AVIVA, NDB රක්ෂණය වැදගෙන එයි. යනකොට පොලු තියයි.



හර්ෂි සි. පෙරේරා

රක්ෂණ සමාගම් බිහිවන්නේ හතු පිපෙන්නාක් මෙනි. ඔවුන් රක්ෂණය හදුන්වා දි ජනතාව එයට නම්වා ගන්නේ බොහෝසේ පින්සෙන්ඩු වීමෙන් පසුවය. නමුත් අවසානයේ සිද්ද වන්නේ පොලු තැබීමක් බවට මනා උදාහරණයකි යු තිලකරත්නගේ සිද්දිය. ඔහු තමාට වූ අසාදාරනය මෙම රක්ෂණ සමාගමේ සාමාන්‍යදිකාරී වෙත ලිකිතව ලියනු ලැබිණි. එයට ඔහුට ජනසංසදයේ සහය ලැබිණි. එම ලිපිය පහතින් පල වේ. 

යූ.තිලකරත්න
බටේගම,
තෙප්පනාව,
කුරුවිට.
2013.12.09

සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ජීවන රක්ෂණ)
අවීවා එන්.ඞී.බී.රක්ෂණ සමාගම,
75, කුමාරන්රත්නම් මාවත,
කොළඹ 02.

මහත්මයාණෙනි,

ජීවනාලෝක රක්ෂණාවරය

ඔප්පු අදාල විස්තර

01. 1. රක්ෂණ ඔප්පු අංකය : ෂ ඛ 201002460212
    2. සේවායෝජක අංකය : 1589301
    3. නම : උඩගේලාගේ තිලකරත්න
    4. ජා.හැ.අ. : 600381210ඪ
    5. ප‍්‍රඩක්ට් ටයිප් : දශක
    6. ප‍්‍රඩක්ට් ටර්ම් : අවු: 15
    7. වාරික ගෙවීම් : වසර 15
    8. අයිඩෙන්ටිෆයිස් : ආයෝජන
    9. රක්ෂණය ආරම්භක දිනය : 10/06/2010
   
    රක්ෂණය පිළිබඳ පළමු ෂෙඩුල ජායාපිටපත අමුණා ඇත. 

02. මෙම රක්ෂණ යටතේ -
     1. මාසිකව රු: 2120/= බැගින් 2013 ජූලි මස දක්වා ගෙවන ලදි.
     2. එම මුදල් ගෙවන ලද්දේ - ඔබ සමාගමේ හොරණ ශාඛාවේ - නියෝජිතවරිය වූ 
        අයි.බී.චන්ද්‍රිකා මියට ය.
     3. එම වාර්තා සඳහා ඇය ලදුපත මට ලබාදුන්නා. නමුත් ආරම්භක මාස දෙකක ලදුපත් ඇය 
        ලබාදුන්නේ නැහැ. අනෙක් සියලූම ලදුපත් මා සතුව තිබේ.
     4. එසේ මා, නියමිත පරිදි, රක්ෂණ වාරික ගෙවන ලදි. 
     5. 2013 අගෝස්තු මස 29 වන දින, මාගේ දෙපා ඉදිමී, කකුල් දෙකම පණ නැතිවුනා.
     6. එදිනම,(2013.08.29* මා - රත්නපුර මහා රෝහලට ප‍්‍රතිකාර ලබා ගැනීම් සඳහා ගියා.
     7. එහිදී මා නේවාසිකව නවත්වා ගත්තා. මට දවස් 08 (2013.09.05 දින දක්වා*, එම 
        රෝහලේ නේවාසිකව, නැවතී ප‍්‍රතිකාර ලබා ගත්තා. 
     8. 2013.09.05 දින ටිකට් කපා, නිවසට පැමිණීමෙන් අනතුරුව, මා, ඔබ හොරණ ශාඛාවේ, 
        නියෝජිතවරිය වන අයි.ඞී.චන්ද්‍රිකාට, ඇගේ ජංගම දුරකථන (අංක 0779957820) මාගේ 
        රෝගී තත්වය, රෝහල්ගතව සිට නිවසට පැමිණි බව දැනුම් දුන්නා.
     9. එම දැනුම් දීමෙන් පසුව, ඇය පැමිණි බව දැනුම් දුන්නා. නමුත් කිහිප දවසක්ම පැමිණෙන 
        බව දැනුම් දුන්නද පැමිණියේ නැහැ.
     10. කිහිප දිනක් මතක් කිරීමෙන් පසුව, සති 2කට පසුව ඇය පැමිණියා. විස්තර අසා, ඇය 
        විසින් ලියන ලද ලිපියකට මගෙන් අත්සන් ගෙන ගියා. ඇය ප‍්‍රකාශ කලා රෝහල් ගාස්තු 
        ගෙවීමට පියවර ගන්නා බව.

    11. නමුත්, මුදල් ගෙවන බව ඇය ප‍්‍රකාශ කලද මුදල් ගෙවීමක් කළේ නැහැ. එ් අතර, මා ස්ථිර 
        ආබාධිතයෙකු බවත්, මට වැළඳී ඇති ස්නායු රෝගය සුවකල නොහැකි බවත් - ප‍්‍රකාශ 
        කලා. 

    12 .එ් බවට - රෝහලේ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද, 
        2013.09.05 දාතමින් හා අංක ත්‍ 38249 ජායා පිටපත අමුණා ඇත.

   13. මේ පිළිබඳව, ඔබ හොරණ ශාඛාවේ නියෝජිත අයි.ඞී.චන්ද්‍රිකා හමුවූ විට, ඇය කියා සිටියේ 
       එම වෛද්‍ය සහතිකය පිළිගත නොහැකි බවයි.

   14. එවිට, මට රෝහලින් නිකුත් කර තිබෙන සායන පොත පෙන්වා සිටියා. එයද ඇය පිළිගන්න 
       බැහැ කිව්වා. 
       වෛද්‍ය සහතිකයේ ජායා පිටපත අමුණා ඇත.

   15. මේ පිළිබඳව දිගින් දිගටම කරුණු කියන විට, ඇය උපදෙස් දුන්නා - ලිපියක් ලියාගෙන 
       ගොස් ඔබ රත්නපුර ශාඛාවට බාර දෙන ලෙසට, එය තැපැල් නොකරන ලෙසටද ඇය 
       උපදෙස් දුන්නා.

   16. එ් අනුව - 2013.11.14 වන ලිපියක් ලියා ,රත්නපුර ශාඛාවේ නියෝජිතට බාර දුන්නා. 

   17. මේ අතර, ඔබ හොරණ ශාඛා නියෝජිත අයි.බී.චන්ද්‍රිකා නැවත මාගෙන් ලිපියක් ඉල්ලා 
       සිටියා.

       එ් අනුව , අප දන්නා විදිහට ලිපියක් ලියා යැව්වා.

   18. එම ලිපිය වැරදි බව කියා, ඇය ලිපියක් ලියා දුන්නා. එ් අනුව, ලියා දුන්න ලිපියට අනුව, 
       මා ලිපියක් ලියා යැව්වා.

   19. නමුත් කිසිදු පිළිතුරක් ලබාදෙන්නේ නැත. එ් නිසා මා කිහිපවරක්ම ඔබ සමග කතා කලා. එ් 
       සෑම වාරයකම කළේ බොරු කියා මග හැරීමයි.

මහත්මයාණෙනි,

දහසක් පොරොන්දු දී, දහසක් බලාපොරොත්තු දී , මා වැනි දුප්පතෙකුව, රක්ෂණය කරවා ගෙන, එ් අනුව, 2013 ජූලි දක්වා රු: 2120/= බැගින්, රුපියල් 1,12,360/= ගෙවා ඇත. එකදු මාසයක්වත් හිඟ තබා නොමැත.

මාව, ඔබ හොරණ නියෝජිත අයි.බී.චන්ද්‍රිකා - මට දිවුරා කියා සිටියා, අවුරුදු 03ක් රක්ෂණ මුදල් නොකඩවා ගෙව්වොත්, ගෙවූ මුදල් හා එයට පොලියක් සමග සම්පූර්ණ මුදල ආපසු ලබාගත හැකි බව.

මේ කරුණු සලකා බලා, කඩිනමින් මාහට ජීවනාලෝකය ලබා දෙන ලෙසට ඉල්ලමි. 

කරුණාකර, මෙම ලිපිය ලැබුනු බව දන්වන ලෙසට ඉල්ලමි.


යූ.තිලකරත්න