AK 47 නිර්මාතෘ මියයයි.



හර්ෂි සි. පෙරේරා

ඔහු නමින් කලශින්කොවුය. හෙතෙම එකේ 47 රයිඵලයේ නිර්මාත්රුය. එයින් මරා දැමු පුද්ගලයින් ගණන වෙනත් ගිනි අවියකින් මරා දැමුණු පුද්ගලයින් ගණනට වඩා වැඩිය. හෙතෙම සදුදා මියගිය අතර මියයනවිට වයස අවුරුදු 94 ක් විය. ඒ බව වාර්තා කලේ රුසියානු රාජ්‍ය පෘවුර්ති ඒජන්සිය වන ඉටර් ටස්ස ය. දෙවන ලෝක යුද්දයෙන් පසුව මෙම රයිෆලය ඔහු නිර්මාණය කරන විට ඔහු 20 හැවිරිදි වියේ පසුවිය. පසුගිය මාසය පුරාම ඔහු අයහපත් සවුක්ය තත්වය හේතුවෙන් රෝහල්ගතව සිට ඇති අතර මියගිය හේතුව වාර්තා වන්නේ නැත. ඔහුට අනුව සිය නිර්මාණය ලේ වැගිරීමකට හේතු වුවද එය ඔහුට පවුද්ගලික ප්‍රශ්නයක් වී නැත. 2007 ඔහු කිවේ තමාට හොදින් නින්ද යන බවත් මිට වගකිවයුත්තේ එකගතාවයකට නොපැමිණි දේශපාලඥයින් බවයි. එකේ 47 ලොව ජනප්‍රියම ගිනි අවිය වන අතර ගරිල්ලන්ගේ ත්‍රස්තවාදීන්ගේ සහා බොහෝ හමුදා වල සාමාජිකයින්ගේ සිත් දිනා ගැනීමට එය සමත් විය. සයිබීරියාවේ ගොවි පවුලක උපන් හෙතෙම තමාව තුවක්කු නිර්මාණකරුවකු කිරීම ගැන දෝෂාරෝපණය කරන්නේ ජර්මානු නාසි හමුදාවටය. ඒ 1941 නාසි හමුදාවට එරෙහි සටනේදී හෙතෙම තුවාල ලැබීම නිසාය. 2007 දි ජනපති වල්දිමර් පුටින් ඔහුව ඇගයීමකට ලක් කළේය. ඔහුගේ නිපැයීමට ඔහු පේටන්ට් බලපත්‍රය ලබා නොතිබූ අතර ඒ නිසාම ඔහු පොහොසේතෙකුද නොවිය.