මා පුරවැසියෙක් අප හැමෝම පුරවැසියෝ දැන් පටන් ගමු.


සුනන්ද දේශප්රිය

ප්රජාතන්ත්රිවාදී ක්රමයක ජායාවක් නැති රටක එනම් විරුද්ධ දේශපාලන පක්ෂ ස්වාධීන අධිකරණ පද්ධතියක් සිවිල් සමාජයක් නිදහස් ජනමාධ්ය මල අන්තර් ජාල නිදහස සහ මැතිවරණ ක්රමයක් යනාදී කිසිවක් නැති රටක ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා සටන් කිරීම කලු ගලේ ඔලුව ගසා ගැනීමෙකැයි බොහෝ අයෙක් සිතන්නට පුළුවන. 


එනමුත් නිදහස සහ ආත්ම ගරුත්වය සඳහා වන  ලැදියාව මානවයාගේ උප්පත්ති ලක්ෂනයකි. ඒ ලක්ෂනය විටෙක මහා පරිමාණයෙන් ද විටෙක තනි තනිව ද ඇති විය හැකි විපාක නොසළකා ප්රකාශයට පත්වෙයි. වෙනස්කම් ඇති වන්නේ එවැනි ව්යායාමයන්ගෙනි.

සූ ෂියෑන්ග් එවැනි මිනිසෙකි. හතලිස් වියැතිය. විවාහක ය. එක් මසක් වසැසැති දියණියකගේ පියෙකි. නීතිඥයෙකි. නීති ශ්රාස්ත්ර්ඥයෙකි. විශ්ව විද්යාල ආචාර්යවරයෙකි. සිවිල් ක්රියාධරයෙකි. අනාගතය ගැන විශවාස කරන්නෙකි. ජිවත් වන්නේ චීන හිර ගෙදරක ය. දඬුවම සිව් වසරක් වුව ද නිදහස ලැ‍බෙන දිනයක් නොදනී. මන්ද යත් කැමැත්තෙන් පුනරුත්ථාපනය නොවනන්ට දිගින් දිගටම නඩු පටළැවීම එරට පිළිවෙත නිසා ය. එහි ආන්ඩුව ද ජනමාධ්යි ද අධිකරණය ද පාලනය වන්නේ එකම  පක්ෂයකිනි. සූ ෂියෑන්ග් එම සමාජයෙහි ප්රතිසංස්කරන ඉල්ලා සාමකාමී මහජන ව්යානපාරයකට මුල පිරුවේ ය.  එය නව පුරවැසි ව්යාරපාරය නම් විය. එහි සාමාජිකයෝ අන්තර් ජාල හමුවීම් පැවැත් වූහ‍. සෑම මසකම අවසාන බ්ර්හස්පතින්දා තමන් ජිවත් වන කලාපයෙහි රෑ කෑමකට එක් වී ඉදිරි කටයුතු කතා බහ කළහ.

2013 මුලදී සූ ෂියෑන්ග් අත් අඩංඟුවට ගැනුනේ මහජන කැළඹිළි ඇති කළේ ය යන චෝදනාව මත ය. 2014 පෙබරවාරියේ දී ඔහුට දඩුවම් පැණවින. සූ ෂියෑන්ග් එරට සාමාන්‍යයෙන් කැරෙන පරිදි දඩුවම අවම කර ගනු පිණිස වරද පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඔහු සිය රටෙහි ප්රජාතන්ත්රුවාදී ප්රතිසංස්කරනයන් සාධාරණ කැරෙන දීර්ඝ ප්රෙකාශයක් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය. ඉන් ඇසෙන්නේ  ආත්ම ගරුත්වය ඇති පුරවැසියකුගේ ආත්මීය  අපේක්ෂාව යි. ඉන් පෙනෙන්නේ අනාගතය පිළිබඳ ඇති විශ්වාශය කෙරෙන් පැන නගින යටපත් නොවන අධිශ්ඨානය යි.

පහත පළ වන්නේ  එම ප්ර කාශයේ දළ සාරාංශයකි. ප්රෙජාතන්ත්රවාදී අපේක්ෂාවන් පෙරදැරිව වීදි බසින අපේ ජනයාගේ හඬ ද සූ ෂියැන්ගේ කතාවෙහි දෝංකාර දෙයි.  මේ වනාහී ලෝකයේ කොතැනක වුවත් මර්දනකාරී පාලනයකට මුහුණ දෙන පුරවැසියන් වෙත කැරෙන ආයාචනයක් වැන්න.

, සමාන අධ්යා පන අයිතිවාසිකම් ලබා ගැනීම සඳහාත්  ආන්ඩුවේ නිලධරයින් සිය වත්කම් ප්රසිද්ධියේ ප්රකාශකල යුතු යැයි යනුවෙනුත් මා යෙදී සිටි ක්රියාකාරකම් නිසා  මහජන සාමය කඩ කළේ යැයි ඔබ මට ‍චෝදනා කරයි.

මේ වනාහීල පුරවැසියකු‍ගේ කතා කිරිමේ නිදහස සහ මහජන සාමය අතර ගැටුමක් ලෙස පෙනී යාහැකි නමුත් ඇත්ත වශයෙන්ම නම් මේ වනාහී ඔබ පුරවැසියකුගේ ව්ය වස්ථානුකූල අයිතින් පිළිගන්නේ ද යන්න නැත්ද යන්න පිළිබඳ ප්රශ්ණය යි.

නව පුරවැසි ව්යායපාරය යටපත් කිරීම මගින් ඔබ විනාශ කරන්නේ ව්යවස්ථානුකූල ප්රජාතන්ත්රවාදී සමාජයක් සඳහා චීනයේ ඇති අපේක්ෂාව යි.

නව පුරවැසි ව්යා්පාරය යෝජනා කරන්නේ කුමක් ද? එය සෑම චීන ජාතිකයකුගෙන්ම සිය පුරවැසි භූමිකාව අත්කර ගන්නා ලෙසත් ඒ අනුව හැසිරෙන ලෙසත් ඉල්ලා සිටියි. එය රදළයින්ගේ යටත් වැසියන් ලෙස කර බා ගෙන නොසිටින ලෙසත්  මායාමය තෘප්තියක නොගිලෙන ලෙසත් දාමරික පාලනයකට යටත් නොවන ලෙසත් තමන් සදහටම පීඩිත සමාජ පංතියක් යැයි අදහා නොගන්නා ලෙසත් ඉල්ලා සිටියි. වඩා නිශ්චිතව කියන්නේ නම් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්ර කාශණයේ සහ වීන ව්යවස්ථාවෙන් ලබා දී ඇති අයිතීන් අනුව කටයුතු කරන ලෙස එය ඉල්ලා සිටියි. ජන්දය ප්ර්කාශ කිරීමේ භාෂනයේ සහ ඇදහීමේ නිදහස ඇතුළු එකී ශුද්ධ වූ අයිතීන් ප්රා‍යෝගික ජීවිතයට බද්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

මේ රට අයත් පුරවැසියන් වන අප හැමට ය. එබැවින්ම  ප්ර තිපත්ති සහ යුක්තිය අතර බෙදුම් රේඛා නිර්ණය කිරීමත් එය රැක ගැනීමත් අයත්වන්නේ  අපට ය.

නව පුරවැසි ව්යා පාරය හඩ ගාන්නේ නිදහසල යුක්තිය සහ ආදරය වැළද ගන්නා ප්රජා ජීව ගුණයක් උදෙසා ය. පුද්ගලික නිදහස එනම් සීමා බන්ධන නොමැති සැබෑ සතුට ගෙන එන නිදහස සෑම විටම රාජ්යෙයේ ද සමාජයේ ද ඉලක්කය වනු ඇත. යුක්තිය විසින්  පුද්ගලික නිදහසේ සීමා නිර්වචනය කරමින්  සාධාරණත්වය සහතික කරයි. සදාචාරාත්මක පිළිවෙත් රැක ගනී‍.  කරුණාව ඉවසීම දයාව හෝ කැපවීම යන කවරාකාරයෙන් වුව ද ආදරය අපේ ඉතාම වටිනා හැගීම වන අතර අපේ සංතෘෂ්ඨියේ උල්පත වෙයි.

නිදහස යුක්තිය සහ ආදරය යනු අපේ හරයාත්මක වටිනාකම් වේ. අපේ ක්රියාවන්ට මඟ පෙන්වන්නේ ඒ විසිනි. නව පුරවැසි ව්යාපාරය යෝජනා කරන්නේ පුද්ගලයා සහ පුද්ගලිකත්වය සමඟින් ඇරඹෙන ආන්ඩුවේ ප්ර්තිපත්තීන්හි ඇත්ත වෙනසක් ඇති කළ හැකි එමෙන්ම සම්පූර්ණ ක්රමයම සැළකිල්ලට ගන්නා කුඩා ක්රියාවන්ට එළඹෙන්නා වූ  පුරවැසි භාවයකි  එමගින් ප්රජා අනන්යතාවය හරහා අපේ ජනයා සමගි කරමින් ප්රජාතන්ත්රවාදී නීතියේ පාලනය සහ යුක්තිය ලුහු බැදීමකි. නිදහසට සහ ප්රජාතන්ත්රවාදයට කැප වූ පුරවැසි ප්රජාවක් ගොඩ නැගීමකි. නිරෝගී හේතුවාදය විසින් සවිමත් කරනු ලබන සිවිල් සමාජයක් කරා ඉදිරියට යාමකි.

රට පුරා විසිරී සිටින පුරවැසි කන්ඩායම් ස්වකීය අනන්යතාවය ලබා ගනු ඇත්තේ පාලන ක්රමයෙහි වෙනස්කම් සඳහා තෙරපුම් කියාකාරිත්වයන් මගිනි‍. අප ගෙන ගියා වූ සමාන අධ්යායපන අයිතිවාසිකම් ව්යාපාරයත් රාජ්ය නිලධාරීන් වත්කම් ප්රාකාශ කළ යුතුය යන ව්යාපාරයත් යනු එම අර්ථයෙන් දියත් වූ ප්රජා ක්රි යාකාරිත්වයන් ය.

මේ මගේ වගකීම ය. මේ බිමෙහි උපන් මට මෙරටට ආදරය කිරීමට වෙනත් හේතුවක් කුමට? මෙරට යහපත් කිරීමට මා වෙහෙසෙන්නේ මා මෙරටට ආදරය කරන නිසා ය.  මා නිදහස යුක්තිය සහ ආදරය ප්රවර්ධනය කරන්නාක් මෙන්ම ශතවර්ශ ගණනාවක් පුරා අපේ මුතුන් මිත්තන්ගේ අවසන් නොකෙරුනු දූත මෙහෙවර ඉදිරියට ගෙන යන්නේ අවිහිංසාවාදය කෙරෙහි නොසැළෙන කැපවීමක් ඇතිව ය. ව්ය වස්ථානුකූල ප්රජාතන්ත්ර වාදය කරා මාවත ලෙස මා සළකන්නේ අවිහිංසාවාදී ප්රිතිසංස්කරණයන් ය.

මෙම ක්ර මයට බද්ධ වී සුපිරි දිවියක් ගෙවීමේ හැකියාව මා සතු වුවද මම කවරකාරයක හෝ වරදාන ලැබීමට ලැජ්ජා වෙමි. මම දුර්වලයින් සහ අයිතීන් අහිමිකරනු ලැබූවන් සමඟ එක්ව නැගී සිටීමට තෝරා ගතිමි. වීදියෙහි හෝ උමං මඟක හෝ ඇඟ කීරිගස්වන බීජිං සීත සමය මම ඔවුන් සමඟ බෙදා ගත්තෙමි. අඳුරු සිරගෙයෙහි ම්ලේච්ජ ප්රංචන්ඩත්වයට එක්ව මුහුණ දුන්නෙමි.

පුරවැසි කන්ඩායමක් ලෙස මේ අපේ වගකීම යි. දාස මානසිකත්වයෙන් පිරි යටත්වීම පුරුද්ද වන සමාජයක සෑම විටකම පළමුවෙන් නැගී සිටීමට අවදානමට මුහුණ දීමට සහ සමාජ ප්රගතිය වෙනුවෙන් ජීවිතයෙන් ගෙවීමට කවරෙකුට හෝ සිදුවෙයි.  අපි එවැනි මිනිස්සු වෙමු.  නිර්භයව අපි එම වගකීම බාර ගමු. පුද්ගලික ලැබීම් හෝ නැතිවීම් පිළිබඳ මමංකාරය  හැර දමමු. සියල්ලන්ට නිහතමානී වෙමින් අනෙකාගේ අයිතීන්ට සහ සීමාවන්ට ගරුකරමු.

විනිසුරන් සහ පැමිණිළිකරුවන් වන ඔබේ වගකීම ගැන දැන් සිතන්න. හෘද සාක්ෂියට සවන් දී සමාජ සාධාරණයේ මුල් අත්තිවාරම මත රැදෙන්න. නිලධර තන්ත්රයයේ දැති සහ රෝද බවට පත් නොවන්න. නීතියේ පාලනයේ පාරිශුද්ධබාවය නො කෙළෙසන්න.

මට දඩුවම් පනවමින් මෙය මගේ රාජකාරිය යැයි ද  ඔබ අහිංසකයැයි  ද නොකියන්න. අවසානයේ දී අප හැමෙකෙක්ම අපේ ක්රි යාවන් සම්බන්ධයෙන් වගකිව යුතු නිසා ය. අප සෑම විටකම අපේ හෘද සාක්ෂියට භක්තිමත්ව සිටිය යුතු නිසා ය.

පුරවැසියන්ගේ ව්ය වස්ථානුකූළ අයිතීන් ඊට වටිනා පරිදි සැළකිල්ලට ගැනීමට රටෙහි පාලකයින්ට කවර හෝ අභිප්රායක් වේ නම් එවිට අප නිර්දෝශී වනවා ඇත. අපට මහජන සාමය බිද හෙළිමට අවශ්යය නැත. අපේ අරමුණ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ පාලනය ප්ර වර්ධනය කිරිම ය. අප යෙදී සිටියේ අප ව්යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ අයිතිය භාවිතයට නැගීමයි.

පුරවැසියනි දැන් ඉතිං පටන් ගමු. ඔබ සිටින්නේ කොහි ද ඔබට ඇත්තේ කුමණ රුකියාවක් ද ඔබ ධනවත් ද දුගී ද යන්න පැනයක් නොවේ. අපේ හදවත්හි අපේ එදිනෙදා ජීවිතයෙහි අන්තර් ජාලයෙහි මේ බිමෙහි සෑම අඟලකම දැනටමත් අප සතු දෙය විශ්වාශයෙන් සහ සාඩම්බරයෙන් කියමු. මම පුරවැසියෙක්මි. අපි පුරවැසියෝ වෙමු.

පුරවැසි  ඞම ’යසහදබට
න්‍්බම්රහ 22ල 2014