උසස් පෙළ සිසුවාට බියර් බිවයයි වියාජ චෝදනාවක්.



හර්ෂි සි. පෙරේරා

මෙම පොලිසියේ නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, පිඩාවට පත් කිරීම සහ වියාජ චෝදනාව නිසා පිඩාවට පත්ව සිටින්නේ උසස් පෙළ සිසුවෙකි. ඔහු 18 හැවිරිදි සුදේශ් රුවන්ත අතුකොරලය. රටේ ජනාදිපතිවරයා ළමුන්ට මුල් තැන දෙන බව පවසයි. ඔහු සියලු ජන රැස්වීම වලදී ළමුන් උඩ දමමින් හුරතල් කරමින් ප්‍රදර්ශනය කරයි. නමුත් ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන පොලිසිය හැසිරෙන්නේ ඊට හාත් පසින්ම වෙනස් ආකාරයකිනි. කියවන්න සුදෙෂ්ගේ කතාව. මීලග ගොදුර ඔබේ දරුවා විය හැකියි.
ඪබ්. එස්. රුවන්ත අතුකෝරළ,

279 එ්, රණබිම මාවත,
මුල්ලේරියාව උතුර,
මුල්ලේරියාව නවනගරය.
2014.03.04

එන්. කේ. ඉලංගකෝන් මහතා

පොලිස්පතිිි
පොලිස් දෙපාර්තුමේතුව
කොළඹ
2014.03.04

මහත්මයාණෙනි
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, දැඩි පීඩාවට පත්කර,

ව්‍යාජ නඩු පැවරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම

වීරප්පෙරුමගේ සුදේශ් රුවන්ත අතුකෝරළ වන මා වයස අවු: 18ක් වන, පාසල් ශිෂ්‍යයෙක්මි. බප/කො/බෝමිරිය ම.ම.වි. 13ශේණිය ඉගෙනුම ලබන අතර 2014 අගොස්තු මස අ.පො.ස -උ.පෙළ පෙනී සිටීමට නියමිතයි.
01. 2014.02.07 දින, සවස 4.00- 4.30 පමණ, අංගොඩ හංදියේ සිට අවිස්සාවේල්ල පාරේ, කොළඹ දෙසට මීටර 100ක් පමණ දුරින් පදිංචි මාගේ මිතුරකු වන ධනුෂ්ක නැමැති අයගේ ත‍්‍රී රෝද රථය විකිනීමට තිබෙන බව දැනගෙන, මා එ් පිළිබඳව විමසීමට ඔහුව මුණගැසීමට ගියා. එසේ ගියේ මාගේ පියාගේ ද අනුදැනුම මතයි.
02. මා එම ස්ථානයට ගියේ එදිනම සවස 3.30 ට පමණ ධනුෂ්ක නැමැති අයගේ නිවස අසල පාරෙන් අනිත් පැත්තේ නවතා තිබූ රතු පැහැති ත‍්‍රී රෝදයක් අසල ධනුෂ්ක සිටිනු දැක්ක නිසා බව.
03 අසලට ගිය විට මා අඳුරන්නේ නැති කිහිප දෙනෙක් එම ත‍්‍රී රෝද රථය තුල සිටියද, ධනුෂ්ක එහි සිටියේ නැත. එම ආගන්තුක ත‍්‍රී රෝද රථය තුල, බියර් ටින් 2ක් තිබෙනු මා දුටුවා.
04. එ් සමගම වාගේ ඉදිරිපිට නිවසේ සිටි ධනුෂ්ක මා දැක එම තැනට පැමිණියා.
05. එවිටම මාගේ මිතුරකු වන චතුරංග ද මා දැක එම ස්ථානයට පැමිණ මා සමග කතා කලා.
06. එ් අවස්ථාවේම වාගේ අංගොඩ පොලිසියේ ”පොලිස්” යනුවෙන් සටහන්, ත‍්‍රී රෝද රථයක් එම ස්ථානයට පැමිණියා. එම ත‍්‍රී රෝද රථයේ – පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් සිටි අතර, ඔවුන් තිදෙනා පැමිණි ත‍්‍රී රෝද රථයෙන් බැස, ”උඹලා මොකද කරන්නේ” යනුවෙන් විමසා, ඇතුලේ සිටි තිදෙනාව බිමට බස්සා, ත‍්‍රී රෝද රථය පරීක්ෂා කරන ලැබුවා.
07. බියර් ටින් දෙක දැක, ”උඹලා බියර් බොනවා නේදැ”යි විමසා සිටියා. එ් අවස්ථාවේ මා මිතුරාව හමුවීමට පැමිණි බව එම නිලධාන්ට පවසා සිටියා.
08. ත‍්‍රී රෝද රථය පරීක්ෂා කරන අතරදී, එක් නිලධාරියෙක් සිගරට් දෙකක් පෙන්වා, ”මේ රට සිගරට්, උඹලා කොහෙන්ද ගත්තේ” කියා එක් එක් අයගෙන් විමසා සිටියා.
09. එ් පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, සිගරට් පාවිච්චි නොකරන බවත් මා ඇතු`ඵ අනෙක් අය පවසා සිටියා.
10* එවිට පොලිස් නිලධාරීන් ”දැනගන්න හැටි අපි දන්නවා” කියා, මාව පොලිස් නිලධාරීන් පැමිණි ත‍්‍රී රෝද රථයට නංවා ගත්තා. අනෙක් 5දෙනාව, මා යන විට තිබු රතු පාට ත‍්‍රිරෝධ රථයකට නංවා ගෙන, ගෙන ගියා.
11* මා ගමන් කල, පොලිසියට අයත් ත‍්‍රී රෝද රථයේ ගිය නිලධාරීන් දෙදෙනා, යන අතරමගදී,

”බොන බව ගෙදරින් දන්නවා නේදැයි” විමසා සිටියා. මා එම චෝදනාව ප‍්‍රතික්ෂේප කර, මා එම ස්ථානයට ගිය කාරණාව නිලධාරීන්ට පැහැදිලි කර සිටියා.

12* නමුත් එය පිළිගන්නේ නැතිව මට අසභ්‍ය වචන කියමින් බැන වදිමින්, මාව පොලීසියට ගෙන ගියා.
13* මා ගෙන යන විටත්, අනෙක් අයව පොලිසියට ගෙන ගොස් තිබුනා. මාව හා අනෙක් පස් දෙනාවම මිදුලේ පොලිස් වාහන නවතා තිබෙන තැන රඳවා තබාගෙන, ”උඹලාට ගංජා හරි කුඩු වලට හරි දානවා, බියර් බිව්වා කියලා පිළිගනින්” කියා තර්ජණය කර සිටියා.
14* ”බියර් බිව්වා කියා දාන්න කැමතිනම් අත් ඔසවපල්ල” කියා එම නිලධාරින් පැවසූ වා. බියට පත් මා ඇතු`ඵ පිරිස අත් එසවූවා.
15* පසුව මා ඇතු`ඵ හය දෙනාව පොලිස් ස්ථානය ඇතුලට ගෙනගොස් පොලිස් කූඩුවට දමනු ලැබුවා. පසුව පැයක් පමණ කුඩුවේ සිටින විට, කටඋත්තර ගන්න කියා – මා ඇතු`ඵ සිව් දෙනෙකුව එළියට ගෙන, වෙන් වෙන්ව කටඋත්තර ලියා ගත්තා.
16* කටඋත්තර ගත්තේ පොලිස් කාන්තාවක් විසින්. ඇය නිල ඇඳුම ඇඳගෙන සිටියේ නැහැ. ඇය මාගෙන් ”බිව්වා නේදැයි” කියා ඇසුවා. මා එය ප‍්‍රතික්ෂේප කර, මිතුරකු හමුවීමට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පවසා සිටියා.
17* එවිට එම පොලිස් කාන්තාව ”එතන හිටියා කියන්නේ බිව්වා තමයි, මම බිව්ව කියා ලියනවා” කියා, මොනවදෝ ලියා මාගෙන් අත්සන් ගනු ලැබුවා. ලියූ දේ කියවීමට දුන්නේ හෝ කියවා තේරුම්කර දුන්නේ නැත.
18* පසුව නැවත මා ඇතු`ඵ සිව් දෙනාව කූඩුවට දමනුලැබුවා.
19* ඊට පැය බාගෙකට පමණ පසුව, මා ඇතු`ඵ පිරිස කූඩුවේ සිටියදී, ස්ථානාධිපතිවරයා කූඩුව අසලට පැමිණ – ”ඔයගොල්ලෝ මොකටද ඇවිල්ලා ඉන්නේ” කියා ඇසුවා. මා ඇතු`ඵ පිරිස සිදුවූ දේ පවසා සිටියා. එවිට ස්ථානාධිපතිවරයා කටඋත්තර ගත් කාමරය දෙසට හැරී ”කව්ද බියර් බිව්වා කියලා කොල්ලෝ අරන් ආවේ” කියා හයියෙන් ඇසුවා. පසුව එම නිලධාරියා ඔහුගේ නිල කාමරයට ගියා.
20* එ් වන විට ධනුෂ්කගේ අම්මා හා තවත් අයකුගේ දෙමාපියන් පොලිසියට පැමිණ සිටියා. මා ධනුෂ්කගේ මව ලවා, මාගේ නිවසට සිද්ධිය දන්වා පණිවුඩයක් යැව්වා. එ් සමගම මා- මාගේ පියාගේ නංගී (මාගේ නැන්නදා* වෙත, ධනුෂ්කගේ මව ලවා සිද්ධිය දැනුම් දුන්නා. එ් අනුව මාගේ නැන්දාගේ සැමියා වන සිසිර කුමාර පොලිස් ස්ථානයට පැමිණියා.
21* ඔහු විසින් (සිසිර කුමාර* මා හට ඇප තැබුවා. 2014.02.13 දින අ`ථත් කඬේ අංක 04 මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙසට නියම කළා.
22* එදින මා ඇතුලූ හතර දෙනෙකු ඇප මත මුදාහැරියා.
23* එක් අයෙක්ව පසු දින අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බව ප‍්‍රකාශ කළා.
24*. එක් අයෙක්ව මුදා හැරියා.
25* මා, ධනුෂ්ක හා චතුරංග කිසිදු වරදක් නොකල අයවේ.
26* මාහට, ධනුෂ්කට හා චතුරංගට බියර් බෙන ලද බවට චෝදනා කළද අපව මොනම යම් හෝ අවස්ථාවකවත් වෛද්‍ය පරීක්ෂණයකට භාජණයට හෝ වෙනයම් පරික්ෂණයකට හෝ භාජනය කළේ නැහැ.
27* එදින මා ඇප ලබාගෙන පොලිසියෙන් පිටවන විට, රාත‍්‍රී 7.00 පමණ විය.
28* එදින එනම්, 2014.02.07 දින, රාත‍්‍රී 10.30 පමණ මාගේ පියා රැුකියාව නිමවී නිවසට පැමිණීමෙන් පසුව, මා, මාගේ මව, පියා, මාගේ නැන්දා – සිද්ධිය අදාළව පැමිණිලි කිරීමට මිරිහාන පොලිසියට ගියා. මාගේ පියා පොලිස් නිලධාරීන්ට සිද්ධිය පවසා – පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බව පවසා සිටියා. ඔවුන් ”මෙහෙ ආවේ මොකටද” කියා මාගේ පියාට බැණ වැදුනා. මාගේ පියා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ”මගේ පුතා බීලා තියෙනවානම් පරීක්ෂණයකට යොමු කරන්න” කියා. එවිට එම නිලධාරීන් මගේ පියාට බැණවැදුනා ”අපි ෙදාස්තරලා නොවෙයි, අපි පොලිසිය” කියා.
29* පසුව අප එතැනින් නික්ම යාමට සැරසීමේදී, අනෙක් නිලධාරීන් ”සර්” යනුවෙන් ආමන්ත‍්‍රණය කරන ලද නිලධාරියෙකු එම ස්ථානයට පැමිණියා. මාගේ පියා ඔහුට සිද්ධිය පවසා සිටියා. පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය වුවද, පැමිණිල්ල බාර නොගන්නා බවද පවසා සිටියා. එම නිලධාරියා විමසා සිටියා ”බැලූන් පිම්බුවාද” කියා. අප ”නැහැ කිිව්වා. ”එහෙනම් පැමිණිල්ලක් අවශ්‍ය නැහැ” කියා ඔහු පවසා සිටියා.
30* එවිට මාගේ පියා එම නිලධාරියාට පවසා සිටියා ”ප‍්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම” යන ව්‍යාජ චෝදනාව මාහට නගා ඇති බව. එවිට එම නිලධාරියා ”එහෙනම් පැමිණිල්ල සටහන් කරගන්න” කියා නිළධාරීන්ට දැනුම් දුන්නා. පසුව මාගේ පැමිණිල්ල සටහන් කරගත්තා. එයට අත්සන ගත්තා.
32* මාගේ පියා ඉල්ලීමක් කලා, මා 2014.02.13 දින අධිකරණයේ පෙනී සිටිය යුතු බැවින්, එදිනට පෙර පැමිණිල්ල විභාග කරනා ලෙසට. එවිට පැමිණිල්ල ලියූ නිලධාරියා පවසා සිටියා, ”තව දින 6ක් තියෙනවානේ, ඊට පෙර විභාග කරන්නම්” කියා පොරොන්දු වුනා. නමුත් මේ වන තෙක් පැමිණිල්ල විභාග කිරීමක් සිදුකළේ නැහැ.
33* 2013.02.13 දින අ`ඵත්කඬේ අංක 04 දරණ අධිකරණයට මා ඉදිරිපත් වුනා. එහිදී ”බියර්” පානය කිරීම සම්බන්ධ ව්‍යාජ චෝදනාවක් නගා තිබුනා. මා එම චෝදනාවට ”නිවැරදිකරු” බව ප‍්‍රකාශ කලා. මීලඟ නඩු දිනය 2014.05.22 දින වන අතර, නඩු අංකය 2499/4 වේ.
34* පසුව මාගේ පියා විසින් – මෙම කරුණ අදාලව 2014.02.16 දින, මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කරනු ලැබුවා. එහි අංකය ්‍යඍක්‍රැු791රැු2014 වේ.
අංගොඩ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද – නීති විරෝධී ක‍්‍රියාව හේතුවෙන්, තවමත් පාසල් අධ්‍යාපනය ලබන මා දැඩි මානසික පීඩනයකට, අපහසුතාවයකට පත්වනු ලැබුවා.
නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව පැය 03කට ආසන්න කාලයක් පොලිස් කුඩුවේ දමා දැඩි මානසික වධහිංසාවකට පත්කර, ව්‍යාජ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් නඩු පැවරීමෙන් – මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරනු ලැබූ බව ප‍්‍රකාශ කර සිටිමි.
මා ඉල්ලා සිටින්නේ, මෙම ව්‍යාජ චෝදනා නඩුව ඉවත් කරන ලෙසටය.
වීරප්පෙරුමගේ සුදේශ් රුවන්ත අතුකෝරළ,