| හර්ෂි සි. පෙරේරා
අපි ජීවත්වන්නේ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේය. ඒ අපගේ සියලු චර්යා පාලනය කරනු ලබන රීතින් පද්දතියකට යටත්වය. එනම් නීතියට යටත්වය. එහිලා උත්තරීතර නිතිය වූ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වේ. අපි සියල්ලෝ හිටපු ජනපති මහින්ද, දැන් ජනපති මෛත්‍රී, කේ පි, ඇතුළු අය ඊට යටත්ය.
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්චේදයේ මුලික අයිතිවාසිකම් සහතික කර තිබේ. එහි 10 වන වගන්තිය මගින් සිතීමේ හෘදයසාක්ෂියේ සහ ආගමික නිදහස සහතික කර ඇත. ආගමික නිදහස යනු ඕනෑම ආගමක් ඇදහීමේ මෙන්ම අදහන්නේ නැතිව සිටීමේ අයිතියද වේ. මම බෞද්ධ වුයේ ඒ බව කුඩා කල සිට දෙමාපියන් එසේ බව කියූ නිසාය. බොහෝ දෙනෙකුගේ තත්වයද එසේය. එය සමාජය තීරණය කරන අතර ස්වාධීනව තෝරා ගැනීමක් සිදු නොවේ.
PK හින්දි චිත්‍රපටිය ඉතා අගනේය. එහි අමීර් ඛාන් ඉතා විශිෂ්ට රංගනයක නිරත වේ. සියලු ආගම් හාස්‍යට හා උපහාසයට ලක් වේ. එක් අවස්ථාවක PK ලෙස රංගනයේ යෙදෙන අමීර් ඛාන් කෝවිලට යන්නේ සෙරප්පු දෙක ගේට්ටුවට තබා ඉබි යතුරු දමමිනි.
හිටපු ජනපති මහින්ද සමයේ සැම පෝය දිනකම අරලිය ගහ මන්දිරයේ ධර්ම දේශනාවක් පැවැත්විණි. නමුත් කොටි ත්රස්තයකු වූ KP ඇතුළු මිනීමරුවන් රැසක් සහ දුෂිතයින් සිටියේ ඔහුගේ තුරුලේය. ඡන්ද සමයේ මහින්දට කඩේ ගිය බොහෝ පන්සල් වල නායක හිමිවරුන්ගේ භූමිකාවද PK නරඹන විට සිහිපත් වේ.
මෛත්‍රී පාලනයට තවම දින 12 කි. නව ජනපති නිරතුරුව සිය කතා බහේදී නහි වේරේන වේරානි මෙන්ම තෙරුවන් සරණයි, ආදිය යොදා ගනු ලබයි. අපට අවශ්‍ය වන්නේ වයිරයෙන් තොර මෛත්‍රී පාලනයක් නොව යහපාලනය සහතික කළා වූ මෛත්‍රී පාලනයකි. එහිදී KP ට දඩුවම් කළ යුතුය.