ඒ වටා පිහිටි පොදු ස්වාභාවික සම්පත් භාවිතා කිරීමට ඇති අයිතිය යි. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවට අනුව අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස සඳහන් කර ඇත. එම`ගින්  ඕනෑම ස්ථානයක භූමියේ හිමිකාරීත්වය දැරීමේ අයිතිය තහවුරු කර ඇත්තේ භූමියේ අයිතිය මත ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් බැදී පවතින නිසා ය. එසේ වුව ද අද වන විට මෙරට ජනතාවගේ භූමියට ඇති අයිතිය හා පොදු සම්පත් වලට ඇති අයිතිය සීග‍්‍රයෙන් අහිමි කරමින් තිබේ. ඒ ස`දහා විවිධ භෞතික සැලැසුම් සකස් කර ජනතාවගෙන් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා නීති සංශෝධනය කිරීම ම`ගින් එම තත්ත්වය අහිමි කරමින් තිබේ. ඒ ම`ගින් මෙරට ජනතාවට හිමි භූමිය හා ස්වාභාවික සම්පත් විදේශීය සමාගම් වල ආයෝජනයන්ට නතු කර රටේ ජනතාවට එම සම්පත් වල අයිතිය අහිමි කර අනාථයින් බවට පත් කරමින් තිබේ. මේ නිසා මෙරට ජනතාව ආර්ථික, සමාජයීය, සෞඛ්‍යය හා අධ්‍යාපනික මට්ටමින් දරුණු ලෙස පිරිහෙමින් තිබේ. නමුත් මෙරට ජනතාව ඒ පිළිබ`ද ව නිසි ලෙස අවබෝධ කර ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.


ලෝක බැංකුව විසින් 2015 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity: A systematic country diagnostic   නම් වාර්තාවට අනුව රජය විසින් ඉදිරියේ දී මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳ ව අවධාරණය කර ඇත. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට විවෘත කළ යුතු බව පෙන්වා දී තිබේ. ඒ සඳහා පළමු පියවර තබමින් වත්මන් ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ* පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ආයතන වලට ඉඩම් ලබා ගැනීමේ දී පනවා තිබු සීමාවන් හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ* (සංශෝධන) පනතේ 5අ වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණ.


මීට අමතර ව ලෝක බැංකුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප‍්‍රකාශනය සම්පූර්ණයෙන් ම ඉලක්ක ගත කර ඇත. මෙම අය වැය ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ 1958 අංක 1 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර කුඹුරු ඉඩම් වගා නොවන වෙනත් භාවිතාවන් සඳහා ලබා ගත හැකි වන පරිදි පනතේ වගන්ති සංශෝධනය කිරීම සිදු කරන බව ය. මීට අමතර ව 2017 නොවැම්බර් 14 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර ආයෝජන සඳහා පහසුවනු පිණිස කඩිනම් ඉඩම් නිදහස් කර ගැනීමේ ක‍්‍රමවේදය සැලසුම් කිරීමට පනතේ වගන්ති වෙනස් කරන බව ය.


2015 ලෝක බැංකු වාර්තාවට අමතර ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  International Monetary Fund  විසින් 2016 ජුනි 03 වන දින ශ‍්‍රී ලංකාවට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් අනුමත කළ අතර එහි දී ප‍්‍රධාන කරුණු 6 ක් යටතේ කෙටිකාලීන හා මධ්‍යකාලීන අසමතුලිතතා සහ අභියෝග ජය ගැනීම සඳහා උපායමාර්ගික ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණ. ඒ සඳහා වන වාර්තාව 2016 මැයි 19 වන දින  Staff report for the 2016 article iv consultation and request for a three year extended arrangement under the extended fund facility  නමින් ඉදිරිපත් කර තිබුණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවය, ආදායම් බලමුලූගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණය, මූල්‍ය ප‍්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.


2015 වාර්තාවට අනුව ලෝක බැංකු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක‍්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප‍්‍රකාශනය හා වත්මන් ආණ්ඩුවේ ආර්ථික දර්ශනය වන ‘‘2025 දැක්ම හා පොහොසත් රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙන් කර ඇත. 2018 අය වැය ප‍්‍රකාශනයේ ඉඩම් හා කෘෂිකාර්මික අණ පනත් සංශෝධනය කර ඉඩම් ලිබරල්කරණය නැතහොත් නිදහස් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ 2025 දැක්මෙහි සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පැරණි ඉඩම් ප‍්‍රතිපත්තිය, ඉඩම් වෙළෙඳපොළ අකාර්යක්ෂමතාව හා අසංවිධිත තත්ත්වයන් ආයෝජන අවස්ථා මන්දගාමී කරන ප‍්‍රවනතාවක් නිර්මාණය කර ඇති බව ය. එපමණක් නොව මේ නිසා පුද්ගලික ආයෝජන සඳහා බාධා පමුණුවන හෙයින් සක‍්‍රීය ඉඩම් වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා ප‍්‍රතිසංස්කරණ හ`දුන්වා දී ඉඩම් බැංකුව ස්ථාපිත කර රටේ විශාලත ම ඉඩම් හිමිකරුවා ලෙස රජය ඉඩම් වෙළෙඳපොළ තුළ තරගකාරී කොටස්කරුවකු වනු ඇති බව ද සඳහන් කර ඇත. මේ සියලූ කරුණු ඉතා ම පැහැදිලි ව 2015 ලෝක බැංකු වාර්තාවේ ඒ ආකාරයෙන් ම සඳහන් කර තිබේ.


මේ අනුව පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවගේ පොදු භාවිත ඉඩම් අයිතිය සම්පූර්ණයෙන් ම අකි‍්‍රය කරමින් මහ පරිමාණ ආයෝජන සඳහා ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට ක‍්‍රියාමාර්ග ගන්නා බව ය.


එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි මත රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය යටතේ රජය සතු වතු ඉඩම් සමාගම් වලට බදු දීමටත්, ආයෝජන පහසුකම් සැපයීම සඳහා ඉඩම් බැංකු පිහිටුවා විවෘත වෙළෙඳපොළ තුළ විදේශීය මහ පරිමාණ සමාගම් වලට විවිධ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගත හැකි ඉඩ ප‍්‍රස්ථාවන් ගොඩනැංවීමට පියවර ගනිමින් සිටින බව යි. ඒ සඳහා නීල-හරිත අය වැයක් ලෙස සඳහන් කරමින් 2018 අය වැය ප‍්‍රකාශනය ඉදිරිපත් කළ ද එහි සැඟවුණු අරුත වන්නේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් මෙරට ජනතාවට අහිමි කරමින් විවෘත වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම ය.


ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සකස් කළ ප‍්‍රතිපත්ති ඔස්සේ වත්මන් ආණ්ඩුව ගමන් කිරීමෙන් මෙරට ජනාධිපතිවරණයේ දී ජනතාව සමඟ සම්මුති ගත වු ‘‘මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අරමුණුවලට ළඟා වීමට හෝ 2015 සැප්තැම්බර් 25 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගත් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කිරීමට හෝ අප රටට නොහැකි වනු ඇත. තිරසර සංවර්ධන ඉලක්ක 17 හි 2 වන ඉලක්කය වන සාගින්න දුරලා ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීම, පෝෂණය වැඩි දියුණු කිරීම සහ තිරසර කෘෂිකර්මයක් ප‍්‍රවර්ධනය කිරීමට මෙරට ඉඩම් විවෘත වෙළෙඳපොළට නතු කිරීම මගින් හැකියාව නොලැබේ. මෙම ඉලක්කවල විග‍්‍රහ කර ඇත්තේ 2030 වන විට ලෝකයේ සියලූ ගැහැනු හා පිරිමින්ට, විශේෂයෙන් දුප්පතුන් හා අවදානමට ලක් වී සිටින්නන්ට, ආර්ථික සම්පත්, අත්‍යවශ්‍ය සේවාවන්, ඉඩම්, අනෙකුත් දේපොළ හා ස්වාභාවික සම්පත් සඳහා ඇති අයිතිය, යෝග්‍ය තාක්‍ෂණය හා මූල්‍ය සේවාවන්ට ඇති අයිතිය තහවුරු කිරීම ලෝකයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ඇති මාර්ගය වන බව ය. නමුත් ලෝක බැංකුවේ නිර්දේශ වී ඇත්තේ දුප්පත්කම අඩු කිරීම සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කළ යුතු බව ය. ඒ මගින් රටේ ජනතාවට, විශේෂයෙන් සුළු පරිමාණ ගොවි ජනතාවට ඉඩමට ඇති අයිතිය අහිමි වීම පමණක් නොව ජල පෝෂක බිම්, ආපදා තත්ත්වයන් පාලනය කරන ස්වාභාවික සම්පත් ඇතුළු බොහොමයක් අහිමි වී යයි.


එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතුරින් 15 වන ඉලක්කය වන පරිසර පද්ධති සුරක්‍ෂිත කිරීම, ප‍්‍රතිසංස්ථාපනය කිරීම, දරාගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප‍්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර කළමනාකරණය සහ ඉඩම් හා ජෛව විවිධත්වය විනාශ වීම නැවැත්වීම වෙනුවට වත්මන් ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටින්නේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජනයන්ට නතු කරමින් රටේ ජනතාවට අහිමි කිරීමට ය.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ එක මාවතකත් ලෝක බැංකුවේ නිර්දේශ තව මාවතකත් ගමන් කරද්දී ආණ්ඩුවට සිදු වී ඇත්තේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් තිරසර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරන බව පෙන්වීමට 2017 අංක 19 දරන ශී‍්‍ර ලංකා තිරසර සංවර්ධන පනත සම්මත කිරීම පමණි. එමගින් කිසි`දු ආකාරයකින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගත නොහැකි වනු ඇත.


ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මෙරට ඉඩම් විවෘත වෙළෙදපොළට යොමු කිරීම තහවුරු කිරීමට 1972 අංක 1 දරන ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත වෙනුවට රාජ්‍ය ඉඩම් බැංකු පනත නමින් පනතක් ස්ථාපිත කර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින අක්කර 9,81,368 ක් වන සියලූ ඉඩම් විවෘත වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීමට සූදානම් වේ. මේ වන විට පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත අනුමැතිය ස`දහා ඉදිරිපත් කර ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් වැවිලි සමාගම් සතු ඉඩම් විවිධ සමාගම් වලට වැවිලි නොවන භාවිතාවන් සඳහා ලබා දීමට ද කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇත. මෙය කඩිනමින් පරාජය කළ යුතු ය. එසේ නොමැති වුවහොත් වතුකර ජනතාවගේ සිට මෙරට සුළු පරිමාණ ගොවියා දක්වා බොහෝ පිරිසකට භූමිය පමණක් නොව ජලය ඇතුළු පොදු භාවිත සම්පත් බොහොමයක් අහිමි වී යනු ඇත. මේ නිසා ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම ස`දහා ගෙන එන රාජ්‍ය ඉඩම් බැංකු පනත පරාජය කිරීම පමණක් නොව සමාජ ආරක්ෂණ අනපනත් සංශෝධනය කර ඉඩම් හා කෘෂිකාර්මික බිම් රටේ ජනතාවට අහිමි කිරීම වහා ම නතර කිරීමට පියවර ගත යුතු ය. ඒ ස`දහා සියලූම ජනතාවගේ දැනුම්වත්භාවය හා ඒකරාශී වීම අත්‍යවශ්‍යව ඇත.


 

සජීව චාමිකර


ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය