මත්තල ,හම්බන්තොට සහ අපේ ඇත්තෝ.

හර්ෂි සි. පෙරේරා 

මත්තල සහ හම්බන්තොට සංචාරය කල විපක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදීම ගෝත්‍රික ආණ්ඩුවක ගෝත්‍රික ක්‍රියාවකි. එයට සම්බන්ද සැමට ගෝත්‍රික ජාන ඇත. රටක ඕනෑම තැනකට යාමට සහ ඒමට ඕනෑම පුද්ගලයකුට නිදහස ඇත. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ නිදහස ද තිබේ. ඉහත ප්‍රචන්ඩත්වයේදී උල්ලංගනය වුයේ එම අයිතින්ය/නිදහසය. රටේ පළමු පුරවැසියා අලි ඇතුන්ගේ පවා හිස තෙල්ගා ප්‍රදර්ශනය කල ශාද්දාව මයිත්‍රීය අද්‍යාත්මක ගුණ වගාව කොහේ ගියාද? ප්‍රහාරයට ගෙන ආ පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයකි. උදේ හවස පන්සිල් ගෙන මුසාවාදයෙන් වලකෙමුයි කියමු. බවුද්ද චිවරදාරින් කීදෙනෙක් මෙම ප්‍රහාරය හෙලා දැක්කේද? ඊළගට ආණ්ඩුව කාගේද? එයට නියෝජිතයින් පත් කරන්නේ කවුද? අප අපමය. දැන් ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන කතා වේ. ඔහු කෙබදු කෙනෙකු විය යුතුද? ඔබ චන්දය දීමේදී සුදුසුකම් ලෙස ඉදිරිපත් කරන්නේ මොනවාද? නිදහස. නිදහසට ඇලුම් කරන, ගරු කරන, ආරක්ෂා කරන කෙනෙකි. මෙහිදී තම නිදහස හා සමානව අන් අයගේ නිදහසද එකසේ වැදගත් බව සිත්හි දාරණය කර ගත යුතුය.