“සමලින්ගිකත්වය ත්‍රස්තවාදය වගෙයි.”


හර්ෂි සි. පෙරේරා
මෙසේ කියන්නේ කෙන්යාවේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයෙකි. ඔහු අඩන් දුවලිය. ඔහු පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කලේ සමලින්ගිකත්වයද සමාජයට වින කරන දෙයක් ලෙස සැලකිය යුතු බවයි. ඔහු කියන්නේ උගන්ඩාවේ මෙන් කෙන්යාවේද සමලිංගිකත්වය නීතිවිරෝදී කිරීමට තමන් නිර්බිත විය යුතු බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ මෙම කරණය සම්බන්දයෙන් ක්‍රියා කල යුත්තේ ත්‍රස්තවාදය සම්බන්දයෙන් ක්‍රියා කරන්නාක් මෙන් බවයි. කෙන්යානු විවස්ථාවේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ මේ සම්බන්දයෙන් ප්‍රතිපාදන ඇත. නමුත් ඒවා දැඩිව ක්‍රියාත්මක නොවන්නේ ආණ්ඩුව එමගින් ජාත්‍යන්තර ආදාර නැති වෙයි යනුවෙන් බියට පත්ව ඇති නිසාය. 2010 සිට කෙන්යාවේ සමලිංගික සිද්දීන් 595 ක් විමර්ශනය කර ඇත. ඒ අලුත් විවස්ථාව හදුන්වා දීමෙන් පසුවය. අදීකරණය ඔවුන් අතරින් සමහරෙක්ව වැරදිකරුවන් කර සමහරෙක්ව නිදොස්කොට නිදහස් කර තිබේ. දැන් කෙන්යාවේ සමලිංගික කණ්ඩායම් ශක්තිමත් වී ඇත. ඒ නයිජීරියාවේ සහ උගන්ඩාවේ සමලිංගික විරෝදී නීති දැඩි කිරීමත් සම්බන්දයෙනි. අප්‍රිකාවේ සමලිංගිකත්වය පුළුල් වශයෙන් තහනම් කර ඇති අතර එය රටවල් 37ක නීතිවිරෝදී කර තිබේ.