කුඩු කිලෝ 130ක් බහිරවයා ගිලලද?


පසුගිය 03වෙනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ලංකාවේදී හමුවූ විශාලම කුඩු තොගය සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශයක් සිදු කළේය. ඒ ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා මතුකළ පැනයකට පිළිතුරැ දෙමිනි. එහිදී හෙළිවුණේ පසුගියදා අත්අඩංගුවට ගත් කුඩු කිලෝ ග්‍රෑ261න් කිලෝ ග්‍රෑම් 130ක පමණ ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බවයි.

මේ අතර මෙම ජාවාරමට අගමැතිගේ සම්බන්ධ‍යත් කුඩු තොගයෙන් හරියටම අඩක් පමණ අත්රුදහන් වීමත් පිළිබද පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පසුගිය 03වෙනිදා පාර්ලිමේන්තුවේ දී අනුර දිසානායක මහතා ‍මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේය.

'ශ‍්‍රී ලංකා රේගුව දෙන උත්තරය තමයි, අදාල බහාලූම් තුළ සනීපාරක්ෂක භාණ්ඩ හා ප්ලාස්ටික් උපකරණ කොටස් 1592ක් සහ ග්රූම් 300ක් වන සේ ග්රීස් ටින් 17500ක් තිබූ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්රූම් 261යි ග්රූම් 292ක් මෙම ග්රීස් ටින් කොටසක් තුළ සඟවා තිබුණි. රේගුව නිශ්චිතව කියනවා කුඩු කිලෝ ග්රූම් 261යි ග්රූම් 292ක් තිබුණා කියලා. අග‍්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී මෙම පිළිතුර දුන්නා.

මේ ප‍්‍රශ්නයට එතුමා උත්තරයක් ගෙනත් තිබුණා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන්. එම අමාත්‍යංශය වෙනුවෙන් ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි, අතිරේක ලේකම් කේ.ඞී.එස්. රුවන් චන්ද්‍ර අත්සන් කරලා තිබෙනවා. එම අමාත්‍යාංශයෙන් ලබාදුන් පිළිතුරෙත් කුඩු ප‍්‍රමාණය ගැන සඳහන් කරලා තිබෙනවා. ”2013.08.30වන දින බහාලූම්වල තිබී අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය නීති විරෝධී හෙරොයින් ද්‍රව්‍යයක් බවට සැක කළ අතර දවටන සමග ආණ්ඩුවේ රස පරීක්ෂකට 2013.9.22 දින යොමු කරන ලදුව ආණ්ඩුවේ රස පරීක්ෂක වාර්තාව අනුව එම ද්‍රව්‍ය හෙරොයින් ලෙස හඳුනාගෙන ඇති අතර එහි ශුද්ධ බර කිලෝ ග්රූම් 131යි ග්රූම් 148ක් ලෙස හඳුනාගෙන ඇත.

දැන් එතාකොට හරි අඩකින් කුඩු අඩුවෙලා. බහිරවයා ගිල්ලද? මේක තමයි හැමදාමත් සිදුවුණේ. රේගුව විසින් වේවා, විවිධ ආයතන විසින් වේවා අත්අඩංගුවට ගන්නා ලද කුඩු විටෙක පවුඩර් බවට පත්වෙනවා තව විටෙක හඳුනා නොගත් කුඩු ද්‍රව්‍යයක් බවට පත්වෙනවා. කුඩු කිලෝ 131ක් කොහොම වෙනස් වන්නේ. මේ ප‍්‍රකාශය පිළිබඳ අගමැතිතුමා මෙම පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කළ යුතුයි."