ආණ්ඩුව ණය උගුලක හිරවෙලා !

2013 වර්ෂයේ රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් කෝටි එක්ලක්ෂ පහලොස්දහස් තුන්සිය තිහක් (රු .කෝටි 115,330) වනවිට ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි එක්ලක්ෂ දාසයදහස් දෙසිය අනූවක් (රු .කෝටි 116,290) වැයවී තිබේ.

මේ අනුව රජයේ මුළු ආදායම් සහ ප්‍රදානවල වටිනාකමට අමතරව ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි නවසිය හැටක (රු .කෝටි 960) ඌණතාවයක් ඇති වී තිබේ.

මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව බරපතල ණය උගුලක හිරවී තිබෙන බවය.

මෙයින් පොලී ගෙවීමට රුපියල් කෝටි හතලිස් හයදහස් දෙසිය අනූවක්ද (රු .කෝටි 46,290) ණය වාරික ගෙවීම සඳහා රුපියල් කෝටි හැත්තෑ දාහක්ද (රු .කෝටි 70,000) වැය වී තිබේ.