උතුරේ සිංහලයින්ට පදිංචිය තහනම් කරන යෝජනාව ගැන පළවන කතා අසත්‍යයි

උතුරේ සිංහල ජනතාව පදිංචි වීම තහනම් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇති බවට මාධ්‍ය වල පළවන පුවත සම්පූර්ණ අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.  


ශ්‍රී ලංකා ගාර්ඩියන් ඊයේ (13) දිනයේදී අනාවරණය කළ පරිදි පසුගිය අගෝස්තු 30 වැනිදා පැවැති උතුරු පළාත් සභාවේ 130 වැනි සැසිවාරයේදී සිංහල ජනතාව උතුරේ පදිංචි කිරීම පිළිබඳ සොයාබැලීමට සුදුසුකම් ලත් බුද්ධිමතුන්ගෙන්  සමන්විත කමිටුවක් පත්කළ යුතු බවට යෝජනාවක් සම්මත වී ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත. මෙය නිල ලේඛනයක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ යෝජනාවක් පමණක් ඇතුළත් බව අදාළ යෝජනා වල සඳහන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 


මේ සම්බන්ධව  සී.වී.කේ.සිවඥානම් මහතාගේ අත්සනින්  2018.08. 30 වැනිදා සී.වී විග්නේශ්වරන් මහතා වෙත යොමුකළ ලිපියේ සිංහල පරිවර්තනය 


මේ සම්බන්ධව  සී.වී.කේ.සිවඥානම් මහතාගේ අත්සනින්  2018.08. 30 වැනිදා සී.වී විග්නේශ්වරන් මහතා වෙත යොමුකළ අදාළ ලිපිය පහතින් ඇත. 



 

 

 

 

 

 

 

 

සබැඳි පුවත් 

උතුරේ සිංහලයන්ට පදිංචිය තහනම් කරන කිසිදු යෝජනාවක් සම්මත වී නැහැ