කොටි යළි සක්‍රියවීමේ නාටකය

හිටපු කොටි සාමාජිකයන්ගේ ඝාතන සිද්ධියන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ හා ආරක්‍ෂක, බුද්ධි අංශයේ සැලසුම් සහගත සමූල ඝාතනයක් බවට ග්ලෝබල් පුවත් සේවයට විස්වාසනීය තොරතුරු ලැබී තිබේ. 

ගෝපි, දෙයිවීකන්, අප්පන් යන පිරිස ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශය විසින් සොයමින් සිටින පුද්ගලයන් ලැයිස්තුවට ඇතුලත් කර දැන්වීම් පෝස්ටර් අලවා ඔවුන්ව පදවිය ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ බවට ප්‍රකාශ කිරීම දක්වා සිඳුවූ සියළු දැය සැලසුම් සහගත නාටකයක් බව ආරම්භයේ සිටම ග්ලෝබල් පුවත් සේවය පවසා තිබුණි. රටතුල සහ ඩයස්පෝරා රටවල බොහෝ මාධ්‍යන් හා ඇතම් පාර්ශිකයන් තම තම අවශ්‍යතාවයන්, පැවැත්වම උදෙසා මෙම කාරණාව විකෘති කර තිබූ අතර, ග්ලෝබල් දෙමළ පුවත් සේවය මෙය කොටින් යළි සක්‍රිය වන කාරණාව ශ්‍රී ලංකා රජය - ආරක්‍ෂක අංශය - බුද්ධි අංශයේ නාටකයක් බව අවධාරණය කර සිටියේය, ග්ලෝබල් දෙමළ පුවත් සේවයේ හැකියාවට අනුව ලැබුණු තොරතුරු හැකි පමණින් තහවුරුකර එය මෙහි පුවත් වාර්තාවක් ලෙස ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්‍ධයෙන් ආරෝගිමත් ප්‍රශ්ණ හා විමර්ශණ තිබෙන්නේ නම් එය ගැන විමර්ශන කොටසදී හෝ ඊමෙයිල් ලිපිනයට එවන්නේ නම් එයද මුළුමනින්ම ප්‍රකාශ කරනු ලැබේ.

මේ යටතේ කොටි සංවිධානයේ හිටපු සටන්කාමිකයන් වන ගෝපි, අප්පන්, දෙයිවීගන් යන පිරිස මීට පෙරදීම වෙන වෙන ක්‍රයාන්විතවලදී අත්තඩංගුවට පත්වී රඳවා තිබූ අතර පසුව හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර ඇතයි පැවැසේ. එම මළසිරුරු නිරීක්‍ෂණය කළ පදවිය රෝහලට සමීපතම පාර්ශිකයන්ද මෙය තහවුරු කර තිබේ. විශේෂයෙන් එම මළ සිරුරුවල දැක්නට තිබූ වෙඩි වැදීමේ සලකුණු එය ඉතා සමීපතවම සිට වෙඩි තැබීමේ සලකුණු බවට තිබූ බව පෙන්වාදී තිබේ.

මේ යටතේ මෙම සිද්ධිය සම්බන්‍ධව ග්ලෝබල් පුවත් සේවය මදක් පෙර කාලීන තොරතුරු එක්රැස් කළේය
කලයියන් නැමැත්තා කොටි සංවිධානයේ බුද්ධි අංශයෙහි කටයුතු කළ පුද්ගලයකි, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විසූ කලයියන්ව කොටි සංවිධානය විසින් බුද්ධි අංශ කටයුතු සඳහා ත්‍රිකුණාමලයට යවා තිබුණි. ත්‍රිකුණාමලයේ දේශපාලනික කටයුතු භාරව එලිලන් සහ සන්නද්ධ සටන්කාමිකයන් භාරව සොර්නම් නැමැත්තා කටයුතු කළ කාලයේදී ඔවුන් සමඟ කලයියන්ද කටයුතු කර තිබේ. එම දිස්ත්‍රික්කයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස වසන්දන් කටයුතු කළ අතර ඔහුට පසු ස්ථානයේ කලයියන් ක්‍රියා කළ බවත්, සිංහළ හා දෙමළ භාෂාව හොඳින් දන්නා නිසා ත්‍රිකුණාමලයදී කටයුතු කළ අතර දකුණේ ක්‍රියාන්විතයන් සමඟද එක්වී කටයුතු කර තිබේ. මෙලෙස බුද්ධි අංශ කටයුතුවල සම්බන්‍ධව සිටි කලයියන් තම පවුලේ සාමාජිකයන්වද ත්‍රිකුණාමලයෙහි රඳවා තබාගෙන තිබුණි. නමුත් අවසන් යුද්ධය අවසන්වූ කාල වකවානුවේදී තම පවුලේ සාමාජිකයන්ව ආරක්‍ෂාකාරිව ඉන්දියාවට යවා තිබේ.
කොටින් සමඟ කටයුතු කළ කාලයදීම හමුදාවටද තොරතුරු ලබාදෙන ද්විත්ව ඔත්තුකරුවකු ලෙස ඔහු කටයුතු කර තිබිය හැකි බවට සැකයක් පසු කාලයේ තරව තිබූ බව ඔහුට සමීපතවම සිටි ත්‍රිකුණාමලයේ හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයකු තම මිතුරකුට පවසා තිබීම ග්ලෝබල් පුවත් සේවය තහවුරුකරගෙන තිබේ. ත්‍රිකුණාමලය කොටි බුද්ධි අංශයේ කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා හමුදාව ත්‍රිකුණාමලය මුළුමනින්ම අත්පත්කර ගැනීමෙන් අනතුරුව වන්නියට ගිය එලිලන්, සොර්නම් කණ්ඩායම සමඟ ඔහුද වන්නියට ගොස් එහිද කොටි බුද්ධි අංශයේ කටයුතු කළ නමුත් ශ්‍රී ලංකා හමුදාවට තොරතුරු ලබාදී තිබීමට වැඩි අවස්ථාවක් තිබෙන බවද පැවැසේ. හේතුව මැයි 15න් පසු මැයි 19 වැනි දා දක්වාවූ කාලයතුල ඔහු චන්ද්‍රිකා දුරක‍ථනයන් සමඟ මුල්ලිවායිකාල් ප්‍රදේශයේදී ක්‍රියාකර තිබීම එහි සිටි පිරිස දැක තිබේ. කෙසේ නමුත්, මැයි 19න් පසු ඔහු ගැනවූ තොරතුරු නොදන්නා නමුත් පුනරුත්ථාපනයට ඇතුලත් නොවී නිදහසේ සරිසරන පුද්ගලයකු ලෙස පසුකාලයේදී තමන්ව ප්‍රසිද්ධකර තිබේ. කොටි යළි සක්‍රිය කිරීමේ වැඩ පිළිවලට හා කොටි සංවිධානය යළි ගොඩනැගීමේ කටයුත්තට ශ්‍රී ලංකා හමුදාව ඔහුව භාවිතාකර තිබේ.
මේ අනුව ගෝපි නැමැත්තා කලයියන්ගේ දැලට ප්‍රථමයෙන් අසුවූ පුද්ගලයා ලෙස හැඳින්වේ, කොටි සංවිධානයේ සටන්කරුවෙකු ලෙස සිටි ගෝපි අවසන් යුද්දයෙන් පසු මැද පෙරදිග රටක රැකියාවකට ගොස් පසුගිය ජනවාරි මස දිවයිනට පැමිණ තිබේ. මෙම කාලයතුල හමුදා බුද්ධි අංශය සමඟ කටයුතු කළ කලයියන්ට හදිසියෙන්ම ගෝපිව ත්‍රිකුණාමලයදී හමුවී තිබේ. අවසන් යුද්දයෙන් පසු මැද පෙරදිග රටකට රැකියාවට ගොස් වසර තුනකින් පසු ශ්‍රී ලංකාවට ගිය ගෝපි ත්‍රිකුණාමලයදී තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවත්වූ අතරතුර කලයියන්ගේ සම්බන්‍ධකම ලැබී තිබේ. හිටපු කොටි සාමාජිකයෙක්, පුනරුත්ථාපනය නොලැබුණු සටන්කරුවෙක් හෙයින් ගෝපිව තම දැලට අසුකරගෙන කොටින්ව තම පාලනයතුල යළි සංවිධානය කර ගැනීමේ කටයුත්තට කලයියන් උපයෝගිකරගෙන තිබේ.
කොටි කණ්ඩායමක් යළි උදාකර තම පාලනය යටතේ තබාගෙන කටයුතු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශය සැලසුම් කර තිබුණි. මෙමඟින් ශ්‍රී ලංකාවතුල සහ ඩයස්පෝරා රටවලද කොටි ක්‍රියාකාරකම්, ත්‍රස්තවාදය තවඳුරටත් පවතින බව ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කිරීමට අපේක්‍ෂා කර තිබුණි.
කොටින් යළි සක්‍රියවනවා! ඔවුන්ව මැඩපැවැත්විය හැකි ශක්තිය හා හැකියාව තිබෙන්නේ මැදමූලන රාජපක්‍ෂවරුන්ට පමණක් බව පෙන්වාදීමෙන් දකුණු ලංකාවතුල දේශපාලනික බලය ස්ථීරකරගත හැකි බවට රාජපක්‍ෂ පවුල සිතාගෙන සිටියෝය. මෙයට කලයියන් නැමැති හිටපු කොටි බුද්ධි අංශ ක්‍රියාකරුව යොදවා ගෙන ඇති අතර ඔහු විසින් ගෝපිව මුලාකර ආණ්ඩුවේ අවශ්‍යතාවය සඳහා බිල්ලටදී ඇතයි පැවැසේ.
මීළඟට අප්පන් හෙවත් නවනීදන්ය, කොටි සංවිධානයෙන් ඔහුට ලබාදී තිබූ නම තිරු, ඔහු කොටි සංවිධානයේ කළු කොටි සටන්කරුවකි. අවසන් යුද්දයේදී පලාගිය ඔහු හමුදාවට අහුනොවී පුනරුත්ථාපනය නොලබා ජීවත්වී තිබේ. යාපනය පුන්නාලයි කට්ටුවාන් ප්‍රදේශයේ ජීවත්වූ ඔහු පුල් දේවන්ගේ සමීපතම ඥාතියකුද වේ. මෙවැනි තත්වයකදී, එ9 මාර්ගයේදී ගමන් කරමින් සිටි අප්පන්ව ශ්‍රී ලංකා බුද්ධි අංශය සමඟම තම කාලය ගෙවමින් සිටින කලයියන්ට හදිසියේ හමුවීමෙන් අනතුරුව සම්බන්‍ධකම පවත්වාගෙන ගොස් තිබේ. එහිදී තමන් කොටි සංවිධානය යළි ගොඩනඟන බවත්, හිටපු පුද්ගලයන්ව යළි එක්රැස් කරමින් සිටින බවත්, එයට සහයෝගය ලබාදෙන්නයි අප්පන්ටද හැඟීමක් ලබාදී ඉදිරි ආයුධ අරගලය ගැන විස්වාසයක් ඇතිකර, මෙයට විස්වාසවන්ත පුද්ගලයන් පුනරුත්ථාපනය නොලැබූ සටන්කරුවන් බව පැවැසූ කලයියන් කොටින්ව යළි එක්රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසද පවසා ති‍බේ
කොටි සංවිධානයේ බුද්ධි අංශ සටන්කරුවෙකු ලෙස සිටීම, පුනරුත්ථාපනය නොලබා දිගටම ක්‍රියාත්මකවීම, ත්‍රිකුණාමලයදීම රැඳී සිට ක්‍රියාත්මකවීම, යන කාරණා මත කලයියන්ගේ කොටි කථාව අප්පන්ද පහසුවෙන්ම විස්වාසකර තිබේ. මේ යටතේ ගෝපි සමඟ අප්පන්වද සම්බන්‍ධකර තිබේ.
මෙම කටයුත්ත කලයියන් හරහා ආරක්‍ෂක අංශය දියත්කළ අතරතුර එයට සමාන්තරව ගුවන් කොටි බලකායේ කටයුතුකළ දෙයිවීකන්වද බුද්ධි අංශය මඟින් ක්‍රියාත්මක කර තිබේ. ඔහු අවසන් යුද්දයෙන් පසු විදෙස් රටකට පලාගොස් ආරක්‍ෂාකාරීව සිටින බවට පවසා තිබූ නමුත් ඔහුද හමුදාව විසින් අත්තඩංගුවට ගෙන පුනරුත්ථාපනය ලබාගෙන ඇතයි පැවැසේ. ඔහු සමඟ පුනරුත්ථාපනයේ සිටි ප්‍රධාන කොටි සාමාජිකයකු, දෙයිවීකන් තමන් සමඟ පුනරුත්ථාපනය ලැබූ බව තහවරුකර තිබේ.
දෙයිවීකන් නැමැති මොහු අනුරාධපුරය ගුවන් පඨ ප්‍රහාරයට සහභාගිවූ ප්‍රධාන පෙල සටන්කරුවකු වන අතර කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ට ඉතා විස්වාසනීය පුද්ගලයකු ලෙසද කටයුතුකර තිබේ. මෙම තොරතුරු සියල්ල දැනගත් තත්වයකදී දෙයිවීකන් ආරක්‍ෂක අංශයේ දැලට අසුවී තිබේ. මේ යටතේ පුදුකුඩිඉරුප්පු ආසන්න ප්‍රදේශයක කොටි සංවිධානයේ නව ගුවන් යානා කොටස් අහුරා තිබීම සොයාගෙන තිබුණි. එය පෙන්වාදුන්නේ දෙයිවීකන් බවද පුනරුත්ථාපනය ලැබූ එම ප්‍රධාන කොටි සාමාජිකයා පවසයි. තවද ගුවන් කොටි බලකායේ පසුගිය කාලීන ක්‍රියා කටයුතු ගැනවූ බොහෝ තොරතුරු දෙයිවීකන් මඟින් ආරක්‍ෂක අමාත්‍යංශය ලබාගෙන තිබූ අතර ගුවන් යානා කොටස්ද සොයාගෙන තිබුණි. එයට ප්‍රති උපකාරයක් ලෙස දෙයිවීකන්ව නිදහස් කළ යැවූ බව පුනරුත්ථාපනය ලැබූ එම ප්‍රධාන කොටි සාමාජිකයා ග්ලෝබල් පුවත් සේවය වෙත පැවැසීය, කෙසේ නමුත් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිරීක්‍ෂණය යටතේ ඔවුන්ගේ වැඩ සටහනට අනුව දෙයිවීකන්ව ක්‍රියාකිරීමට ඉඩදී තිබූ අතර ඔහුට තම පවුලේ සාමාජිකයන් සමඟ වවුනියාවේදී රැඳී සිටීමට අනුමැතිය ලබාදී තිබුණු බවට යම් තොරතුරුවලින් අනාවරණයවී ඇති නමුත් එම තොරතුරුවල පැහැදිළි භාවයක් නොමැතිව තිබේ.
මේ අතර සාස්තිරි තම අන්තර්ජාල පිටුවේදී 2013-01-01 එනම් මාස 16කට පෙරදීම “පංගු බෙදිල්ල සහ ඝාතනයන්“ අවසන් කොටසදී දෙයිවීකන් ගැන මෙසේ සඳහන් කර තිබේ.


“ මෙය මෙලස තිබියදී අන්තර්ජාතීය ලේකම් කාර්‍යාලය මිළඟ ආයුධ අරගලය පැවැත්වීමට යන බව පවසා තිබෙන්නේ දෙයිවීකන් නැමැති පුද්ගලයාව ලවාය, දෙයිවීකන් නැමැත්තා කවුරුන්දැයි කෙටියෙන් බලමු, මොහු කොටි සංවිධානයේ මැද ස්ථානයේ සටන්කරුවකි. ගුවන් නියමුවෙක් ලෙස පුහුණුව ලබා ගැනීම සඳහා කොටි සංවිධානය විසින් නැගෙනහිර යුරෝපිය රටකට යවා ගුවන් නියමුවෙක් ලෙස අධ්‍යාපනය සහ පුහුණුව ලබා ගැනීමෙන් පසු යළි වන්නියට ගෙන්වා කොටි සංවිධානයේ අභ්‍යන්තර බුද්ධි අංශ කටයුතුවලට සම්බන්‍ධකරවා තිබුණි. අවසන් යුද සමයේදී සැපයිම්කරු ලෙසද ඔහුව පත්කර තිබූණි. කොටි සංවිධානයේ අවසන් උත්සහයවූ ආනන්දපුරම් සටන පැවැති අවස්ථාවේදී එයට කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ම සිය සෘජු අධික්‍ෂණය මත මෙහයවූ අතර එය පරාජයවීමෙන් කොටි සංවිධානයේ ප්‍රධාන පෙල නායකයන් සහ සටන්කරුවන් දහස් ගණනින් මියගිය අතර ප්‍රබාකරන් දිවි බේරාගෙන තිබුණි.
එම සටන සඳහා අතිරේක ආයුධ හා තුවාලවූවන්ට හදිසි ප්‍රතිකාර ද්‍රව්‍යද ලබාදෙන්නයි යුද පිටියේ සිටි ප්‍රධානීන් දෙයිවීකන්ව සම්බන්‍ධ කරගැනීමට තැත්කළ විට තම සම්බන්‍ධතා සියල්ල විසන්ඳිකර අතුරුදහන්වූ මොහු යළි 2010 ජනවාරි මස වනවිට ඉන්දියාවේ මදුරයිවල ගැවසීමට පටන්ගෙන තිබුණි.
ඔහු සමඟ පිටස්තර බුද්ධි අංශයේ පුහලේන්ති, තෙන්නවන් නැතිනම් කරිකාලන්ද මදුරයිවල රැඳී සිට කොටින්ගේ අන්තර්ජාතීය කාර්‍යාල විදෙස් ශාඛාවන් සමඟ සම්බන්‍ධතාවන් ඇතිකරගෙන තමන් තවමත් සටන්කරුවන් සිය ගණනක් සමඟ වන්නි කැලෑවතුල සිටින බවත්, අනිත් පැත්තෙන් නැගෙනහිර පළාත් කැලෑවතුල රාම්ද තමන් සමඟ සම්බන්‍ධතාවයේ සිටින බවත්, රාම්ගේ නායකත්වයෙන් ඉදිරි සටන පවත්වාගෙන යෑමට ආයුධ සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සඳහා මුදල් ඉල්ලා තිබුණි. එයද විස්වාසකර අන්තර්ජාතීය කාර්‍යාලයද මුදල් යවා තිබුණි.
එම කාල වකවානුවේදී තෙන්නවන් හෙවත් කරිකාලන්ද මා සමඟ සම්බන්‍ධවී කථාකර තිබුණි. මුදල් යවා තිබූ අන්තර්ජාතීය කාර්‍යාලය කිසිම ප්‍රහාරයන් සිඳු නොවීමෙන් රැවටීමට පත්වී රාම්ට අමතා මෙහි ජනතාව විස්වාස කර මුදල් එවීමට නම් යමි ප්‍රහාරයක් එල්ලකළ යුතු බවත් එලෙස ප්‍රහාරයක් දියත්කරන ලෙසද ඉල්ලා තිබුණි. නමුත් මෙතෙක් කලක් නායකයාගේ අණ පරිදි තමන් සටන මෙහයූ බවත් විදෙස් රටවලින් එන නියෝගයට තමන්ට ක්‍රියාකළ නොහැකි බවත් නායකයාගේ අණ ලැබෙනතෙක් තමන්ට කිසිවක් කළ නොහැකි බවද පැවැසූ රාම් දෙයිවීකන්ගේ සම්බන්‍ධතාවයද තමන්ට නොමැති බව ඔවුන්ට පවසා තිබේ. පසුව රාම්ට හා මා අතර පැවැති සාකච්ඡාවේදී එය ගැන පවසා තිබුණි. එම කාලයදී තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කාලගුණික හේතුවකින් වනාන්තර ප්‍රදේශයක වැටී අනතුරකට පත්වී තිබුණි. එය රාම්ගේ ප්‍රහාරයක් බවට විදෙස් රටවල ප්‍රචාරය කිරීමටද අන්තර්ජාතීය කාර්‍යාලය තැත්කර තිබුණි.
ඉන්පසු කෙටි කලක් දෙයිවීකන්ගේ සම්බන්‍ධකම නොමැතිව තිබූ අතර තෙන්නවන් ප්‍රංශයට පැමිණීමෙන් පසු යළි අන්තර්ජාතීය හා පසුගිය කාලීන ජාත්‍යන්තර ජාලයට අයත් පුද්ගලයන් සමඟ සම්බන්‍ධකම ඇතිකර ගනියි. එවිට මා සමඟද යළි සම්බන්‍ධතාවයක් ඇතිකරගෙන තිබුණි. මොහු තමයි දැනට අන්තර්ජාතීය කාර්‍යාලයට එක්වී දෙයිවීකන් විසින් මීළඟ ආයුද අරගලය මෙහයවීමට හැකි බව පවසා ඔවුන්ට විස්වාසය ඇතිකර දෙයිවීකන් සමඟ සම්බන්‍ධකමක් ඇතිකරදී තිබේ. ආයුධ අරගලය පවත්වන්නේද? නැද්ද? අන්තර්ජාතිය ජනතාව.... දෙයිවීකන් අන්තර්ජාතිය රවට්ටන්නේද යන කාරණාව ගැන සොයා බැලුවේ නම්, අවසන් වරට මාවිරු දිනයේදී යාපනය සරසවි ගැටළුවෙන් පසු යාපනයේ සිසුන් බොහෝ දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබුණි. අනතුරුව තමිල්නාඩුවේදීද අත්තඩංගුවන් කිහිපයක් සිඳුවූ බවට පුවත් පලවී තිබුණි. නමුත් එහි පසුපස සිටි දෙයිවීකන් සහ පුහලේන්දිද තමිල්නාඩුවේදී මුදුරයිවල නිදහසේ සැරි සරමින් සිටියි, එනම් ඉන්දියාවේ ශ්‍රී ලංකාව වෙතවූ ඊළඟ ආධිපත්තියට දිගටම බිලිවන්නේ අපිද? එයට අනුග්‍රහය ලබා දෙන්නේ කොටින්ගේ විදෙස් ශාඛාවන් වන අන්තර්ජාතිය කාර්‍යාලයද? මෙය ප්‍රශ්ණයක් පමණි, පිළිතුර මා දන්නේ නැහැ, කාලය පිළිතුරු ලබාදෙයි“ යැයි සාස්තිරි 2013 ජනවාරි මස ලිවූ දැයට 2014 අප්‍රේල් මස 11 වැනි දින ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශය පිළිතුරු ලබාදී තිබේ.


මෙය සියල්ල මෙලෙස කම්පා සහගත තොරතුරු සමඟ තිබියදී, අප්‍රේල් 11වැනි දින සිද්ධියෙන් ඝාතනයවූ බවට පැවැසෙන තවත් පුද්ගලයකු වන කුරුනෑගල ප්‍රදේශයේ දෙමළ බුද්ධි අංශ නිළධාරියා දෙයිවීකන් සම්බන්‍ධ කටයුතු අධීක්‍ෂණය කරමින් සිටි බව පැවැසේ. කොක්කාවිල් කඳවුරේ කටයුතු කළ එම බුද්ධි අංශ නිළධාරියා කොටි සංවිධානයේ බුද්ධි අංශ කටයුතුවල නිරතවූ බවට පැවැසේ. එම හේතුවෙන් ඝාතනයවූ තිදෙනා සම්බන්‍ධ කරුණු හා තොරතුරු කිසි දිනක ප්‍රසිද්ධ නොවිය යුතුයි යන කාරණාව මත සියළු දෙනාවම එකවරම ඝාතනය කර ඇතයි තොරතුරු හෙලිවී තිබේ.
මෙහිදී තවත් කරුණක් පෙන්වාදීමට තිබේ. වෙඩි වැදී ඝාතනයවූ ඉකුත් හමුදා බුද්ධි අංශ නිළධාරියා තමන් කොටි සංවිධානයේ සටන්කරුවෙකු බවත්, හමුදාවේ තර්ජනය නිසා හමුදාව වෙනුවෙන් කටයුතු කරන බව පවසා ඇති බවත්, කොටි සංවිධානය යළි සක්‍රියකර අරගලය කළ යුතුයි යන උද්වේගය දෙයිවීකන් ඇතුළු තිදෙනාට ලබාදුන් බවට ඔවුන් සමඟ සම්බන්‍ධ පාර්ශවයන් පවසයි.
මේ යටතේ කොටින්ව යළි ගොඩනැගීම සඳහාවූ වැඩ පිළිවල තිදෙනා විසින් සැලසුම් කර තිබේ. එහි ප්‍රථම කොටස ලෙස අත් ප්‍රත්‍රිකාවන් මුද්‍රණයකර අලවීමේ කටයුතු ඇතුළු දැය ආරම්භකර තිබේ. මේ අතර ඉන්දියාවේ සිටි කලයියන්ගේ පවුලද ගෙන්වා ත්‍රිකුණාමලයදී පදිංචිකර තිබේ. නගරාසන්න ප්‍රදේශයේදී අධික මුදලක් ගෙවා නිවසක් කුලියට ගත් අතර වාහන මිළඳී ගැනීමතුලින් කලයියන්ගේ ක්‍රියා කටයුතු ගැන අප්පන්, ගෝපිට සැකයක් මතුවී තිබේ. මේ අතර කලයියන්ට ඩයස්පෝරාවලින් අධික වශයෙන් මුදල් ලැබෙන බවද අප්පන් තම මිතුරුන් වෙත පවසා තිබේ.
ඉන් අනතුරුව ඉකුත් තිදෙනා ස්වෙච්ඡාවෙන් කටයුතු කිරීමට තීරණය කළ බවත්, පුනරුත්ථාපනය ලබා නිදහස්වූ බොහෝ දෙනෙකු සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බවත්, පසුව අත්තඩංගුවට පත්වී නිදහස් කළ 65 දෙනා අතර ඔවුන්ද ඇතුලත් බවද පැවැසේ. මෙම ක්‍රියා කටයුතු ශ්‍රි ලංකා හමුදාවට හා කලයියන්ට දැඩි කෝපයක් ඇතිකර තිබේ. මේ ගැන කලයියන් තමන්ට සමීපතම කෙනෙකු පවසද්දී “ අපි හැදූ මොවුන් දැන් අපිටම කොකා පෙන්වා තනිව කටයුතු කිරීමට උත්සහ කරනා“ යැයි පවසා තිබේ.
හේතුව කලයියන් හරහා කොටින්ව යළි සම්බන්‍ධ කිරීමතුලින් ඔවුන්ව තම පාලනය යටතේ තබාගත හැකි බවට හමුදාවත්, ගෝපි, අප්පන්, දෙයිවීකන් මඟින් ක්‍රියාන්විත රැසක් මෙහයවීමෙන් ඩයස්පෝරා සංවිධානවලින් අධික මුදලක් උපයාගත හැකි බවට කලයියන්ද විස්වාස කර තිබුණි. අනිත් පැත්තෙන් මෙලෙස ඇති කරන සංවිධානයට හිටපු කොටි සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය කෙතරම්දැයි විමර්ශණය කිරීමය.
කොටින් යළි සක්‍රියවූයේ නම් ජනතාවගෙන් ලැබෙන සහයෝගය කුමක්ද? මානසිකත්වය කුමක්ද? යැයි දැන ගැනීම, ඩයස්පෝරා සංවිධාන ක්‍රියාකරුවන් සහයෝගය ලබාදෙන්නේ කෙසේද? කොටින් විසින් සඟවා ඇති දේපළ හෙළිවෙයිද? යන කෝණවලින් රාජ්‍ය පාර්ශවය ප්‍රයෝජනය ලබා ගැනීමට සිතාගෙන සිටි අතර එයින් සුළු ප්‍රයෝජනද ලබාගෙනත් තිබේ.
මෙවැනි තත්වයකදී දෙයිවීකන් හමුදාව යටතේ දිගටම ක්‍රියා කළ නමුත්, කලයියන්ගේ හා හමුදාවේ වැඩ පිළිවල පැහැදිළිකර, හඳුනාගෙන ගෝපි හා අප්පන් තනිව ක්‍රියා කිරීමට පටන්ගෙන තිබේ. මෙවැනි අවස්ථාවක කලයියන් හා හමුදාවගෙන් ඉවත්වී සම්බන්‍ධකම් නවතා දැමූ තැන ඔවුන්ව අත්තඩංගුවට ගැනීමට හමුදාව වැටලීම් මෙහයුම් දියත්කර තිබේ. විශේෂයෙන් වට්ටුකෝට්ටයි වැටලීමේදී මන්නාරමේ පුද්ගලයකුව අත්තඩංගුවට ගෙන තිබුණි. පසුදා එම ප්‍රදේශයේදී අප්පන් යතුරු පැදියකින් ගමන් කළ බවත් පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා ගෝපි විය හැකි බවද පැවැසේ. හමුදාව වැටලූ ප්‍රදේශයට ගොස් සැඟවී සිටීමෙන් අනතුරක් නොමතැයි සිතා විශාල මළු සමඟ ගොස් ඔවුන් රැඳී සිටි බව පැවැසේ.
මෙවැනි තත්වයකදී, වන්නිය, යාපනය, වට්ටුකෝට්ටයි, සිත්තන්කේනි යන ප්‍රදේශවල කළ සෝදිසි වැටලීම්වලින් අනතුරුව ගෝපි සහ අප්පන් අත්තඩංගුවට පත්වී තිබේ. ගෝපි මිය යෑමට දින තුනකට පෙරදීම (08-04-2014) ඔවුන් අත්තඩංගුවට පත්වීම තමන් තහවුරු කළ බව යාපනයේ ප්‍රවීන මාධ්‍යවේදියකු පවසා තිබේ. තවත් හිටපු කොටි සාමාජිකයකුද ඔහුගේ අත්තඩංගුව තහවුරු කර තිබේ. ඔවුන් සමඟ තම යටතේ සිටින දෙයිවීකන්වද ඝාතනයවීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව (10-04-2014) දින රාත්‍රීයදීම ඔවුන් අසලම වෙඩි තබා ඝාතනය කෙරුණි නමුත් පසු දින උදෑසන විශාල හමුදා සෙබළුන් ඉදිරිපත්ව දැවැන්ත ප්‍රහාරයක් සිඳුකළ උණුසුමත් සමඟ මාධ්‍ය සමුළුවට සඳහා ඡායාරූපද සමඟ 11 වැනි දින 8.30ට පමණ ගෝපි, අප්පන්, දෙයිවීකන් යන තිදෙනා ඝාතනයවූ බවත් තම පාර්ශවයෙන්ද එක් අයකු මියගිය බවත්, උතුර සහ දකුණේදී හමුදා බුද්ධි අංශය මඟින් තොරතුරු නිකුත්කර තිබුණි.
ඝාතනයවූ පසු ඔවුන්ගේ මළසිරුරු මුල්ලතීව්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයන් පසුකර පදවිය රෝහලට යවා, එහිදී මරණ පරීක්ෂණය සිඳුකර, විනිසුරු විභාගයද අනුරාධපුරයට ගෙන ගොස් නාටකය නිමාවට පත් කෙරුණි. එපමණක් නොව මළසිරුරු ඥාතීන්ට ලබා නොදී රාජ්‍ය වියදමින් මිහිදන් කර තිබේ.
ආණ්ඩුවේ සහ හමුදා, බුද්ධි අංශයේ සියළු කටයුත්තම මෙම ඝාතනයන් සමූහ ඝාතනයක් බව සිහිපත් කරන අතර කොටි සංවිධානයෙහි හිටපු ප්‍රධානියකු වන කරුණා අම්මාන් හෙවත් අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසා තිබුණා, “ ජනීවා අවසන්වූ පසු එක්කෙන් දෙන්නෙකුට යාපනයේදී වෙඩි වැදෙයි“ යැයි මාස තුනකටම පෙරදීම පවසා සිටි බව පවසා තිබේ. එනම් රජය ඔවුන්ව බිලිදීමට සැලසුම් කර තිබීම කරුණා අම්මාන් පෙරාතුවම දැනගෙන තිබේ.
මෙමඟින් බොහෝ දෙනෙකුගේ සැකය එයටත් එහා පැවැති විවාදයන් ශ්‍රී ලංකා රජයේ විකට ක්‍රියාවන්තුලින් නිසි පිළිතුර හා පැහැදිළිකමක් ප්‍රසිද්ධකර තිබේ.
උපුටා ගැනීම - ග්ලෝබල් ටැමිල්