තවත් බොරු නඩු දැමීමක්.



හර්ෂි සි. පෙරේරා

බොරු නඩු දැමීම අපරාදයකි. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසිය මෙම ක්‍රියාවේ අකණ්ඩව නිරත වේ. නමුත් ගමේ පන්සලේ හාමුදුරුවෝ හෝ පල්ලියේ පියතුමා හෝ වෙනත් ආගමික පැවිද්දන් මේ ගැන කතා කරන්නේ නැත. බුද්දිමතුන් හෝ උගතුන්ගෙන් බහුතරයද මේ සම්බන්දයෙන් නිහඩය. එවන් වාතාවරණයක් තුල වදහිංසාව මෙන්ම වියාජ නඩු පැවරීම අවම කිරීමද දුෂ්කර කර්තව්‍යකි. නමුත් යම් බලාපොරොත්තුවක් ඇත. ඒ පිඩාවට පත් ජනතාව බියෙන් සැකයෙන් තොරව ඒවා ගැන පැමිණිලි කිරීමයි. තම කතාව ප්‍රසිද්දියට පත් කිරීමට දක්වන කැමැත්තයි. අපි මානව හිමිකම් ආරක්ෂකයින් ක්රියදරයින් හැටියට ඔවුන්ව බල ගන්වමු.
01. සභාපති,

මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,

පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම මගින්

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම.

මීගොඩ ගමගේ නිලංග සමීර, අවු: 32යි, ජා.හැ.අ.821094364, අවිවාහක, ව්‍යාපාරික.

ලිපිනය : 201/2 එ්, කොස්ගහලන්ද වත්ත, හිරණ, පානදුර. 0713488266
2014.04.17 දිනදීය.

2014.04.16 වන දින රාත‍්‍රී 11.00 ට පමණ, මා ආහාර ලබා ගැනීම සඳහා පානදුර රෝහල් හංදියට එන විට, මඩකුඹුර හංදිය අසලදී යතුරු පැදි දෙකකින් පැමිණි, පොලිස් නිලධාරීන් තිදෙනෙක්, මා හරස් කොට නවත්වන ලදි.
එම තිදෙනාගෙන් දෙදෙනෙක් මට පරදී, උඹ බීලා ඉන්නේ කියා, යතුරු පැදියේ යතුර රැුගෙන, යතුරු පැදියද මාවද පානදුර දකුණ පොලිසියට ගෙන එනු ලැබුවා.
පොලිසියේදී, මට බැලූමක් පුම්බන්න දුන්නා. මා එය පිම්ඹුවා. ඉන්පසු මාව කූඩුවට දැම්මා.
රාත‍්‍රියේ ඇප ලබා දෙන්නම් කියා අම්මාවයි තාත්තාවයි ගෙන්නුවා. ඔවුන් ආපසු, උදේට එන්න කිව්වා.
රාත‍්‍රියේ මා, පොලිස් කූඩුවේ ගත කලා. පසු දින, එනම් 17 දින උදේ 8.00 ට පමණ මට ඇප ලබා දුන්නා.
2014.04.22 දින පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කලා.
මා බීමත්ව රිය පැදවූ බවට – ව්‍යාජ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කිරීම මගින්, මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇත.
එමෙන්ම බොරු නඩු දමා, අපරාධයක් සිදුකර ඇත.
මට මෙම අපරාධය සිදුකල පානදුර දකුණ පොලිසියේ එක් නිලධාරියෙක් පො.සැ.33093 වේ. අනෙක් දෙන්නාව දුටුවොත් අදුරන්න පුලූවන් බවද ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ව ක‍්‍රියාකල පානදුර දකුණ පොලිසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.
එම්.ජී.නිලංග සමීර