රජයේ වියදම්, ණයගැනීම් කෝටි ගණනින් ඉහළට


ලබන වසර සඳහා අයවැය විසර්ජන පනත මගින් ඉදිරිපත් කළ වියදම් ප්‍රමාණයට වඩා තවත් රුපියල් කෝටි 5,573ක මුදල් වැඩි කිරීමට ආණ්ඩුව යෝජනා කර තිබේ.

ඒ අනුව රජයේ වියදම් ලෙස මුලින් ඉදිරිපත් කර තිබූ රුපියල් කෝටි 154,252ක මුදල රුපියල් කෝටි 1,59,825දක්වා වැඩි වෙයි.

මේ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කර තිබූ රු. කෝටි 10,601ට අමතරය තවත් රු. කෝටි 1205ක් වෙන්කර තිබේ.

ඒ අනුව අලුතින් ලබාගැනීමට යන ණය ප්‍රමාණය රු. කෝටි 10,800කින් වැඩිවී තිබේ.