ඕස්ට්‍රේලියාවේ නව අගමැති ලෙස ස්කොට් මොරිසන් තේරීපත්වී ඇත. ලිබරල් පක්ෂ නායකයන් මැල්කම් ටර්න්බුල්ට අකමැත්ත ප්‍රකාශ කරමින් ඔහුව බලයෙන් පහකිරීමත් සමගින් ස්කොට් ඕස්ට්‍රේලියාවේ 30 වන අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතය. ලිබරල් පක්ෂය තුළ ඡන්ද 45 න් 40 ක් ලබාගනිමින් ස්කොට් මොරිසන්ට අගමැතිධූරය හිමිවුණි.
නව අගමැති ලෙස තේරී පත්වීමත් සමග ස්කොට් ප්‍රකාශ කළේ, ‘අති විශිෂ්ඨ ජාතියක් නායකත්වය හෙබවීමට අවස්ථාව ලැබීම මා ලැබු සුවිශේෂී භාග්‍යයක් වෙනවා. මං ඕස්ට්‍රේලියාවට වගේම මේ ජනතාවටත් ආදරෙයි.‘ යන්නයි.
පක්ෂය තුළ ටර්න්බුල් නායකත්ව ඡන්දයක් ප්‍රකාශයට පත්කළ අතර එහිදී ජයග්‍රහණය කර ඇත්තේ ස්කොට් මොරිසන් ය. ටර්න්බුල්ගේ බලශක්ති පිළිවෙත හා ඔහුගේ මධ්‍යස්ථ මතය සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්වයක් ඇතිවු අතර ඉන්පසු පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර හෙබවූ ස්කොට්ට නව අගමැතිධූරය හිමිවිය
ස්කොට් මොරිසන් කියන්නේ කවුද ?
Tourism Australia හි හිටපු නිළධාරියකු වන 2007 වසරේදී පාර්ලිමේන්තුවේ සමාජිකයෙකු වූ අතර එකල සිට අමාත්‍යංශ තුනක ඇමතිධූරය හෙබවූවේය. ස්කොට් සිඩ්නි හි දී උපත ලැබු අතර නිව් සවුත් වේල්ස් හි ආර්ථික භූගෝල විද්‍යාව හැදෑරූ ඔහු සංචාරක ක්ෂේත්රයේ රැකියාවන්හි නිරතවූවේය. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ස්කොට් මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන්නේය. ටර්න්බුල්ගේ සමයේ සිදුවී සමලිංගික විවාහ නීතිගත කිරීමේ අවස්ථාවේදී ස්කොට් සිය විරෝධය
ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙස අවසන් වරට සිය ජනතාව ඇමතූ මැල්කම් ටර්න්බුල්
සමලිංගික විවාහ නීතිගත කිරීම මෙන්ම රට තුළ ඇතිකළ සංවර්ධන කටයුතු ගැන මැල්කම් සිය අවසන් කතාවේදී සිහිපත් කර සිටියේය.
නව අගමැතිධූරයට පත් ස්කොට් මොරිසන් ජනතාව අමතමින්
ස්කොට් සිය කතාව අතරතුරදී පවසන්නේ, ‘ලිබරල් පක්ෂයේ නව නායකත්වය ජනතාව වන ඔබ සමගයි‘ යන්නයි.
ABC News හා BBC ඇසුරිනි
සටහන - වින්ධ්‍යා ගම්ලත්
Home ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ නව අගමැති ස්කොට් මොරිසන්
ඕස්ට්‍රේලියාවේ නව අගමැති ස්කොට් මොරිසන්
By azad • August 24, 2018 • Australia Beyond The Line pm scott Windya Gamlath අගමැති ජගත් දේශපාලනය සහ ලෝකය විශේෂාංග ශ්‍රී ලංකාව • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment