| නිලන්ත ඉලංගමුව
සංවාදය සංයමයෙන් සහ
පරෙස්සමින් කළයුතු හැදෑරීමක් බව මා හිතවත් මිත්‍ර සුනන්ද දේශප්‍රිය මහතා විසින්
රචනා කොට ඇත. සංයමය වූ කලී වචන වලින් හෝ ඉලක්කම් වලින් සිදුකරණ බොරු රඟපෑමක්
නොවේ. සංයමය සඳහා පළමුව අවශ්‍ය වන්නේ බොරු
නොකීමය. දෙවනුව වර්තමානය කියවීමය. එය ඉතිහාසය සමඟ බද්ධ කිරීම වැදගත් වන්නේ එය
යළිත් සිදුවන බව කීමට නොව අවුල පැහැදිලි කරගැනීම සඳහාය. මේ මූලික ගතිවලින් ඉවත් වී
බොරුවක් ගොතා ඊට සාදාරනීකරණය ලබා දීමට
සුමිහිරි වචන භාවිතා කිරීම සංයමය නොවන බව මතක තබාගත යුතුය. මතක තබා ගත යුතු
අනෙක් වැදගත්ම කාරණය වන්නේ අපට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ අර්ථය බයාදු කළ,
නියම අර්ථය
විකෘති කරනු ලැබූ බාසාවක් සමඟ බවයි. චම්පිකගේ ඇතැම් ලේඛණවලින්ද ඉන් පසු සර්ව
සම්පූර්ණයෙන් රාජපක්ෂගේ බල යාන්ත්‍රනය විසින්ද බාසාවේ නියම අර්ථය අප්‍රසන්න ලෙස
විකෘති කරනු ලැබීය. බොහොමයක් කූඨ-උපායන්
භාවිතා කරමින් බාසාවට හිමි හරය විනාශ කොට තම ප්‍රෝඩාව වසා ගැනීමට උත්සහ කළේය.
මෙවැනි දෑ මාඕ යටතේ මෙන්ම ස්ටාලින් යටතේ
සිදු වූ මොළ ශෝධයන් වලට මාර්ගය පෑදු මුල් ප්‍රභවයන්ය. මේ නිසා රාජපක්ෂ ගැන හෝ ඊට
සම්බන්ධ අයවලුන් ගැන කතා කිරීමට පැරණි ලෝකය විසින් අපට ලබා දුන් සංයමයට අදාළ
කොන්දේසී වලංගුද නැද්ද යන්න ඒවා එලෙසම අනුගමනය කළ යුතුද නොවේද යන්න, ඔබ විසින් ඔඅමබ
තේරුම් ගත යුතු මුලික ගැටලුවකි. එය ඔබේ නිදහස සහ අයිතිය ලෙස පිළිගෙන කටයුතු කළ
හැකිය.
සුනන්ද තම ඇඟ බේරාගෙන අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය
ලෙස ලියමින් පැරණි රාමුවෙන් ඉවත් වීමට උත්සහ දැරීම කෙසේ වෙතත්, දේශපාලනය සහ
අදේශපාලනය අතර ඇති සහ සම්බන්ධය තේරුම් ගැනීමට උත්සහ කිරීම උපායශීලීය. මැතිවරණයේදී
විමල්ගේ කටත් ආණ්ඩුකරණයේදී චම්පිකගේ මොළයත් රාජපක්ෂ භාවිත කළ බව ඔහු තේරුම් ගෙන
ඇත. ඊට අමතරව ඔහු සඳහන් කරන්නේ චම්පික චරිතයක් ලෙස ගොඩ නැගුණු ආකාරය සහ ඔහුගේ තටු
කැපීම සම්බන්ධයෙන් වූ කතාවකි. එසේම චම්පික
විසින් රචිත කොටි විනි විදීම උපුටා දක්වමින් චම්පික පෙනී සිටින ස්ථීර මතවාදයට පදනමක් ඇති බවට වූ විස්වාශයක් ගොඩ නගනු ලබයි. කදිමය.
චමිපික, පාඨලී චම්පික
රණවක බවට යළිත් පත් කිරීමට උත්සහ කරනු ලබයි. නමුත් මගේ අදහස නම් වර්තමානයේ චම්පික
වූ කලී පාඨලීගෙන් වෙන් වූ චම්පිකය, චම්පිකගෙන් වෙන් වූ රණවකය. චම්පික, පුරාවිද්‍යා චක්‍රවර්තී
හිමිනම මාර්ගයෙන් රචනා කරගත් තමන්ගේ චරිත
සහතිකයේ ප්‍රසිද්ධ කොට ඇති පෙරවදන මඟින් ඔහු බුදුවරුන්ට සෙවන දුන් ( ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරුන්ට)
ගස් වල නම් වල අර්ථය තමන්ගේ නමට දී ඇති බව ප්‍රකාශ කොට ඇත්තේ ගෞතම බුදුන්ගේ ලේ
ඥාතියෙක් වන බව කීම ඉතාම බරපතල වීරියකින්
නවතා ගනිමිනි. ඔහුගේ සෑම රචනාවක්ම අනෙකා මුලාවට පත් කොට තම වීරත්වය පෙන්වීම සඳහා
රචනා කළ දෑ වේ.
මෙම විවාදයට මූලික වූ
අදහස් වලට මුල් පදනම වන්නේද මෙයයි. ඔහු සිදු කළ න්‍යායික ප්‍රෝඩාව රටේ තිබූ තත්වය
සමඟ කදිමට ගැලපුණි. “සිංහල-බෞද්ධ ජාතිකවාදය” නමැති න්‍යාය චම්පික වැනි න්‍යායික කොල්ලකරුවෙකුට ( ඉඩියෝලිජී හයිජැකර්) පැහැරගැනීමට
හැකි වූයේ ඒ නිසාය. මෙහි ඛේදවාචකයනම් ඔහු කොල්ලකනු ලැබුවේ න්‍යාය හරි හැටි නොදැන
සහ අසම්පූර්ණ න්‍යායකි. එය දැන සිටියේනම් හෝ සම්පූර්ණයෙන් සොරකම් කළේ නම් ඔහුට
දෙමළ සහ මුස්ලිම් මෙන්ම ඇතැම් සිංහල ජනතාව ගැන වෛරයකින් පසු වීමට සිදුනොවනවා පමණක් නොව සමාජ ක්‍රමයේ සහ පාලන තන්ත්‍රයේ ඇති
බරපතල අවුල ගැන ඔහුගේ මතවාදය පුළුල් එකක් වනු ඇත. චම්පික කරනු ලැබුවේ, න්‍යාය නමැති
කාන්තාව මරා ඇය තම රචනා වලට භාවිතා කළ
කටුසටහන් සොරකම් කර එය කියවීමෙන් සම්පූර්ණ න්‍යායේ උරුමක්කාරයා සහ
කතුවරයා වීමට උත්සහ කිරීමකි. මෙය වෛද්‍යවරයෙක්,
රෝගියෙකුට සිදුකළ
යුතුව තිබු වැදගත් සැත්කමක් භාගෙට කොට වසා දැමීමකි. මෙමඟින් ඇතුළත ව්‍යුහය තවත්
කුණුකරනු ලැබීය. එහි ගඳ ඉවසිය නොහැකි තැන සහ ඔහු විසින් ඔහුව ප්‍රශ්න කරණ විට, රාජපක්ෂ කෙරෙහි බොරු විරෝධයක් පාන්නේ තම යටගියාවේ අවුලට මානසික සහනයක් ලබා
දීමටය.
ඔහු සිදු කළ, සොරකමේ එකම
බලාපොරොත්තුව තම බුද්ධිමය ස්වයං-වින්දනයට (ඉන්ටලේක්චුවල් මාස්ටර්බේඩීන්) ඇති අවකාශය පුළුල් කරගැනීමය. මේ නිසා ඔහුට එම
අවකාශය තුළ වීරයෙක් විය හැකිය. එය කොටි සංවිධානය සිටින තාක්දුරට නිශ්චිත අවකාශයක්
ලබා දුන්නේය. නමුත් එය නැති තැන ඊට පැවැත්ම පිළිබඳ අර්බුදයක් පැන නැග්ගේය. මේ නිසා “යළි පුබුදමු ලංකා”
පෙරට දමමින්
පැරණි පාඨලී වීමට ඔහු යළිත් උත්සහ දරන්නේය.
මෙය තවදුරත් සිංහල
ජාතිකවාදී තලය තුළ ස්ථීර දෙයක් නොව තවත්
එක් දෙයක් පමණි. මේ නිසා මොවුන් එලියට පැමිණ කෑ කෝ ගැසීමෙන් තම ප්‍රතිරූපයට
හානී වී යැයි මහින්ද සිතන බව ප්‍රකාශ
කිරීම ප්‍රහසනයකි. එකක් මහින්ද සිංහල ජාතිකවාදී භූමිකාව හමුවේ තම ප්‍රතිරූපය සොයන
චරිතයක් නොවන අතර අනෙක ඔහුට තම ප්‍රතිරූපය රැකගැනීම සඳහා වත්මන් තත්වය හමුවේ
චම්පික රැකගත යුතු යැයි සිතීමේ විකාරයකින් පෙළෙන්නෙක් නොවේ. ඔහුගේ විකාරය වෙන එකකි.
එය එනම් වෙන එක, ඉන්දීය සහ චීන ඔත්තු සේවා
පමණක් නොව ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවයද හොඳ හැටි නිරීකෂණය කොට ඇති බවට සැක නැත.
ඔහුගේ සැබෑ විකාරය කුමක්ද යන්න ඉදිරියේදී සාමාන්‍ය දේශපාලන තලය හමුවේ දැකබලා ගත
හැකිය.
කොටි විනිවිදීම පමණක් නොව,
අල් ජිහාඩ්
අල්කයිදා ( මෙය අන්තරජාලයේ සෙවුම් පද්ධති
වල භාග්‍යයෙන් භාගත් ලිපි ගොන්නක්
මාර්ගයෙන් කළ පරිවර්තනයක් සමඟ ලංකාවේ තත්වය කිරා මැනීමට උත්සහ කිරීමකි .) ,
ජාතික සැලැස්ම,
නැගෙනහිර සිංහල
උරුමය මෙන්ම පටිසෝදගාමිව තිස් වසක් සහ මෑතකදී ඔහු රචනා කරනු ලැබූ ඒහි පස්සිකෝ ආදී
සියලුම රචනා වල ඔහුට මුලික සතුරෙක් සිටින්නේය.
ඒ ඔහුගේ වචන වලින් කිවහොත්, “දෙමළාය.” නමුත්, ඔහු එම සතුරාට එරෙහි වීම සඳහා
භාවිත කරන තර්ක සහ හේතූ පසුව ඔහු ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන අවදියේදී ඔහුට මුහුණ
දීමට සිදුවන කටුක යථාර්තය වේ. තම හැදෑරීම අවංක බාවයෙන් කළ එකක්නම් පැකර්ගේ කැසිනෝව
එනතෙක් බෙරිහන් දීම සඳහා බලා සිටින්නේ
නැත. ඔහු රාජපක්ෂ ප්‍රභාකරන් කෙනෙකු මෙන් හැසිරෙන අවධියේදීම ඊට විවිරෝධය පල
කරනු ඇත. නමුත් කිසිවක් නොකොට රට අයාලේ යෑමට තල්ලු කොට “ සිංහල ජාතික වාදය”, ගූඪ සිංහල-හින්දු
අන්තවාදී බමුණෙකුගේ ඔහුගේ පවුලේ මෙවලමක් බවට පත්කොට විනාශ කිරීමට උල්පන්දම්
දුන්නේය. ඉන් නොනැවතුණු ඔහු රිලවුන්
තිදෙනාගේ තනි චරිතය රඟපාන්නකු සේ රටේ ව්‍යවස්ථාවට 18 වන සංශෝධනය අමුණා සම්මත
කර ගන්නා විටද නිහඬව බලා සිටියේය.
“ මේ රටේ ඉතිහාසය ගොඩනැගූයේ
සිංහලයින් විසිනි. එය රාවණාගේ සිට විජයටත්, දේවානම්පියතිස්සගේ සිට
දුටු ගැමුණුටත්, විජයබාහුගේ සිට පරාක්‍රම බාහුටටත්, කැප්පටිපොලගේ සිට
ධර්මපාලටත් වෙන් කළ නොහැකි ඉතිහාසයකි........ එය අනුන්ගේ දේශයක බිම් අඟලක්වත් ආක්‍රමණය
නොකළද තමන්ගේ දේශයේ වැලිකැටයක් පවා අනුන්ට පාවාදීමට එරෙහි වූ ආනුභාව සම්පන්න
වීරයින්ගේ ඉතිහාසයකි,” ( කොටි විනි විදීම - පිටුව 105) ඔහු දකින ගැටලුවේ මුලික ස්වඅවබෝධයට යන චම්පික,
කොටි සංවිධානය
නමැති සංකීර්ණය ඉවත්කළ විගස රාජපක්ෂ හමුවේ පාවාදුන්නා පමණක් නොව ඒ සියල්ල රාජපක්ෂ
වඩාත් නීච ලෙස ඔහුගේ පෞද්ගලික සුඛ ව්‍යහරණය සඳහා පාවිච්චි කරන තෙක් බක තපස්
රැක්කේය. උග්‍ර අන්තවාදී අභිලාශයන් අරමුණු කරගනිමින් ඔහු පටිසෝදගාමිව තිස් වසරක්
ගත කිරීමේදී ඇතිවන අවුල මෙය විය හැකිය.
මෙම අවුල තවත් තියුණු
කරමින් හෙතම කොටි සංවිධානය අතුගා දමා වසර දෙකක් ඉකුත් වූ පසු කොණ්ඩය භූ ගා මහා
බෞද්ධයෙකු වීමට යන්ත දැරූ නාඩගම පිළිබඳව ලිවීමේදී යළිත් අලුත් කරනු ලබන්නේ ඊට
ශන්මුගනාදන් විසින් රචිත පශ්චාත්තාප නොවූ
කොමියුනිස්ට්වාදීයා නමැති කෘතිය උපුටා දක්වමිනි. එහිදී චම්පික, බෞද්ධයෙකු ලෙස
භාවනාකරමින්, තම දෙමළ විරෝධය සියුම්ව ගෙන හැර පාමින් තමන්ට ඕනෑම ආකාරයකට ශරීරය හසුරවමින්
ශරීරකෘත්‍ය කළ හැකි බව ( කක්කා දැමිය හැකි
බව ) කියවන්නේ ශාන්මුගනාදන් සිරගත කොට
සිටින අවස්ථාවේදී එයද හරියට නොකළ බව කියමිනි ( ඒහී පස්සිකෝ පිටුව - 23 ). තමන් පාරමී පුරණ
බව දේශපාලනික වශයෙන් විකුණමින් තම මුල් කුණුකන්දල් එලෙසම ගෙන එමින් ඉන් තමන්ද තමන්
අවට සිටි අයවලුන්ද අන්තවාදය වෙතට තල්ලු කිරීම හැර රටේ පවතින නියම ගැටලුව විසඳීමේ
වුවමනාවක් චම්පිකට නැත. මන්ද එය විසඳුන තැන ඔහුට පැවැත්මක් නැති හෙයිනි.
රාජපක්ෂ ඔහු විසින්
තෝරාගත් සෑම දෙනාගේම කට, මොළය පමණක් නොව ඒ ඒ පුද්ගලයාට ආවේණික වූ විශේෂ අවයවය භාවිතා කිරීමට කිසිඳු
මොහොතක අමතක නොකළ කාරණයක් බව මතක් කළ
යුතුය. රාජපක්ෂගේ තක්සේරුව මත, අනෙකාට වටිනාකමක් ලබා දීම ඔහු හෝ ඇය විෂයක් ලෙස භාවිතයට ගැනීමෙහි දක්ෂයෙක්
බව ඔහු පෙන්නුවේය. මේ නිසා සිංහල බෞද්ධ ජාතිකවාදය යැයි සඳහන් කරන මතවාදය වෙනස්
කිරීම සඳහා ඔහු මේ වන විටත් විකල්ප නිර්මාණය කොට අවසන්ය. මේ නිසා මීළඟ මාස කිහිපය
තුළ දේශපාලනය තුළ අතිශය වැදගත් වෙනස්කම් සිදුවිය හැක්කේ මෙම මතුපිටින් පෙනන
භූමිකාව තුළ නොවේ. එය සිදුවන්නේ වෙනම තලයක සහ වෙනම ස්වාභාවයකින්ය.
මා විසින් ඉදිරිපත් කළ
මුල් ලිපි තුන විශේෂයෙන් ආසන්නතම ලිපි දෙක මඟින් ව්‍යුහමය වශයෙන් අපි එකිනෙකා වෙලී
සිටින මුලාව තේරුම් කරදීමට උත්සහ දැරුවෙමි. එය කෙතරම් දුරට සාර්ථක වූයේදැයි සොයා
බැලීම මාගේ කාර්ය නොවේ. විවාදයට සහභාගී වූ
අයෙකු විසින්ම තම පැන යෑම සඳහා එක් ලිපියක වාක්‍යයක් උපුටා ගනිමින් තම බොළඳ තර්කය
වෙනුවෙන් පෙනී සිටීමට කළ උත්සාහය මඟින් පෙනී යන යථාර්තයක් ඇත. ඒ වූ කලී අපි බොහෝ දෙනාම පිළිතුරු සෙවීමට පුරු වී
ඇති එදා වේල පිළිබඳව වන ගැටලුවයි. මෙය
විසඳීමට අපි පූර්ව නිගමන වල සිට කටයුතු කරනු ලබයි. මෙම ගැටලුව මුලික කරගත් සෑම විටම මතුපිට තලය ප්‍රභල
වෙනස්කමක් සිදුකරණ තලයක් බවට පත් විය. නමුත් එය මනෝමූලික උපකල්පනයක් පමණි. එය බැලූ
බැල්මට ඔබව රැවටීමට සමත් විය. නමුත් යතාර්ථය එය නොවේ. විශේෂයෙන් අභ්‍යන්තර (රටේ කාලාන්තරයක් තිස්සේ
වෙසෙන වාර්ගිකයින් අතර) සිවිල් යුද්ධයක්
ඇතිවන අවස්ථාවකදී එය එසේ වේ. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ඇති කරනු ලැබූ රාමුවක්
නැති අවස්ථාවකදී සමාජයේ තත්වය, එහි මිනිසුන්ගේ තත්වය සහ සිතුම් පැතුම් හාත්පසින්ම වෙනස්ය. එම වෙනස්
භූමිකාව තුළ න්‍යායික මංකොල්ලකාරයින්ට වීරයින් ලෙස සිටගැනීමට බොරු කකුල්
සීයක් ලැබුණද ප්‍රමාණවත් නැත.