මානවඩු අයියා මලෝ ඝාතනය

| හර්ෂි සි. පෙරේරා 

මේ සිද්ධිය මිට වසර 23 කට පමණ පෙර සිදුවුවකි. කුමාර ලාල් මානවඩු සහ කරුණාපාල මානවඩු ගාල්ල බුස්සේ පදිංචිව සිටි දෙසොහොයුරන්ය. දෙදෙනාම එවකට ජනතා විමුක්ති පෙරමුණේ පුර්නකලිනයන්ය. මිය යනවිට කුමාර ලාල්ට අවුරුදු 29කි. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. අවිවාහකය.

ඔහු මිය ගියේ 1991 ජනවාරි 17 මැගසින් බන්දනාගාරයේදීය. ඒ පිහියෙන් ඇනීම සහ මොට ආයුද වලින් පහරදීම නිසාය. මේ අපරාධය කලේ බන්දනාගාර නිලදාරීන් විසිනි.

ඒ 88/89 බිෂන යුගයයි. මැගසින් බන්දනාගාරය වක්‍රව පාලනය වූ ජිවිපේ දේශපාලන සිරකරුවන් මගිනි. නමුත් ජෙවිපේ නායක රෝහණ විජේවීර ඝාතනය වීමත් සමග රටේ තත්වය මෙන්ම මැගසින් බන්දනාගාරයේ පරිපාලනයත් වෙනස් විය. එහි පාලනය නිලදාරීන් අතට පත් විය. බන්දනාගාර නිළදාරින් පලිගැනීම ආරම්බ කළහ.

දිනක් සිරකරුවන් අදාල වාට්ටුවෙන් එලියට ගත්තේ ඔවුනට පහර දෙමිනි. පසුව තෝරා ගත් සිරකරුවන් බන්දනාගාර බුමියේ වූ රේල් පිලි මත දිගා කර ඔවුන්ට යකඩ පොලු වලින් පහර දෙන ලදී. බොහෝ දෙනෙකු අත් සහ කකුල් කැඩිනි. කුමාර ලාල් ඔහුට බන්දනාගාර නිලදාරීන් විසින් අමානුෂික ලෙස පහරදීමේදී කැගසුවේ නැත. හඩා වැටුනේ නැත. අබිතව මරණයට මුහුණ දුන්නේය.

කුමාර ලාල්ගේ සොහොයුරා කරුණාපාල මානවඩුව පොලිසිය විසින් ඝාතනය කරනු ලැබිය. ඒ 1989 පෙබරවාරි 16 වැනිදාය. ඒ ජෙවිපේ දේශපාලන ක්‍රියාකාරකමකට අනුරාධපුරය බලා යමින් සිටියදීය. එවකට කරුණාපාල විවාහක තිදරු පියෙකු විය.

මේ අපේ ලෙයින් නැහැවුණු ඉතිහාසයයි. මේ ඉතිහාසය අමතක නොකළ යුතුය. මක්නිසාද මෙවන් අවාසනාවන්ත සිදුවීම් නැවත ඇතිවීම වලක්වා ගතයුතු බැවිනි.