ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නිල වශයෙන් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග වලට අනුව, කථානායක නිල නිවසේ ඊයේ රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම එකඟතාව පළ කොට ඇත. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි කටයුතු සඳහා පූර්ණ සහාය ලබාදීමට ද මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාවේ රැස්වීමක් ද අද පස්වරුවේ පැවැත්විය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපති ධුරය පිරිනැමීමට අදාළ යෝජනාව එහිදී සම්මත කරගත් බව සඳහන් වේ. කෙසේවෙතත් ඉකුත් ඉරිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ එහි මධ්‍යම කාරක සභා සාමාජිකයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදෙන බව ප්‍රකාශ කළහ.
එහිදී හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගැනීමට බහුතර කැමැත්ත හිමි වූ බවයි.
මේ අතර, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හිටපු ජනපතිතුමන්ගේ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයේ සම්පුරණ වගකීම තමන් සතු බව ද ඔහු ප්‍රකාශ කර ඇත.