පිල්ලේගේ විශේෂඥයින් වැඩට බසිති

ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති කාලය තුළ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා බැලීමට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය විසින් 12 දෙනෙකු ඇතුළත් වන පරීක්ෂණ මණ්ඩලය සඳහා විශේෂඥයින් තිදෙනා අද (25) පත් කර තිබේ.

නොබෙල් ත්‍යාගලාභී පින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි ආටිසාරි, නවසීලන්තයේ හිටපු මහාධිකරණ විනිසුරු සිල්වියා කාර්ට්රයිට්  සහ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හිටපු සභාපති අස්මා ජහන්ගි එම පරීක්ෂණ මණ්ඩලයේ විශේෂඥයින් තිදෙනා වේ.