පශ්චාත් චන්ද්‍රපුෂ්ප මහින්ද කුමක් කරයිද?


තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණට ගැලවිල්ලක් නැති පාට ය.  ඔහු හොට පටලවා ගත් කෙසෙල් ගහේ මහින්දලාට ද තොණ්ඩුව එල්ලා තිබීම එයට හේතුව ය.

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදින් ඔහු මුදවන්නට බැරි වී තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම නිසා ය.

ඒ නිසා ආණ්ඩුව තම බත්බැලයකු වන ‍මේ දාමරිකයාව පාවා දෙන්නට සැරසෙයි. අධිකරණයෙන් වසන් වී රටින් පැන ගන්නට ඔහු දැරූ තැත ද ව්‍යර්ථ විය.

දැන් ඉතිරිව තිබෙන්නේ අච්චුව විඳිමින්  ජනාධිපතිගෙන් සමාවක් ඉල්ලා ගැනීම ය. ජනාධිපතිවරයා එබඳු සමා දානය කරන්නට සූදානම් අයකු බවට ඇමක් මේ සිරගත අපරාධකාරයන්ට දී තිබේ. 

ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව මරා අසු වී මරණ දඬුවම ලද ඇමතිගේ කසාද බිරිඳ තුන් අවුරුද්දකින් නිදහස් කර ගෙදර ම යවා ජනාධිපතිවරයා ‍වැඩ පෙන්වා ති‍බේ.  

පසුගිය දිනවල බෝගම්බර සිරගෙයි උපවාසයක් ඇති වුණේ ද ඇමති එස්.බී. දිසානායක මෙවැනි සමාවක් සඳහා දරන උත්සාහය නිසා ය.එහිදී ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සමූහ මිනීමැරුමක් වෙනුවෙන් මරණ දඬුවම ලද සිරකරුවන් පිරිස‍කගේ දඬුවම ලිහිල් කරන ලදී.

W3