හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වාසය කල කොළඹ ස්ටෑන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි අධි ශ්‍රේණියේ නිල නිවස හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා වෙත ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇතැයි වාර්තාවේ.
එසේම හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ආරක්ෂක ලේකම්වරයාට උපරිම ආරක්ෂාවක් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇත.
කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පෙරේදා (14දා) රාත්‍රියේ හිටපු ජනපති සහ නව ජනාධිපති අතර පැවති විශේෂ සාකච්ඡාවේදී අදාළ එකඟතාවට එළැඹ ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මෙන්ම නව රජයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ටද කිසිදු හිංසනයක් නොවිය යුතු බවට එකඟතාවක් ඇතිවී තිබේ.
කෙසේවුවද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය අවස්ථාවේදී ජනාධිපති රාජපක්ෂ මහතා ඇයගෙන් දිගින් දිගටම පළිගත් අතරම, ඇය වෙත ලබා දුන්නේ දෙවන පෙළ පන්තියේ නිල නිවසකි.