උතුරේ සිංහලයන්ට පදිංචිය තහනම් කරන කිසිදු යෝජනාවක් සම්මත වී නැහැ

උතුරේ සිංහල ජනතාව පදිංචි වීම තහනම් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇති බවට මාධ්‍ය වල පළවන පුවත සම්පූර්ණ අසත්‍යයක් වේ.

පසුගිය අගෝස්තු 30 වැනිදා පැවැති උතුරු පළාත් සභාවේ 130 වැනි සැසිවාරයේදී සභාපති සි.වී.කේ. සිවඥානම් විසින් උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාවට යෝජනා 3ක් ඉදිරිපත් කර ඇති බවත් මෙහි එක් යෝජනාවක් ලෙස  උතුරේ සිංහල ජනවාසකරණය වනා නැවැත්විය යුතු බව සඳහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.  

මෙවැනි කිසිදු යෝජනාවක් සම්මත වී නැති අතර  සී.වී.කේ.සිවඥානම් මහතාගේ අත්සනින්  2018.08. 30 වැනිදා සී.වී විග්නේශ්වරන් මහතා වෙත යොමුකළ අදාළ ලිපියේ සඳහන් වී තිබෙන්නේ නීතියට පටහැනිව උතුරු පළාත් සභාවේ සිදුකෙරෙන සිංහල ජනාවාසකරණය සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කළයුතු බවත්, මෙම ජනවාසකරණය පිලිබඳ තොරතුරු උතුරු පළාත් සභාවේ නිල ලේඛනයක් ලෙස පැවතිය යුතු බවත්ය.  

සම්මත වී ඇති  අදාළ යෝජනා

  1. විශේෂයෙන් උතුරු පළාතේ නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වන සිංහල ජනතාව පදිංචි කරවීම සහ මුලතිව් දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික් හතරේ සිංහල ජනතාව පදිංචි කර ගැනීමේ වැඩසටහන් පිළිබදව සොයාබැලීම සඳහා විශේෂඥයන්ගේ යුතු කමිටුවක් පත්කර ඒ ඔස්සේ එම පදිංචිකිරීම් ලේඛනගත කළ යුතුයි


 

  1. දෙමළ ජනතාව විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින මේ මොහොතේ, දෙමළ ජනතාවගේ පැවැත්ම ප්‍රශ්න කරන මේ පදිංචි කිරීම වහා නැවැත්විය යුතු බව රජයට අවධාරණය කිරීම


 

  1. මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් මායක්කල්ලි ප්‍රදේශයේ නිතී විරෝධී ලෙස සිදුවෙන පදිංචි කිරීම වහාම වැළැක්වීම සඳහා උතුරු පළාත් සභාවට සහාය වන සියලුම පළාත් සභා සාමාජිකයින් එම ස්ථානයට වාර්තා කර තම විරෝධය පළ කළ යුතුයි