නිසල කරුණාරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුව තිබූ ඌව පළාත් සභාවේ බලය ගිලිහී යමින් එ.ජා.ප.යේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54ඊ - 4 වගන්තිය යටතේ නීති විරෝධී බව පවසමින් එයට විරෝධය දැක්වීම සඳහා ඌව පළාත් සභාවේ විදුලි බල හා බල ශක්ති පේෂ කර්මාන්ත සහ සමුපකාර අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු ඌව පළාත් සභා මන්ත්‍රී එම්.පී.ලීලසේන හා මීගහකිවුල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංගන මධුමාල් යන මහත්වරු (16දා) බදුල්ල ප්‍රධාන බස් නැවතුම අසල ප්‍රධාන මාර්ගයේ බිම වාඩිවී සිය විරෝධය දැක්වූහ.
මෙම විරෝධය දැක්වීමේ අවස්ථාවට බදුල්ල මහ නගර සභාවේ උප නගරාධිපති නාලක නිශාන්ත විජේරත්න, මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත දිසානායක ඇතුළු ප්‍රදේශයේ එ.ජ.නි.සන්ධාන ආධාරකරුවෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.
ඌව පළාත් අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැයක පමණ කාලයක් මෙම විරෝධයේ යෙදී සිටි අතර පසුව ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා සමග සංදේශයක් බාරදීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පා ගමනින් පැමිණියත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා එම සංදේශය බාර නොගැනීම නිසා එය මේසය මත තබා ආපසු පැමිණියේය.