| නිලන්ත ඉලංගමුව
ගැටලුවේ බරපතල කම තේරුම් ගැනීම සරලය. ජනාධිපති මහින්ද රාජපක්ෂ නොමැති
වටපිටාවක, ශිරන්ති වික්‍රමසිංහ පමණක් සිටින්නේ
යැයි සිතමු. ඇයට පුතුන් තිදෙනෙකි. ඊට අමතරව තවත් දියණියක් ඇතැයි සිතන්න. පුතුන්
තිදෙනා නොයෙක් සමාජීය ව්‍යාකූලබාවයන් වලට හසුවීම හමුවේ ඉන් දෙදෙනෙක් මියගොස්
ඇතැයිද එක් අයෙක් කුමන හෝ තැනක බලෙන් රඳවාගෙන ඇතැයිද සිතමු. ඇය තම දියණිය සමඟ
සිටිමින් ජීවත්වන බවට සැක කරන තම පුත්‍රයා සොයා සෑම තැනකම හඬමින් වැලපෙමින් ඇවිදින
ආකාරය ගැන සිතමු. ඇය පිටුපස තම දියණියද හඬමින් තමන්ගේ ඉතුරු එකම සහෝදරයා කෙසේ හෝ
සොයා ගැනීම සඳහා ජීවිතයේ ඇයට වටිනාම වූ අරගලයේ යෙදෙන්නීය.
හිටිඅඩියේ ඇය සිරභාරයට ගෙන, ඇගෙන් තම දියණිය උදුරා වෙනත් තැනක රඳවනු ලබයි. ආඥාදායක රාජපක්ෂ මෙන්ම
ඔහුගේ ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂද තේරුම් ගත යුතුව ඇති බරපතල සත්‍ය මෙයයි. මෙම
සියලු අකටයුතුකම් අවසානයේ ඇඩොල්ෆ් අයිච්මාන්ගේ නඩුව මෙන් පශ්චාත් තාප වූ අනුකම්පාව
අපේක්ෂාවෙන් සිදුකරණ දෙයක් ඇසීමේ වුවමනාවක් අපි කිසිවෙකුට නැත. මෙවැනි අකටයුතුකම්
නවතා දැමිය යුතු දෑ වන අතර මෙවැනි දෑ ආඥාදායක රාජපක්ෂ මෙන්ම ඔහුගේ ආරක්ෂක
ලේකම්වරයා හිතා මතාම තම ඍජු බලපෑමෙන් සිදුකරනු ලබන කටයුතු වේ.
ජවිපෙ නායක රෝහණ විජේවීර මරාදැමීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ ඇයගේ දරුවන් වෙන් කොට ඇය බූස්ස කඳවුරට යවා ළමුන් ළමා
පරිවාසයට යොමු කළේ නැත. සෑම ගැටලුවකදීම එය විසඳීමේදී මනුෂ්‍යයින් ගැටලු විසඳන ආකාරයෙන්
ඒවා විසඳා ගැනීමට දේශපාලන නායකත්වය මෙන්ම ඒ වටා බැඳුණු අනෙක් කේෂ්ත්‍ර සමත් විය
යුතුය. රාජ්‍ය පාලනය වූ කලීඑයයි. ජයකුමාරි , ඇයගේ දියණිය මෙන්ම ඇයගේ පුත්‍රයින්
තිදෙනාද අවසන් විග්‍රහයේදී අප වැනිම මනුෂ්‍යයින්ය.
රාජපක්ෂට මෙන්ම ඔවුන්ටද ජිවීතයේ වටිනාකම , ගෞරවය සහ නිදහස අවශ්‍යය. ඇයට තම නැති වූ
පුත්‍රයා සොයාගැනීම සඳහා කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි අයිතියක් තිබේ. එසේම වයස
අවුරුදු 13 ක් වන ඇයගේ දියණිය ඇගෙන් උදුරාගෙන පරිවාසයකට ඇද දැමීම කළ හැක්කේ අමනුෂ්‍යයින්ට
පමණි. රාජපක්ෂ වරිගය තමන් වෙතින්ම අසාගත යුතු මුලික ගැටලුව වන්නේ මෙයයි. මෙය කිසිඳු
ස්වභාවික නිතීයක් නුහුලන අපරාධයක් වන අතර මෙය කළ හැක්කේ කුමන හෝ ශාපයකට ලක්වූ ජාතියක්
මර්ධනය කරන අයවලුන්ට පමණි.
කිසිඳු අධිකරණයකින් පිළිගත් නඩුතීන්දුවකට හෝ වරෙන්තුවකට අනුව ඇය අත්අඩංගුවට
ගෙන නොමැත . ඇයගේ අත්අඩංගුවට ගැනීමද අනෙකුත් දෑ මෙන් සාදාරනීකරණය කොට ඇත්තේ ඇත්තේ
ත්‍රස්ත විරෝධී පනතිනි. පැනනගින ගැටලුව රටේ නායකයා මුළු රටම මුදාගත්තේ යැයි
කියමින්, ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේ යැයි කියමින් නැටූ නාඩකම මුසාවක්ද යන්නය.
එසේම ආගමික වශයෙන් පුහු බෞද්ධකමක් මවාගෙන සෑම තැනකම බුදු පිළිම තනා හෝ තබා වන්දනාමාන
කරමින් මෙම සිදුකරන සෙල්ලමේ අභ්‍යන්තරයෙන් දිවෙන විෂ මෙයයි.
මා විසින් මීට පෙර ලියනු ලැබූ ලිපියේදී න්‍යායික වශයෙන්
සමස්ථය වෙලී සිටින අවුල අතිශය සරල සහ කෙටියෙන් පැහැදිලි කිරීමට යන්ත දැරුවෙමි.
ජාතියක මුග්දකමින් සහ තමන් වැරදිබව පිළිගැනීමට නොහැකි උඩඟු ගතියෙන් දරුණු ලෙස ඵල ප්‍රයෝජන ගැනීමේ වඩාත් පැහැදිලි නිදර්ශනය
රාජපක්ෂ වරිගයය.
කෙසේ වෙතත්, කිලිනොච්චියේ ජීවත් වූ බාලේන්ද්‍රන් ජයකුමාරී හා
සම්බන්ධයෙන් මතු වී ඇති තත්වය ලංකාවේ
පවතින බරපතල විශමයේ එක් නව සිදුවීමක් පමණි. බලය ඇත්තා යමෙකුට යමක් කිරීමට අණ කරනු
ලබයි. ඒ ඔහු විසින් ලබාගෙන හෝ අනෙකාගේ උපායන් නිසා තමාට ලැබුණු බලයක් අයුතුලෙස හෝ
වඩාත් ගූඪ ලෙස භාවිත කරමිනි. බලය පවතින තාක්දුරට තමන් විසින් සිදුකරමින් පවතින දෑ
කිසිවක් තමන්ට එරෙහිව සිදු නොවන බව විස්වාශ නොකිරීමට වඩා මෙහි ඇත්තේ නිවැරදි
තක්සේරුවකින් කරනු ලබන මෙහෙයවීමකි. ගැටලු සහ පරාජයන්ගෙන් පසු වේලුපිල්ලේ ප්‍රභාකරන්ට
ගැසූ අඹුඩයම තමන්ට වදින බව ඔවුහු දනිති. එම නිසා තමන්ගෙන් බලය ගිලිහීම වැලැක්වීම සඳහා ඕනෑම අකටයුත්තක්
කිරීමට මැලි නොවෙති. මෙය ඇඩොල්ෆ් අයිච්මාන් රැගෙනවිත් ඊශ්‍රායලයේ පැවති නඩු විභාගය
වාර්තාකිරීමට ගිය හානා අරන්ට් කියූ පරිදි, යක්ෂයාගේ තුච්ඡකමයි.
මනුෂ්‍යයින් ලෙස අපි කිසිවෙකුට මෙය ප්‍රතික්ෂේප කළ හැකිද? යුද්ධය
නිමාකළේ යැයි උදම් අනන ආඥාදායකයා සහ ඔහුගේ වරිගය සිහිනයකිඳු සාදාරනීකරණය කළ හැකිද?
මෙවැනි දෑ වලට එරෙහිවීමට එය ඔබට සිදුවන තෙක් බලාසිටීමේ බයාලු ගතියෙන් අපේ ජාතියම
වෙලී සිටින්නේද? ජයකුමාරිගෙන් වෙන්කරනු ලැබූ දියණියගේ, මානසික කම්පනය ඇයගේ
ජීවිතාන්තය දක්වා සුව කිරීමට හැකියාවක් තිබේද? රාජපක්ෂ විශ්වාස කරන්නේනම් අදාළ
කාන්තාව, ගෝපි සමඟ එක්ව, කොටි සංවිධානය යළි ඇති කිරීම සඳහා කටයුතු කළ බව, යුක්තිය
පසිඳලීමේ ක්‍රමය මෙකී අශිෂ්ඨ දුර්ගුණ ක්‍රමය පමණක්ද? සංවේදී නායකයාගේ නියම සංවේදීකම
වනාහී මෙයයි. මෙවැනි කටයුතුවලින් යළිත් ජනකොටස් බෙදමින් සහ යළිත් ත්‍රස්තවාදය සඳහා
හේතූ නිර්මාණය කරන්නේ ආඥාදායක රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයින් මිස වෙන කිසිවෙකු
නොවේ. පෙනෙන හැටියට ඔහුට ඇති ලොකුම ගැටලුව යුද්ධය නිමාවීම සහ එය යළි ඇතිකිරීමේ උභතෝකෝටිකයය.