දුෂකයා රැක ගත් යක්කලමුල්ල පොලිසිය.



හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාව තව නොබෝ දිනකින් දකුණු ආසියාවේ ලෝක නගරය වනු ඇත. ඒ සදහා දැනටමත් කොළබ නගරයේ විශාල සංවර්දන වියපෘති ක්‍රියාත්මක වේ. එහි කිසිම වරදක් නැත. එහෙත් රටේ නීතිය හා යුක්තිය පසිදලන ආයතන ජරා වාස වී අවසන්ය. ඒ ගැන ගොටාබය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජිමයට කිසිදු තැකීමක් නැත. මේ සිද්දිය ගාල්ලෙනි. අපරාදකරු ආරක්ෂා කිරීමට ඉදිරිපත්වුයේ යක්කලමුල්ල පොලිසියයි. නීතියක් නැති සංවර්දනය කුමකටද? 


01. එන්.කේ.ඉලංගකෝන් මහතා,
    පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

02. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

03. නීතිපති,
    නීතිපති දෙපාර්තමේන්තුව,
    කොළඹ.

බාලවයස්කාර දැරියක් අපහරණය කිරීම හා දුෂණය කිරීම

මහගෙදර මානගේ චන්ද්‍රිකා, අවු: 45යි, ජා.හැ.අ.675450226ඪ, විවාහක, දරුවන් 04යි.
ලිපිනය : පොල්ගහගොඩ, කරාගොඩ, ගාල්ල. 
දු.අ.0721788957
2013.12.16 දිනදීය.

බෝපිටිය ගමගේ රේඛා සත්සරණී - මාගේ දියණිය වේ. සිද්ධිය වන විට ඇගේ වයස අවුරුදු 15කි. උපන් දිනය : 1995.10.24 වේ.

01. 2010.10.29 වන දින බාලවයස්කාර මාගේ දියණියව එවකට- 4 කණුව කඬේ බාරේ, උඩුවැල්ල, කරාගොඩ හි පදිංචිව සිටි, එවකට වයස අවුරුදු 26 පමණ වූ ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ නැමැති අය විසින් - රැුගෙන ගොස් ¥ෂණය කර සගවා තබාගන්නා ලදි. 

02. මා දියණියව පැහැරගෙන යෑම ආරංචිවූ විගස, එනම් 2010.10.29 වන දින, යක්කලමුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ගියා.

03. නමුත් පැමිණිල්ල බාර ගැනීම පොලිසිය ප‍්‍රතික්ෂේප කලා. පොලිසිය මට කිය සිටියේ සොයලා බලලා ඉන්න තැන කියන්න කියා.

04. කිහිප විටක් පොලිසියට ගියත් පැමිණිල්ල ලියා ගත්තේ නැහැ. අපට දැන ගන්නට ලැබුනා දියණියව පැහැරගෙන ගොස් සිටින්නේ ඉහත සඳහන් කරන ලද ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ බව.

එම තොරතුරු රැුගෙන පොලිසියට ගියවිට, පැමිණිල්ල යක්කල මුල්ල පොලිසියේ කාන්තා කාර්යංශය මගින් ලියා ගත්තා. 

05. මේ පිළිබඳව යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති නඩු අංක 51194 යටතේ කොට්ටව සංචාරක උසාවියට වාර්තා කර සිටියා. 

06. එම වාර්තාවෙන් පොලිසිය අධිකරණයට කියා සිටියේ සැකකරු ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ ප‍්‍රදේශය හැර ගොස් ඇති බවයි.

07. අධිකරණය 2011.02.22 දිනට නඩුව කල්තබමින්, වාර්තා කරන ලෙසට යක්කලමුල්ල පොලිසියට නියම කරනු ලැබුවා. 

08. 2011.02.22 දින නඩුව කැඳවා, කිසිදු හේතුවක් නොදක්වා නඩුන අවසන් කරනු ලබනවා. 

09. මේ පිළිබඳව මා දිගින් දිගටම යක්කලමුල්ල පොලිසියට ගොස් කරුණු විමසා සිටියද කිසිදු පිළිතුරක් දුන්නේ නැත.

10. මේ අතර සැකකරු වන ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛගේ මව වන- සුදු හකුරු හේවාගේ රත්නසීලි ට එරෙහිව 2012.12.11 දින අංක 60709 යටතේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 190 වගන්තිය (බොරු සාක්ෂි දීම* යටතේ නඩුවක් කොට්ටව උසාවියේ ගොනු කරනු ලැබුවා.

11. මෙම නඩුවේදී මාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිඥ විමලරත්න මාපලගම මහතාව ඉදිරිපත් කලා.

12. චූදිත එස්.එච්.රත්නසීලි වෙනුවෙන් නීතිඥ සිරිමෙවන් ඩයස් ඉදිරිපත් වුනා.

13. සෑම නඩුවාරයකීම චූදිත කියා සිටියේ තමන් තමාගේ පුතා වන ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ හා ඔහු පැහැරගෙන ගිය මාගේ දියණිය සිටින තැන නොදන්නා බවයි. 

14. මේ ආකාරයට නඩුව කල් යමින් තිබී, නඩුව විභාගයට නියම කරනු ලැබුවා. වාර දෙකක්ම පොලිසිය හෝ මා ඉදිරිපත් කරන ලද නීතිඥ විමලරත්න මාපලගම හෝ විභාගයට සූදානම්ව පැමිණියේ නැහැ.

15. 2013.11.05 දින, තෙවන දිනයට විභාගය සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදීද පොලිසිය හෝ නීතිඥ විමලරත්න මාපලගම හෝ නඩුවට සූදානම්ව පැමිණියේ නැත. 

16. සෑම නඩුවාරයකදීම මාගේ නීතිඥ විමලරත්න මාපලගම රු: 500/=  බැගින් ලබා ගත්තා. නඩු වාර්තාව ලබා ගැනීමට රු: 800/= ලබා ගත්තා. එහෙත් එය සම්පූර්ණ වාර්තාව නොවේ.

17. මෙදින, 2013.11.05, තෙවන දිනයටද ”පැමිණිල්ල සූදානම් නැත” යන පදනම යටතේ, චූදිත - රත්නසීලිව , මහේස්ත‍්‍රාත්තුමා නිදහස් කරනු ලැබුවා.

18. 2013.11.20 වන දින , උදේ 9.00 ට යක්කලමුල්ල පොලිසිය වහාම මට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

19. එ් අනු ව මා, යක්කලමුල්ල පොලිසියට ගියා. මාගේ දියණිය - රේඛා සත්සරණි හා ඇයව පැහැරගෙන යන ලද ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ පැමිණ සිටියා.

ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ ගේ මව (60709 නඩුවේ චූදිත* රත්න සීලි පැමණී සිටියා. ඔහුගේ නෑදෑයින් හයහත් දෙනෙකුද පොලිසියට පැමිණ සිටියා.

20. ඉන් පසුව, දියණියව යක්කලමුල්ල පොලිසිය කරාපිටිය ශික්ෂන රෝහලට ගෙන  ගියා. එහිදී පරික්ෂණ කලාද නැද්ද යන්න පිලිබඳව මා නොදනිමි.

21. පොලිසිය දියණීයව ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛට රැුගෙන යන ලෙසට බාර දුන්නා. 
මා ප‍්‍රකාශ කරන්නේ,

මාගේ දියණියව පැහැරගෙන ගොස්, ¥ෂණය කළ, ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛ යන අයව බේරා ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසියේ එවකට ස්ථානාධීපති සෙනෙවිරත්න සංජීව හා කාන්තා කාර්යංශයේ කාන්තා පොලිස් නිලධාරිනී ඉරේෂා මූලිකව,
 1. ඞී.පී.ප‍්‍රදීප් මධූසංඛව හා මාගේ දියණියව නීතිය ඉදිරියට ගෙන එ්ම වැලැක්වීමටද,
 2. අප නොමග යැවීමට, රැුවටීමට බොරු නඩු දැමීමට හා එමගින් මා මුල කිරීමටද,
 3. මාගේ දියණිය අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් කල් බලමින් සිට කුමන්ත‍්‍රණකාරීව කටයුතු කර, බාලවයස්කාරී දැරියක් අපහරණය කිරිම හා ¥ෂණය කිරිම වැනි බරපතල අපරාධයක් සිදුකල අයකු බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි.

මා ඉල්ලා සිටින්නේ,
1. නොපමාව මාගේ දියණියව පැහැරගෙන ගොස් දුෂණය කල, ඩි.පී.ප‍්‍රදීප් මධුසංඛව නීතිය ඉදිරියට ගෙන එන ලෙසටද,
2. මෙම අපරාධකරුට නිදැල්ලේ යාමට ඉඩදුන් යක්කලමුල්ල පොලිසියේ වගකිවයුතු සිය`ඵ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි. 


එම්.එම්.චන්ද්‍රිකා.