මායා බලයෙන් සතුරන් දඩයම් කිරීම.


හර්ෂි සි. පෙරේරා
මෙය කාන්තාවන්ට එරෙහිව සිදුකරන සන්විදානාත්මක වෙනස්කමකි. මේ තත්වය ඉන්දියාවේ බහුලව පවතී. 2013 ඔක්තෝම්බර් මාසයේ TORTURE නම් සගරාවට අන්ජුමන් ආරා බෙගම් විසින් සුවකිය ඉන්දියානු අත්දැකීම් මුල් කරගෙන මේ පිලිබදව ලිපියක් ලියා තිබිණි. මෙම ලිපිය ඒ ආශ්‍රයෙන් සැකසුනකි. එහි හැදින්වීමේ පහත නිදසුන විය. ” එවන විට මට වයස අවුරුදු 50 ක් පමණ වෙනවා. මට මායාකාරී යන ලේබලය අලෙවුවා. මම දැන ගෙන හිටියේ නැහැ මම මායාකාරියක් කියලා. ඔවුන් මා රදවාගෙන දින දෙකක් වදහින්සාවට පාත්‍ර කළා. මාව ගෙදරින් එලෙවුවා. මා නීතිය හමුවට ගියා. වසර 08 ක පමණ නීතිමය අරගලයේ ප්‍රතිපලයක් ලෙස නැවත මම පෙරලා මගේ නිවසට පැමිණියා. මගේ සියලු දේ රත්තරන් බඩුද ඇතුළුව ඒ වෙනුවෙන් විකුණුවා. අවසානයේ මම නිවසට පැමිණියා.”
ස්ත්‍රී පුරුෂ සැමාජබාවය මත සිදුකරන සංස්කෘතික ප්‍රචණ්ඩත්වය/මරා දැමීම විශේෂයෙන් දකුණු ආසියාව ඇතුළු සමාජ කිහිපයකට පොදුයි. නුතන අද්‍යාපනය සහ පුළුල් අවබෝදය තිබුනත් තවමත් ස්ත්‍රී පුරුෂ සමාජබාවය පිළිබද සබදතා සහ පුරුෂදිපත්ය වෙනස් වී නැහැ. ඉන්දියාවේ බොහොමයක් ප්‍රදේශ වල කාන්තාවන් ස්ත්‍රී පුරුෂ සමාජබාවය මත සිදුකරන වෙනස්කම් වලට මුහුණ දෙනවා. මායා බලයෙන් සතුරන් දඩයම් කිරීම කියන බාවිතාව ඇසම් වල බොහොමයක් ප්‍රදේශ වල සහ ඉන්දියාවේ සමහරක් ප්‍රාන්ත වල ක්‍රියාත්මක වෙනවා. මායාකාරී ලෙස හදුන්වන පිරිමියාට හෝ ගැහැණියට චෝදනා එල්ලවනවා ඇය මැජික් බලයෙන් තම ප්‍රජාවට අයහපතක් සිදුකරන බව. මායාකාරීන් ලෙස හංවඩු ගැසූ බොහෝදෙනා පහසුවෙන් පිඩාවට පත්වියහැකි කාන්තාවන්, පිරිමින්, ළමයින්, වැඩිහිටියන් හෝ මානසික ආබාද වලට ලක්වූ අය. සමහරවිට මෙම වින්දිතයින් චුදිතගේ පුද්ගලික කුඩුකෙජු කම්වලට පාත්‍ර වූ අය වෙනවා. මෙලෙස මායාකාරී යන ලේබලය ඇලවූ අයව බොහෝ සිදුවීම් වලදී මරාදමනවා. නැතිනම් ප්‍රදේශයෙන් එළවා දමනවා. මෙලෙස කිරීම ගැන කිසිවෙකුට දඩුවමක් හිමිවෙලා නැහැ. මේ තත්වය රාජ්‍ය නොවන පාර්ශවයෙන් සිදුවන අපරාදයකි. එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන්කිරීම පිළිබද සම්මුතිය 1979 සිට ක්‍රියාත්මක වන අතර එය ඉන්දියාව විසින්ද සහතික කර තිබේ.
මෙම මායාකාරී බලයෙන් සතුරන් දඩයම් කිරීම යන්න බාවිතයේ යෙදීම නිසා කාන්තාවන්ගේ ජිවිතයට බරපතල බලපෑමක් එල්ල වී ඇත. ඒ සදහා සැකකරන කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට මරණයට හෝ ගමෙන් පන්නා දැමීමටද ගොදුරු වේ. මෙය ජිවිතයට ඇති අයිතිය උල්ලංගනය කිරීමකි. නමුත් එම අයිතිය ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇත. මායාකාරී ලේබලය ඇලවූ අයගේ දරුවන්ද මෙම තත්වය හමුවේ පිඩාවට පත්වේ.
මායාකාරීන් ලෙස චෝදනාවට ලක්වූ අය මරා දැමීම වාර්තා වන රටවල් ලෙස කතුවරිය පෙන්වා දෙන්නේ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුන්ඩි, ගානාව, ටැන්සානියාව, දකුණු අප්‍රිකාව, ඇන්ගෝලාව, මාලි, කොන්ගෝව, නයිජීරියාව සහ නෙපාලයයි. මෙවැනි තත්වයක් නොවේ, සුවිදන් සහ ඇමෙරිකාවේ දක්නට ලැබුනද මෑතකදී ඒ පිළිබද වර්තාවීම් නැත. මෙම රටවල් බොහොමයක් මෙම තත්වය සම්පුර්ණයෙන්ම ඉවත්කර තිබේ.

ඇසැමයේ සිවිල් සමාජය මෙම තත්වයට විරුද්දව දිගින් දිගටම කටයුතු කරනු ලැබේ. සවුක්ය පද්දතියේ කඩා වැටීම, සාක්ෂරතාවය නොමැතිකම සහ ග්‍රාමීය ප්‍රජාව තුල පවත්නා මිත්‍යාව හේතුවෙන් මායාකාරී ලෙස ලේබලය ඇලවූ කාන්තාවන් මරා දැමීම සිදුවේ.
මෙම කරුණ ගැන කඩිනමින් කටයුතු කල යුතු බවත් මෙම කෘර බාවිතාවේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා දඩුවම් කිරීමේ අවශ්‍යතාවය කතුවරිය විසින් පෙන්වා දෙනු ලැබේ. තවද ආණ්ඩුව වින්දිතයින් බවට පත්වූ කාන්තාවන්ට කඩිනමින් අවශ්‍ය පුනුරුත්තාපනය සහ වන්දි ලබාදීම කළයුතුව ඇත. තවද ජනතාව තුල මේ පිලිබදව අවබෝදයක් ඇති කල යුතුය. තවද මිත්‍යාවට එරෙහිව විද්යානුකුල මනසක් ජනතාව තුල ඇති කල යුතුව තිබේ. තවද මෙම බාවිතය තහනම් කරන ප්‍රතිපත්තියක් ස්ථාපිත කල යුතුව ඇත.