සුනිලා අබේසේකර සමරුව හෙට පුංචි තියටර් හිදී
By
azad
•
September 03, 2018
•
විශේෂාංග
ශ්‍රී ලංකාව
සමරුව
සුනිලා
•
ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකරගේ ජීවිත ගුණ සමරුව හෙට (සැප්තැම්බර් 4) වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී
සවස 6.30 ට පැවැත්වීමට නියමිතය. කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය මගින් සංවිධානය කරනු ලබන මෙම සමරුවේ දී ස්වර්ණා මල්ලවාරච්චි, ශර්මන් ඩී රෝස් අදහස් දැක්වීමට නියමිතය. මානව හිමිකම් සහ ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් දශක කිහිපයක් පුරා ගෙන ගිය අරගල තුලින් ජාත්‍යන්තර කීර්තියට පත් වූ සුනිලා අබේසේකර 1999 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මානයෙන් පුද ලැබූ අතර 2013 සැප්තැම්බර් 9 වැනිදා දිවියෙන් සමුගත්තාය. 
සබැඳි පුවත් කළු ජූලියෙන් ඇති කළ කම්පනය 71 ටත් වඩා සැරයි - සුනිලා අබේසේකර මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක් - සුනිලා අබේසේකර
Post a Comment