පින්වත්ත පොලිසියේ පහර කැමට ලක්වූ සුගත් ප්‍රියංකර තවමත් රෝහලේ.

හර්ෂි සි. පෙරේරා

වරද පිළිගැනීමට බල කිරීම පොලිසියේ සුපුරුදු හැසිරීමයි. එයට හේතුව පොලිසියට රෙවෝඩ් හිමිවීමද? ඇසිය යුත්තේ පොලිසියෙන්මයි. වරද පිලිගත්විට ඔහු ජිවිත කාලයටම වරදිකරුවෙකි. එයින් ප්‍රතිලාබ ලැබෙන පිරිසක්ද සිටිති. මේ තත්වය වෙනස් කල යුතුය. යුක්තියෙන් හුදකලාවූ සන්වර්දනයකට වැඩි ආයුෂ නැත. පොලිසියේ නීතිවිරෝදී ක්‍රියා හමුවේ නිහඩ බලදාරින් මේ ගැන සිතිය යුතුය. චයාරුපයේ සිටින්නේ පිඩාවට පත්වූ වින්දිතයාගේ මව සහ පියාය.
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, පහර දී, කුඩු දමා, වරද පිළිගන්නා ලෙසට බල කිරීම
රඹුක්කනගේ සුගත් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු, අවු: 48යි, විවාහක, දරුවන් 01යි,
ලිපිනය : විජය මාවත, වේරවත්ත, මොරවින්න, පානදුර.
දුරකථන අංකය – 0775171203

රඹූක්කනගේ සුරංග රන්මල් ප‍්‍රනාන්දු, අවු: 22යි, අවිවාහක, කාර්මික – මාගේ එකම පුතා වේ.
2014.03.05 වන දින, මව වන එ්.රංජනී ප‍්‍රනාන්දු ගේ පියා වන (පුතා ගේ සීයා* අන්ද්‍රාදිගේ සෝමපාල ප‍්‍රනාන්දු ගේ අඳුනන උත්සවයකට සහභාගී වූවා. එම උත්සවයට සහභාගී වූ ඥතිවරයෙකුව, ගාලූ පාරට ගෙන ගොස් ඇරලවා ආපසු නිවස බලා එන විට, පිංවත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් පිට පැමිණ අත්අඩංගුවට ගෙන පිංවත්ත පොලිසියට ගෙන යනු ලැබීය.
එම නිලධාරීන් පැමිණ ඇත්තේ යතුරු පැදියකින්ය. අත්අඩංගුවට ගත් පුතාව යතුරු පැදියේ මැද තබාගෙන ගොස් තිබේ. ඔවුන් දෙන්නා බීමතින් සිට ඇත.
පොලිසියට ගෙන යෑමෙන් පසුව, පිංවත්ත පොලිසියට රැුගෙන ගිය දෙන්නා හා තවත් නිලධාරීන් දෙන්නෙක් පුතාට පහරදී තිබේ.
එසේ පහරදී ඇත්තේ පොලිසියේ සියලූ දෙනා ෙදාරවල් වසා දමා ගෙනය.
අත්, බෙල්ල පිටුපසට කරකවා තබා, මාංචු දමා පොල්ලක් රිංගවා පහරදීම සිදුකර ඇත. ඔහුගේ ඇඟ පුරාම පාරවල් තිබේ.
එසේ පහරදී, බලහත්කාරයෙන් ලියුම් කවරයකට ඇගිලි සලකුනු රැුගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාත‍්‍රී 11.00 ට පමණය. එදින රාත‍්‍රී පුතාව බලන්න මම බිරිඳත් සමග පිංවත්ත පොලිසියට ගිය විට, ෙදාරවල් වසාගෙන එහෙම කෙනෙක්ව ගෙනාවේ නැති බව කිව්වා. එවිට වේලාව මධ්‍යම රාත‍්‍රී 12.30 පමණ ඇත.
නැවත අලූයම (2014.03.06* 3.00 ට පමණ නැවත අපි පිංවත්ත පොලිසියට ගියවිට, එ් වේලාවේදීත් පුතාව ගෙනාවේ නැති බව කියා පානදුර දකුණ පොලිසියෙන් විමසන ලෙස, දුරකථන අංකයද දුන්නා. අපි පානදුර දකුණ පොලිසියෙන් දුරකථනයෙන් විමසුවත්, නැහැ කිව්වා. නැවත පානදුර දකුණ පොලිසියට පැමිණ විමසුවා. සිටියේ නැහැ.
නැවත අපි උදේ 7.30 පමණ පිංවත්ත පොලිසියට ගියා. මමත්, බිරිඳත්. මාගේ මස්සිනා වන නිමල් සිල්වාත් පිංවත්ත පොලිසියට ගියා.
එවිට පුතා කූඩුවේ සිටියා. පුතාට අපි කතා කලා. පුතා කිව්වා රාත‍්‍රියේ මාංචු දමා, ලයිට් නිවා පහර දුන්නා කියා. ඔහු අපිට පාරවල් පෙන්නුවා.
අපි මේ ගැන – ස්ථානාධිපතිවරයා ගෙන් විමසුවා. ඔහු සිවිල් පිට සිටියේ. ඔහුට කිව්වාම පුතාව ෂර්ට් එක නැතුව අරන් ආවා. අපි කුඩු පැකට් එකක් දාලා උසාවි දානවා, වරද පිළිගන්න, රු: 7500/=ක් දඩ ගහයි, ඇප අරන් දෙනවා කිව්වා. නැතිනම් දවස් 14ක් රිමාන්ඞ් කරනවා කිව්වා.
අපිට නැවත උදේ 9.30 ට ත‍්‍රීවිල් එකක් අරගෙන එන්න කිව්වා.
මමත්, මාගේ මස්සිනා වන නිමල් සිල්වා ත‍්‍රී රෝද රථයකින් පිංවත්ත පොලිසියට ගියා.
එවිට දැනගත්ත,පුතා පානදුර රෝහලට ගෙන ආ බව. අපි දෙන්නා වහාම පානදුර මූලික රෝහලට ආවා.
පුතා 1 වාට්ටුවේ වෛද්‍යවරුන් ඉන්නා තැන ඇඳක හිටියා. එතන ස්ථානාධිපති සිවිල් ඇඳුමින් සිටි අතර, තවත් නිලධාරීන් 02ක් නිල ඇඳුමින් සිටියා.
එතනදී යලිත් පුතා අපට කිව්වා පහර දුන්න බව. තුවාල ඇගේ තිබුනා. ලියුම් කවරයකට බලෙන් අත්සන් ගත් බව කිව්වා.
මම, මස්සිනා සමග පුතාව බලා රෝහලෙන් එළියට එනවිට, මාගේ බිරිඳ ඇතු`ඵ ඥතීන් කිහිප දෙනක් හිටියා.
අපි ඔවුන්ද සමග, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ, සිද්ධිය ගැන පැමිණිළි කලා.
එම පැමිණිලි ගියා ගත්තා. එහිදී පුතාගෙන්ද ප‍්‍රකාශයක් ගන්නා බව කිව්වා.
නමුත් පැමිණීල්ල ලියා ගත්තු බවට ලදුපතක් දුන්නේ නැහැ.
ඉන් පසුව, නැවත දහවල් 12.00ට පුතාව බලන්න රෝහලට ආවා. එවිට පුතා, 1 වාට්ටුවේ , 33 ඇඳේ හිටියා. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පුතා ලඟ හිටියා. අපි පුතා සමග කතා කලා. ඔහු තමාට ලයිට් නිවා, පහර දුන්න බවත්, නිලධාරීන් බීලා හිටිය බවත්, බලහත්කාරයෙන් ලියුම් කවරයකට ඇගිලි සලකුනු ගත් බව කිව්වා.
මා ඉල්ලා සිටින්නේ,
1. නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙෂ පහරදීම පිළිබඳව – නොපමාව පරීක්ෂණ පවත්වා, පහර දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම අත්අඩංගුවට ගෙන, නීතිය හමුවට පත්කරන ලෙසට,

2. පිංවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා පුතාට කුඩු දමා උසාවියට ඉදිරිපත් කිරීමට දරන වංචනික පහත් ක‍්‍රීයාව වහාම නතර කරන ලෙසට සහා
3. මාගේ පුතාට නිසි ප‍්‍රථිකාර ලබා දෙන ලෙසටය.
ආර්. සුගත් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු -පියා