“වියරුවට එරෙහිව වීදියේ විරෝධය‘ සංවිධානය විසින් දෙසැ. 21 උදෑසන හම්බන්තොට බස් නැවතුම්පොල අසල දී ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමක් හා වීදි නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට උත්සහ දැරීය. පිරිස නාට්‍ය සංදර්ශනය ඇරඹීමට සුදානම් වන අවස්ථාවේ දී පැමිණි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුඵ කණ්ඩායමක් ප්‍රවීන කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුඵ කණ්ඩායමට පහරදී ඇත. ප්‍රහාරයෙන් හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායකවරයා ඇතුඵ හය දෙනෙකු ද තුවාල ලබා ඇත.
විදියේ විරෝධය සංවිධානය කළ බි්රටෝ ප්‍රනාන්දු මහාතා පවසන්නේ තමන්ට මරණ තර්ජන කළ නගරාධිපති එරාජ් ඇතුඵ කණ්ඩායම අත ගිණි අවි තිබූ බවයි. ප්‍රහාරයෙන් රූපවාහිනි මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා ඇත. ‘‘අපි පසුගිය දින දෙක තුළ ගාල්ල මාතර ප්‍රදේශවල මෙම ප්රචාරක කටයුතු සිදුකලා. හම්බන්තොටට පැමිණියේ ඉන් පසුවයි. මානව ක්‍රියාකාරීන් පිරිසක් සහ හම්බන්තොට නගර සභා විපක්ෂ නායක ඇතුලූ පිරිසක් මෙය සංවිධානය කර තිබුණා. හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් මහතා විපක්ෂ නායක අයුබ් ඛාන් මහතාට මරණ තර්ජණය කළා. ඒ අවස්ථාවේ ගායක ජයතිලකත් සිටියා. ඔහුට පහර දී මහ මාර්ගයේ ඇදගෙන ගියා. එරාජ් අතේ පිස්තෝලයක් තිබුනා. ඔහු දිගටම මාව හෙව්වා. ඔහු සමග සිටි පිරිස අතේ යකඩ පොලූ සහ පිහි තිබුණා.’’
උතුරු මැද ප්‍රධාන ඇමතිගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් පොලිසිය බයයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නීති විරෝධී ප්රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට මැතිවරණ නිරීක්ෂකයින් විසින් දැඩි බලපෑමක් එල්ල කොට තිබේ. ඒ අනුව පොලීසිය නීති විරෝධී ප්රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීම සති අන්තයේ දී ආරම්භ කළේය. එප්පාවල දී විදී නාට්‍ය කණ්ඩායමට පහරදුන් බවට චෝදනා එල්ල වූ අයෙකු වන උදිත නිශාන්ත නැමැත්තාට අයත් එප්පාවල 16 කණුව නිවස ඉදිරිපිට ඇති දැවැන්ත පුවරුක්මේ වනතෙක් ඉවත් කර නොමැත.(මේ සමඟ එම ඡායාරූපය අමුණා ඇත) උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන උදිත නිශාන්ත ගේ නිවස අසල ඇති කටවුට් එක ඉවත් නොකිරීම තුළින් නීති විරෝධී ප්රචාරක කටයුතු මත දේශපාලන බලය යොදවා ඇති ආකාරය සහ ඒවා ඉවත් කිරීමට පොලිසියේ ඇති බිය තහවුරු වේ.
පෙරටුගාමීන්ට වැල්ලම්පිටියේදී ප්‍රහාරයක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ගේ අධාරකරුවන් පිරිසකට දෙසැ. 19 දින වැල්ලම්පිටිය මානිකමුල්ල පල්ලිය අසලදී ප්‍රහාරයක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් ත්‍රී රෝද රථයකට හානී සිදුව ඇති අතර, තුවාල ලැබූ අයෙකු හිඹුටාන රෝහලට ඇතුළත් කර ඇත. පහරකෑමට ලක්වු පිරිස පැමිණි ත්‍රිරෝද රියකට ද අලාභ හානි සිදුවී තිබේ.
ප්‍රහාරය සිදු කොට ඇත්තේ “මෛත්‍රී පාලනයක්” යනුවෙන් දැක්වෙන ස්ටිකර් අලවගත් වාහනයකින් පැමිණි පිරිසක් බව පැමිණිල්ලේ සදහන් වේ.
මෛත්‍රී ගේ කොළොන්නාව පෝස්ටර් කණ්ඩායම කඩුවලින් කපයි.
දෙසැ. 24 දින වැල්ලම්පිටියේ දී පැවැත්වීමට නියමිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීමක් සදහා පොස්ටර් අලවමින් සිටි පිරිසකට කොටිකාවත්ත හන්දියේ දී සුදු වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පහරදී ඇත. දෙස. 21 දින අලුයම 1.30 ට පමණ ප්‍රහාරය සිදු ව ඇති අතර පැමිණි පිරිස අත ගිණි අවි සහ පොලු තිබූ බව ප්‍රහාරය ලක් වූ පිරිස පවසයි. කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදු වූ කැපුම් තුවාල සහිතව ප්‍රහාරය ලක් වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහළේ ප්රචිකාර ලබයි.
ඡන්ද අයිතිය ඉල්ලු කෙවිලියාමඩු ජනතාවට පහරදීම කැෆේ හෙළා දකියි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචි කළ සිංහල ජාතික පවුල් ගණනාවක් කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත් වෙති. මේ පිරිසට ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවී ඇත්තේ නියමිත පරිදි ඡන්දහිමි නාම ලේඛණයට නම ඇතුලත් කිරීමට නොහැකි වී ඇති බැවිනි. මෙම පිරිස මඩකලපුව මංගලාරාමයට පැමිණ සාමකාමී උද්ඝෝෂණයකට එක් වූ අතර පොලීසිය විසින් ඔවුනට ඇදුම් ගළවා නිරුවත් කොට පහර දී ඇත. පහර කෑමට ලක් වූ පිරිස අතර ගැබිණි කාන්තාවක ද වෙති.
ඡන්දය අයිතිය ලබා දෙන ලෙස උද්ඝෝෂණයක් පැවත්වූ නමුත් මැතිවරණ නීතිය අනුව මේ පිරිසට ඡන්ද අයිතිය ලබාදීමට හැකියාවක් නොමැත. නමුත් සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීම මානව අයිතියක් බැවින් එයට අමානුෂිය ලෙස පහරදීම කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී.
දෙසැ. 22 දින දහවල් 12 වනවිට කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 445කි. එයින් 42 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 403 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.