පැහැරගෙන ගොස් සිටින දියණිය සොයා දෙන්න ! මවක් ඉල්ලයි.

 හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ වේගවත් සන්වර්දනයක් සිද්ද වේ. නමුත් නීතිය මත පාලනය බිද වැටී ඇත. මෙයින් බැට කන්නේ සාමාන්‍ය ජනතාවයි. එක් අතකට පුදුම විය යුතු නැත. පොලිස් මාද්‍ය ප්‍රකාශක පවා එළිපිටම ආණ්ඩුවේ හොරනාවක් බවට පත්වී තිබේ. මෙවන් තත්වයක් තුල කාගෙන් යුක්තිය අපේක්ෂා කරමුද? සමන්මලී කුමාරිගේ සිද්දිය කියවන්න. ඔබ නිහඩ නොවන්න. මක්නිසාද ඊලග අයුක්තියේ ගොදුර ඔබ වියහැකි නිසාය. 

01. නියෝජ්‍ය පොලිස්පති
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
පානදුර

02. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
ක`ඵතර

පැහැරගෙන ගොස් තිබෙන දියණිය සිටින තැනක් සොයා 
ඇයට ආරක්ෂාව සලසන ලෙසට කරන ඉල්ලීම.

සිංහාරගේ සමන්මලී කුමාරි සිල්වා, අවු: 37 යි, (ජා.හැ.අ. 776631108 ඪ* විවාහක, දරුවන් 02 යි, ලිපිනය: 182, සිල්ව ඬේල් වත්ත, දොලේ ලන්ද පාර, ෙදාඩන්ගොඩ,
දුරකතන අංක: 072 4759561 2014.02.24 වන දින දීය.

පනාපිටිය ලියනගේ දිස්නා මධුවන්ති, අවු: 21 යි, මාගේ දියණිය වේ.
ඇය 2014 අ.පො.ස. (උසස් පෙළ* විභාගයට පෙනී සිටීමට නියමිතය.
2014.01.28 වන දින උදේ 8.00 ට කඵතර ”සක්සස්” පුද්ගලික ආයතනයේ උපකාරක පංති වලට සහභාගී වීම සඳහා ගෙදරින් පිටවිය.
පංති ඉවර වී, සවස 2.00 ට පැමිණිය යුතු නමුත් ඇය පැමිණියේ නැත. ප‍්‍රමාදය පිළිබඳව සොයා බැලීමේදී, මාගේ සැමියාගේ මල්ලීගේ බිරිඳ හංසිකා සුභාශිනී ප‍්‍රකාශ කළා, ක`ඵතර බස් නැවතුම් පලේදී මාගේ දියණිය, දිනේෂ් නැමති තරුණයකු සමග කතා කරමින් සිටිනවා දුටු බවත්.
එ් අවස්ථාවේ ඇය ඔවුන් ළඟට ගොස් දෙදෙනාවම, මාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරා වන ජීවන් ප‍්‍රීති විරාජ් වැඩ කරන ස්ථානයට රැුගෙන ගිය බවත්.
එම ස්ථානයේදී මාගේ දියණියව හා දිනේෂ් නැමති අයව, සවස 4.00 පමණ වන තෙක් රඳවා තබාගෙන තිබේ. එ් අතර දියණිය ඔවුන්ගෙන් මිදී ගොස් තිබේ. දිනේෂ් නැමති අය දියණිය කොහේ ගියාද, කොහේ සිටිනවාද කියා දන්නේ නැති බව ප‍්‍රකාශ කළා.
මේ අතර දිනේෂ්ව රැුගෙන මාගේ සැමියාගේ මල්ලි හා ඔහුගේ බිරිඳ ෙදාඩංගොඩට පැමිණියා. එසේ පැමිණ සිටින විට දිනේෂ් ගේ මාමා කෙනෙකු කතාකොට වහාම දිනේෂ් ට යන්න හරින ලෙසට තර්ජනය කළ බවත් එ් අනුව ඔහුව මුදාහල බවත් ප‍්‍රකාශ කළා.
පසු දින, 2014.01.29 වන දින මා දොඩංගොඩ පොලීසියට ගොස් පැමිණිලි කළා. එදින දෙඩංගොඩ පොලීසිය, දිනේෂ් ගේ 075 8671206 අංකයට ඇමතුමක් දුන්නා. නමුත් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එවිට දිනේෂ් ගේ මාමා කෙනෙකුගේ බව ප‍්‍රකාශ කළ 077 9222559 අංකයට කතා කළා. එයට ප‍්‍රතිචාර ලැබුණා. පොලීසිය ඔහුට අවවාද කළා දියණියව ද රැුගෙන පොලීසියට එන ලෙසට. නමුත් ෙදාඩංගොට පොලීසියට ඔවුන් පැමිණියේ නැහැ.
පසුදින, 2014.01.30 වන දින, දිනේෂ්ගේ මාමා දුරකතනයෙන් දැනුම් දුන්නා පානදුරයට එන ලෙසට. එ් අනුව මා පුතා සමග පානදුරයට පැමිණියා. මාගේ දුව හා දිනේෂ් ද පැමිණියා. මමත්, පුතත්, දිනේෂ්, දිනේෂ් ගේ මාමා හා දියණිය, පානදුර දකුණ පොලීසියට පැමිණියා. පානදුර දකුණ පොලීසියේදී, දිනේෂ් යන අයගෙන් ප‍්‍රකාශයක් ගත්තා. දියණිය ගෙන් ද ප‍්‍රකාශයක් ගත්තා.
ඉන් පසු දියණියව මට බාර දුන්නා. මා දියණිය රැුගෙන මාගේ ක`ඵතර මහ ගෙදරට ගියා. ? එහි නැවතුනා.
පසු දින, 2014.01.31 වන දින දියණිය හා මා ෙදාඩංගොඩ නිවසට ගියා. එවිට වේලාව උදේ 7.00 ට විතර ඇති. ටික වේලාවකින් දියණිය නිවසින් පිටවෙලා ගියා. 2014.01.31 වන දින සවස් වන තුරු බලා නොපැමිණි නිසා නැවත ෙදාඩංගොඩ පොලීසියට ගොස් පැමිණිල්ලක් දැම්මා.
දින දෙකකට පසුව, 077 3025296 අංක දරන දුරකතනයෙන්, මාගේ මල්ලී ගේ දුරකතනයට පණිවිඩයක් එවා තිබුණා දියණිය හොඳින් ඉන්නවා කියා.
එම දුරකතන අංකයට 077 3025296 සම්බන්ධ කර ගැනීම දුසෂ්කරවුනා. ෙදාඩංගොඩ පොලිසියෙද් එක්වරක් එම දුරකථනයෙන් ප‍්‍රතිචාර ලැබුනා. පොලිස් ස්ථානිධිපති ඇමතුම දුන්න අයට කිව්වා විවාහවෙලා ඉන්නවා නම් කසාද සහතිකය අරන් එන්න ප‍්‍රශ්නයක් නැහැ කියලා. නමුත් පිළිතුරු දුන්නේ නෑ.
දොඩංගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් මතුගම අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව මට දැනුම් දුන්නා.
2014.01.29 දින 077922254 අංකයෙන් අපි කොස්ගොඩ හැප්පෙන්න ආවොත් මරණවා කියා තර්ජනය කල බවද සඳහන් කරමි.
මා ප‍්‍රකාශකරන්නේ මාගේ දියණියට අනතුරුක් සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි.
එම නිසා මාගේ දියණිය සිටින තැනක් ඉක්මන් සොයා දීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමි.
විශේෂයෙන් දුරකථන පණිවුඩ හා අදාල තොරතුරු ලබා ගැනීමටද,
පානදුර දකුණ පොලීසියට 2014.01.30 දෙන ලද ප‍්‍රාකාශය අනුව සිටින තැන මට දැන ගැනීමට ඉඩ සලසන ලෙසටද විශේෂයෙන් දිනේෂ් යන අයගේ ලිපිනය මා වෙත දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටිමි.
ෙදාඩංගොඩ පොලීසිය මා වෙත හා ක`ඵතර දකුණ පොලිස් අධිකාරී වෙත දැනුම් දුන් පරිදි මේ සිද්ධිය පිළිබඳ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ නම් එම නඩුවේ අංකය, පවරන ලද දිනය හා මීළඟ කැඳවීමට නියමිත දිනය මා වෙත දැනුම් දෙන ලෙසට ද ඉල්ලමි.
සිංහාරගේ සමන්මලී කුමාරි සිල්වා
පිටපත: පොලස්පති,
පොලිස් මූලස්ථානය
කොළඹ 01