පින්තූරයක කතාව


 අමිල ගුණරත්න

ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව පන්දහසක් පමණ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරට එක්‍ රැස්ව දැවන්ත උද්ඝෝෂණයක් පැවත්වූහ. ඉතාලියෙන් පමණක් බස් 50කින් ශ්‍රී ලංකිකයෝ එහි ගියහ.

මේ පිරිස ශ්‍රී ලංකාවේ සමගියට හා සංහිඳිවාට බාධා නොකරන ලෙස ඉල්ලන පෙත්සමක් ද එක්සත් ජාතින්ගේ සංවිධානයට බාරදුන්හ​. මොවුන් සියලුදෙනාම දේශප්‍රේමීන් ද ? දේශප්‍රේමය යනු කුමක්ද ? හැකියාවක් තිබේ නම් මේ උද්ඝෝෂණයේ සිටින දේශප්‍රේමීන් ගේ වීසා ඉතිහාසය සොයා බලන්න​. මෙතන සිටින බොහෝ දෙනෙකු බෝට්ටු වලින් යුරෝපයට පළා ගොස් ලංකාණ්ඩුවෙන් තමාගේ ජීවිතයට මරණ තර්ජන ඇති බව කියා සුද්දන්ව අන්දවා එසයිලම් ලබා ගත් සිංහලයෝ වෙති. මේ අවස්ථාවේදී මොවුන් අන්දවන්නේ කාවද ?