බණ්ඩාරගම පොලිසිය වද දුන් රුවන් මුදා හැරේ.




හර්ෂි සි. පෙරේරා

බණ්ඩාරගම පොලිසිය රදවා තබා ගෙන වද දුන් එක් දරු පියා ඇප පිට නිදහස්ව ඇත. පොලිසියේදී රෝහලේදී සහ උසාවියේදී සිදුවුයේ කුමක්ද යන්න දැන ගැනීමට රුවන් 2013.11.07 මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට යැවු ලිකිත පැමිණිල්ල පහතින් පල වේ. 


01 .සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08
      

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

ලිඛිත පැමිණිල්ල

ෙදාඩංගොඩ ආරච්චිලාගේ රුවන් කුමාරල අවු 27 යි :ජාහැඅ 862561040 විවාහක
දරුවන් 01 යිල රැකියාව කුලී වැඩ ලිපිනය 47රැ 3 උවනල්ල වත්තල බණ්ඩාරග
දුරකතන අංකය ථ 072 8027320, 2013.11.07 වන දින දීය.

2013.01.05 වන දින උදේ 9.30 ට මා බණ්ඩාරගම පරැයැඩටරනයොල් ෂෙඞ් එකට ගිහිල්ලා එනකොට බණ්ඩාරගම පොලීසියේ සැරයන් රණවීර මගේ යතුරුපැදිය නවත්වා ලයිසන් ඉන්ෂුවරන්ස් ඉල්ලූවා.

එ් වෙලාවේ මගේ අතේ ලේඛන තිබුනේ නැහැ. ඔහු මට මාංචු දැම්මා. මගේ කණට පාරවල් දෙකක් ගසා ඔහු පැමිණි යතුරුපැදියට නංවා ගත්තා. මා පැදවූ යතුරුපැදිය ඔහු සමග පැමිණි අනෙක් නිලධාරියා ගත්තා. මාව බණ්ඩාරගම පොලීසියට ගෙන ආවා. ඔහු මාව ගෙන ගියේ පොලීසිය පිටුපස ජෙනරේටරය තියෙන කාමරය ලගට. 

එතැනට අරන් ගිහිල්ලා එම ජෙනරේටරය තිබූ කාමරයේ ජනෙල් පොල්ලකට තබා මට මාංචු දැම්මා.

එයින් පසුව ඔහු මට ”උඹ මානව හිමිකම් ගියේ -  අම්මාට හු ..ද කියා කියමින් කොසු මිටකින් මට පහර දුන්නා. මගේ බෙල්ලට ගැහැව්වා. බෙල්ල තුවාල වුනා. බිත්තියේ ඔලූව ඇන්නා. ඇහි බැම තුවාල වුනා. බිත්තියේ නලල ඇතිල්ලූවා. කණට ගහගෙන ගහගෙන ගියා. උඹ ගත්තු පැතුම්සෙවනේ   රත්තරන් වලල්ල හා පවුමයි දියන් කිව්වා.

පැය 1ර2 විතර ගහලාල මාව කූඩුවට ගෙනාවා. එසේ විනාඩි 05 ක් විතර ඉන්නකොට ”ආ උඹේ බයික් එකේ ගංජා තිබිලා හම්බ වුනා’’ කියලා කිව්වා.

සවස 6.00 ට විතර මාව කූඩුවෙන් එළියට අරන් මාව වෙන පොලිස් නිලධාරියෙක් ළඟට දැම්මා. ඔහු මට පත්තර පිටු භාගයක් දුන්නා. එහි නම අත්සන් කරන්න කිව්වා අත්සන යටින් දිනය දාන්න කිව්වා.

ඉන්පසු මාගේ ඇඟිලි සලකුණු අරන් පත්තර පිටුවේ අත්සන් කරපු තැන තියන්න කිව්වා. එ් අවස්ථාවේදී මම බැහැ කිව්වා එ් අවස්ථාවේදීත් සැරයන් රණවීර මගේ කණට දෙපාරක් ගැහැව්වා. මම ඇඟිලි සලකුණු තිබ්බා. ඊට පස්සෙ හිස් කොලයක් දීලා එ්කෙ අත්සන දිනය දාලා ඇඟිළි සලකුණු තිබ්බා.

නැවත කූඩුවට දැම්මා. පැයකට විතර පස්සෙ බරවුන් පේපර් පාර්සලයකට ලාකඩ තියලා ඇඟිලි සලකුණු තියෙව්වා නැවත කූඩුවට දැම්මා.

පහුවදා :2013.11.06 උදේ 11.30 ට විතර  බණ්ඩාරගම රජයේ රෝහලට ගෙන ගියා එහි වෛද්ය වරියක් ලඟට මාව ඉදිරිපත් කළා. මාව ගෙනිච්ච පොලිස් නිලධාරීන් කිව්වාල තුවාල නෑ කියලා. මම කිව්වා ගැහැව්වා කියලා. මාව පරීක්ෂා කළා. එහි සටහන් කළා. රුධිර පීඩනය මැන්නා. ඊට පස්සෙ නැවත පොලීසියට බාර දුන්නා.

දහවල් 12.30 ට විතර පානදුර මහේස්තරා න ත් අධිකරණයට ගෙන ආවා.

මා වෙනුවෙන්ල නීතිඥ චූලා රංජීව අධිකාරි මහතා ඉදිරිපත් වුනා. එ් මහතාව ඉදිරිපත් කර තිබුනේ මගේ බිරිඳ එ් මහතා මා අත්අඩංගුවට ගත්ත 05 දා රාත යේද පොලීසියට ආවා.එ් මහතා මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිලි සියල්ලම මහේස්තරා ත් වරයාට ඉදිරිපත් කළා.

මාව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සවස 6.30 ට විතර ඔවුන් මාව බන්ධනාගාරයට ගෙන ගියා. මා එහිදී පර  කාශයක් දුන්නා. පොලීසියෙන් ගැහූ බව කිව්වා.

අද දින :2013.11.07 මාව උදේ යළිත් පානදුර මහේස්තරාත් අධිකරණයට ගෙන ආවා.

මාගේ නඩුව දවල් 12.00 ට විතර ගත්තා. එ් වෙලාවේදී නීතිඥ චූලා රංජීව අධිකාරි මහතා මා වෙනුවෙන් ඉදිරිපත් වුනා. මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීම පිළිබඳව විස්තර කියා මෙය පළිගැනීමට කළ දෙයක් බව කියා සිටියා.

මට නගා තිබූ චෝදනාව නම් ගංජා ගරෑම  ම් 24 ළඟ තබා ගැනීම. මාගෙන් වැරදි කරුද නිවැරදි කැරද කියා ඇසුවා. මා නිවැරදි කරු බව කිව්වා. එවිට මා රු 2500.00 ක මුදල් ඇපයක් හා රුථ 25,000 ක ශරීර ඇපයක් මත මුදාහැරියා.

2013.11.05 වන දින සවස මාගේ බිරිඳ මා බැලීමට ආපු අවස්ථාවේ සැරයන් රණවීර උඹ කොළඹ මල්වත්තේ ගියාද කියා ඇහැව්වා. ඇය නෑ කිව්වා. මම ගියේ පානදුරයට කිව්වා.

උඹ ගිහිල්ලා ඉතුරු ටිකත් මානව හිමකම් එකෙන් කර ගනින් කිව්වා. ඊළඟට මට ගංජා දානවා මගේ බිරිඳට කුඩු දානවා දරුවාව පරිවාස දානවා කිව්වා. මහ පාරට උඹලාව ඇදලා දානවා කිව්වා.

එ් අවලාද අහගෙන මාගේ බිරිඳ පොලිස් ස්ථානාධිපති ළඟට ගියා. එහිදී ස්ථානාධිපති මගේ බිරිඳට කියා තිබෙනවා මා තවත් දෙදෙනකු හා එක්ව හවුල්ව ගෙවල් කඩනවා කියා. මගේ බිරිඳ එවිට ඇප ලැබිලා ආවාම වස බෝතලයක් අරගෙන ඇවිල්ලා ඔක්කොම බීලා මැරෙනවා කියා පවසා තිබුණා.

එවිට ඔහු කියා තිබුණා හැමදාම මේ පැත්තේ ගෙවල් කඩනවාල සිවිල් ආරක්ෂක කමිටුව චෝදනා නගනවා කියා.

මා ඉල්ලා සිටින්නේ බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති හා සරයන් රණවීරට එරෙහිව මාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙනල වධදීම ගැන නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙස.

මෙම සිද්ධිය අදාලව මාගේ බිරිඳ වන එම්. එ. චින්තනී මිය මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පති වෙත 2013. 11.05 දින ලිඛිතව හා පැක්ස් මගින් පැමිණිලි කර තිබෙන බවද පරකාශ කර සිටිමි
 ඉහත සියලූ කරුණු සත්ය  හා නිවරැදි බව පරකාශ කරමි.
   
ෙදාඩංගොඩ ආරච්චිලාගේ රුවන් කුමාර