ඒඩ්ස් වළක්වාගැනීමට ඇමරිකානු රජය සක්‍රියව මැදිහත් නොවු අවස්ථාවක 1992 දී ඒඩ්ස් නිසා මියගිය පිරිස් වල අළු රැගත් මිනිසුන් ධවල මන්දිරය භූමියට පැමිණ ඊට එරෙහිව සිය හඬ අවදිකරන්නට උත්සුක වූහ. වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, කලාකරුවෙක් මෙන්ම සමාජ ක්‍රියාධරයකු වු ජේම්ස් වෙන්ට්සි මේ අවස්ථාව සිය කැමරා කාචයේ හසුකරගන්නට සමත්වූවේය. ධවල මන්දිරය වෙත පැමිණි දහස් ගණනක පිරිසක් ඒඩ්ස් නිසා මියගිය සිය ආදරණීයයන්ගේ අළු ධවල මන්දිර භූමිය මත හෙලන්නට වූහ.
ජේම්ස් ද 1992 දී සිට ඒඩ්ස් වලින් පීඩා විඳින්නට වු අතර සිය කලා හැකියාවන් තමන් වැනිම වූ ඒඩ්ස් වලින් පීඩා විඳින මිනිසුන් වෙනුවෙන් යොදාගැනීමට ඔහු තීරණය කළේය.
පහත දිගහැරෙන්නේ Ashes Action 92 නම් වූ අවස්ථාවේදී ජේම්ස්ගේ කැමරාවට හසුවූ සුවිශේෂී දර්ශන හා ඒඩ්ස් වලින් පීඩා විඳින්නෙකු ලෙස හා ඒ සම්බන්ධයෙන් හඬ නගන්නෙකු ලෙස ඔහු පළකරන අදහස්ය.
ඒඩ්ස් ගැන සිය හඬ අවදිකරන ජේම්ස් පවසන්නේ,
‘‘මම 85 දී ඒඩ්ස් උපකාරක ඇමතුම් සේවාවට කතා කරලා ඇහුවා මට ඒඩ්ස් වැළඳී තිබෙනවාදැයි දැනගන්න පරීක්ෂණයක් කරන්න ඕන ද කියලා. මට උත්තර දුන්නු ඔවුන් කිව්වේ ඔයා සමලිංගිකයෙක්, කලවම් කෙනෙක් කියලා. මේකේ ටෙස්ට් කරන්න තරම් දෙයක් නැහැ, අනිවාර්යයෙන්ම ඔයාට ඒඩ්ස් තියෙනවා කියලා හිතාගන්න කියලා. මේ කතාව ඇත්තටම නරක යෝජනාවක්නේ.
1985 කියන්නේ ඒ තරම් මත්ද්‍රව්‍ය තිබුණු කාලයකුත් නෙමේ. ඉතිං, මං මේ කතාව හිතට ගත්තා.
ඒත්, මං ඒඩ්ස් පරීක්ෂාවක් කරන්න ඕන ද කියලා 1990 දී කිසිකෙනෙක්ගෙන් අහන්න යන්නේ නැතුව ඒඩ්ස් පරීක්ෂාවක් කරගත්තා. මේ කාලේදී පරීක්ෂාවේ ප්‍රතිඵල එන්න සති දෙකක් විතර යනවා. ඉතිං, ඒ කාලේදී මට ඒඩ්ස් පොසිටිව් ද ? නැද්ද ? කියලා දෙගිඩියාවෙන් ඉන්න වෙනවා.
ඉතිං, අවසානේ උත්තරේ වුණේ ‘ඔව්‘ කියන එකයි.
බෘක්ලින් පාලම දිගේ ගිහිං ඔහේ කල්පනා කර කර ඉන්න ගමන් මං දැන් මොකද කරන්නේ කියලා හිතන්න ගත්තා. සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වුණු රොබට් ෆාර්බර් ඒඩ්ස් ශරීරගත වෙලා තියෙද්දිත් බොහෝ කල් ජීවත් වුණා.
ඉතිං, එක දවසක මාව මුණගැහුණු රොබට් කිව්වේ, ‘මං ඔයාව Act Up එකේ රැස්වීමකට එක්කරගෙන යන්න ඕන කියලා.‘
ඉතිං, අපි ඒකට ගියා. එතන මිනිස්සු 300 ක් විතර හිටියා. ඇත්තටම, මට ඒ වෙලාවේ ලොකු ශක්තියක් දැනුණා. Act Up එක කරන හැමදෙයක්ම වාර්තා සිනමාපටයකට නගන්න හැකි බව මට හිතුණා. ඉතිං
මං ඒ දේ කළා.‘‘
සම්පූර්ණ සංවාදය පහත වීඩියෝවෙන් නරඹන්න
NowThis ඇසුරිනි
සටහන - වින්ධ්‍යා ගම්ලත්
Home ශ්‍රී ලංකාව ඒඩ්ස් ගැන කියන ජේම්ස්
ඒඩ්ස් ගැන කියන ජේම්ස්
By azad • August 06, 2018 • Beyond The Line James Windya Gamlath ඇමෙරිකා එක්සත් ජනපදය ඒඩ්ස් විශේෂාංග ශ්‍රී ලංකාව • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment