පාප්තුමා මරණ දඬුවම ප්‍රතික්ෂේප කරයි

මරණ දඬුවම කිසිසේත්ම පිළිගත නොහැකි බව ෆ්‍රැන්සිස් පාප්තුමා පවසා ඇත. සියළුම තත්ත්වයන් යටතේ මරණ දඬුවමට විරුද්ධ වන බවත් මෙය පුද්ගලයෙකුගේ අභිමානයට හා පීඩාවට හේතුවන්නක් බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සමහර අවස්ථා වලදී පමණක් මරණ දඬුවම නියම කළ හැකි බව පල්ලියේ විශ්වාසය වී තිබු අතර පාප්තුමාගේ මෙම ප්‍රකාශයත් සමග පල්ලියේ පිළිගැනීම් ද වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවුවත්, පාප්තුමා පසුගිය ඔක්තෝබර් මසදී පවසා සිටියේ මරණ දඬුවම ගැන කතෝලික පල්ලිය දරන අදහස නවීන අදහස් සමග වෙනස්වීමට ඉඩ ඇති බවයි.

1992 ඔක්තෝබර් මසදී එවක පාප්ධූරය දැරූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ප්‍රකාශ කළේ, ‘‘ඇතැම් අපරාධ වල බරපතල බව සලකා සමස්ත සමාජයට යහපතක් කිරීමේ අරමුණ ඇතිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිගත හැකි බවයි‘‘

 

 

BBC ඇසුරිනි 

සටහන -  වින්ධ්‍යා ගම්ලත්