කතා කිරීම තහනම් කිරීම සඳහා අධිකරණයට බලයක් නෑ - වැලිඅමුණ





මානව හිමිකම් ක්‍රියාධරයන් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා හට මාධ්‍යය සඳහා අදහත් දැක්වීම තහනම් කර නියෝගයක් ලබා දීමට අධිකරණයට බලයක් නැතැයි ජේෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා මාධ්‍ය වෙත පවසා සිටී.

එසේම මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන තොරතුරු එකතු කිරීම, දකුණ හෝ උතුර කියා තහනම් කළ නොහැකි බවත් ඊට බාධා කිරීමට නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාශය සිදු කරමින් පවතින විමර්ශනවලට රුකී සහ ප්‍රවීන් දෙදෙනා මාධ්‍යවලට අදහස් දැක්වීමෙන් බාධා සිදුවන බව පවසා අධිකරණය මෙම නියෝගය දී ඇති බව වාර්තා වේ. මෙය දැඩිව විවේචනය කරන වැලිඅමුණ මහතා පවසා සිටින්නේ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ මෙවැනි නියෝගයක් දීමට නීත්‍යානුකූල බලයක් අධිකරණයට නැති බවයි. Lankanewsweb