අමිල ගුණරත්න
නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්. ඩබ් කන්නංගරයන් විසින් ලංකාවේ ග්‍රාමීය ජනයාටද උසස් අධ්‍යාපනය දොර විවර කලේ ඔවුන් පසුගාමී ග්‍රාමීයත්වයෙන් මිදී දියුණු සංස්කෘතිය සමග අනුගත වී එම දියුණුව තම ගම් බිම් කරා ගෙනයයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය.නිදහස් අධ්‍යාපනය තුලින් සමාජ සංවර්ධනය ඔහුගේ අපේක්‍ෂාව විය. මේ අනුව ගස් බඩගෑ ගම් බයියන් විශ්ව විද්‍යාල වලට ගෙන්වාගෙන මොවුන්ට හැන්දෙන් ගෑරැප්පුවෙන් කෑමේ සිට ශිෂ්ට සමාජයක හැසිරෙන අන්දම අයිවෝ ජෙනිග්ස් වැනි සුද්දන් මගින් උගන්වනු ලැබීය.
නමුත් සී ඩබ්. ඩබ් කන්නංගර විශ්වාස කල ලෙසට වැඩ කටයුතු සිදු වූයේ නැත. විශ්ව විද්‍යාල වලට පැමිනි ගම් බයියන් ශිෂ්ට වෙනවා වෙනුවට නූතනත්වය ප්‍රතික්‍ෂේප කොට වඩ වඩාත් තමන් ගේ ග්‍රාමීය පසුගාමිත්වය විශ්ව විද්‍යාල වල ස්ථාපිථ කලහ. මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල වල ග්‍රාමීය පසුගාමීවාදය ඉහටත් උඩින් ගොස් තිබේ. විශ්ව විද්‍යාල වල ඉංග්‍රිසියෙන් කථා කිරීම තහනම් කිරීම, ඩෙනිම් කලිසම් තහනම, විලාසිතා තහනම, චීත්ත ගවුම් ඇඳීමට බල කිරීම , සෙරෙප්පු දැමීමට බල කිරීම වැනි පසුගාමී මතවාද මේ ගම් බයියන් විසින් වපුරනු ලබයි. නූගත් ග්‍රාමීය පසුගාමීත්ව ලංකාවේ විශ්ව විද්‍යාල වල තදින්ම ස්ථාපිත වී තිබේ.
මෙවැනි පරිසරයක ඉගෙනුම ලබා උපාධි ලැබ සමාජයේ වගකිව යුතු තනතුරකට යන පුද්ගලයා රැකියාව කරන ආයතනයේද ගෙන යන්නේ මේ නොදියුණු අසංකෘතික පසුගාමී ග්‍රාමීය මතවාදයයි. උදාහරනයක් ලෙස ගමේ ඉස්කෝලේ ඉගෙනුම ලබා දිස්ත්‍රික් කෝටාවට පින්සිදුවන්නට අඩු උසස් පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය එස් බී දිසානායක, ගාමිනී සමරනායක, ගාමිනී කීරවැල්ල, සරත් විජේසූරිය (අවශ්‍ය නම් මේ ලැයිස්තුවට තවත් නම් එකතු කරගන්න) වැන්නවුන් මේ සමාජයේ සාධනීය වෙනසක් සිදු කොට තිබේද ? මොවුන් පසුගාමී ග්‍රාමීය චින්තනයෙන් සම්පූර්ණයෙන්ම මිදී සිටියිද ? ප්‍රතිපත්ති හා මතවාද ස්ථාපිත කිරීමේදී මොවුන් තම තමන් ගේ ග්‍රාමීය පරිසරයෙන් ගෙන ආ අසංස්කෘතික නොදියුණු පසුගාමීත්වය ඒවාට මුහු නොකරන්නේද ?
මෙවැනි තත්වයක් යටතේ නිදහස් අධ්‍යාපනය විශ්ව විද්‍යාල දිවි හිමියෙන් රකිනවා කියමින් උද්ඝෝශනය කළ වාසුලා , සෝමවංසලා , වීරවංසලා තමන් ගේ දරුවන් ග්‍රාමීය පසුගාමීත්වය අසංස්කෘතික බව පිරී තිබෙන ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොයවා අධ්‍යාපනික වටිනාකම් හා ශිෂ්ටත්වයෙන් යුතු බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යැවීම ගැන පුදුම නොවන්න.