ළමා රු රැජින තරග එපා – රුසියානු තහනමක් !


හර්ෂි සි. පෙරේරා
රුසියානු මන්ත්‍රීවරයකු ළමුන් රුප රාජිනි තරග වලට යොදා ගැනීම මුළු රටේම තහනම් කරන්නයි ඉල්ලීමක් කරයි. මේ පිළිබද නීති කෙටුම් පතක් දැනටමත් එරට පාර්ලිමේන්තුවේ පහළ සබාවට ඉදිරිපත් කර තිබේ. එමගින් මෙය උල්ලංගනය කරන අයට විශාල දඩ මුදල් සේවය තහනම් කිරීම සහ සිරදඩුවම් නියම කිරීමට නියමිතය. මෙවැනි තරග වලට ළමුන් ඉදිරිපත් කරන දෙමාපියන්ට බාරකරුවන්ට එවැනි උත්සව අනුමත කරන නිලදාරින්ට සහ සන්විදයකවරුන්ටද මෙම දඩුවම් වලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙවැනි තරග ළමුන්ගේ සවුක්යට අහිතකර වන අතර එය ළමුන් කාමුක කටයුතු වලට යොදා ගැනීමට අනුබල දීමක්ද වේ.