ඥනසාර - ගෝඨාබය අලුත් බුද්ධාගම



සුනන්ද දේශප්රිය

බොදු බල හමුදාවේ සෙන්පති  චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර සහ  ශ්රී ලංකාන්ඩුවේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් සහ සන්නද්ධ හමුදාවන්හි නොනිල සෙන්පති වන ගෝඨාබය රාජපක්ෂ  අතර ඇති සම්බන්ධය රහසක් නොවේ. දෙපාර්ශවයම එය කිසිදු අවස්ථාවක රහසක් ලෙස සඟවා නැත. ඒ සම්බන්ධයෙන් අප මෙම සෙන්පතියන් දෙදෙනාට ම ස්තුතිවන්ත විය යුතු වෙමු.

බොදු බල හමුදාවේ අධ්යාපන අංශය විවෘත කළේ ද ආරක්ෂක ලේකම් රාජපක්ෂ ය. බොදු බල හමුදා පිරිස් විසින් පැපිලියානේ පැෂන් හවුස් වෙළද ආයතනයට පහර දුන් අවස්ථාව ආසන්නයෙහි  ද රාජපක්ෂ මහතා  ඒ අසළ වූ බොදුබල අනුගාමී පන්සලකට සැපැත් වූ බව ද වාර්තා විය. එම වෙළද සැළට පහර දුන් සියළු දෙනා නිදහස් කරන ලද්දේ වෙළද සැල් හිමියාට තර්ජනය කර සමාදානයක් ඇති කරලීමෙන් බව කීවේ අන් කිසිවකු නොව රාජපක්ෂ ආන්ඩුවේ අධිකරණ ඇමැති රවුප් හකීම් ය. බොදු බල හමුදා ආරක්ෂක ලේකම් රාජපක්ෂ සමඟ සමීප අසුරක් පවත්වන බව රටේ ප්රොධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් ආපසු හරවා යවන ලද  චෝගම් මංගල්ය ඇරයුම් පතෙහි ද නිල වශයෙන්ම ලියා තිබුණි. බොහෝ දුරට ම මෙම දෙපාර්ශවය සිය සමීප ඇසුර සළකන්නේ ආඩම්බරයට කාරණයක් ලෙස මිස අවමානයට හේතුවක් ලෙස නොවේ.

මෙම ඒකාබද්ධතාවයේ  ප්රතිපලයක් විය හැකි ඥනසාර දේශනා  අප හැම විසින්ම ශ්රතවනය කළ මනා ය. එසේ නොහැකි නම් අඩු ගනනේ කියවා හෝ දැන ගැනීම වැදගත් වන්නේ  එයට රාජපක්ෂවරුන්ගේ රාජ්ය බලයට ඇති සම්බන්ධය නිසා ය. ඊටත් වඩා එය  පශ්චාත් යුද්ධ ශ්රී ලංකාවේ යුදවාදී  බුද්ධාගමේ භාෂාව නිසා ය.  ඇත්ත වශයෙන්ම නම් බොදු බල හමුදාව  වත්මන් මර්දනකාරී රාජ්ය  බලයේම දිගුවක් දිගුවකි. ඒ අතරම එය වත්මන් රණකාමී සිංහල - බෞද්ධ සමාජ තීරුවක ප්රකාශනයක් ද වෙයි.

අවමඟුලක් බවට පත් චෝගම් මංගල්යේය අවස්ථාවෙහි උගත් පාලන කොමිසමේ නිර්දේශ ක්රිමයාත්මක කරන ලෙසත් පොදු රාජ්යි මන්ඩළීය ප්රිජාතන්ත්ර්වාදී ප්රඥාප්තිය ක්රි යාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමින් පවත් වන ලද මානව හිමිකම් උළෙලට කඩා වැදුණූ ඥානසාර ඇතුළු පිරිසක් කුණුහරැප හා සමාන බසින් එහි සංවිධායකයින්ට බැණ වැදුණි. ඥානසාර බුද්ධාගම තේරුම්ගත හැකි එම බැණ වැදීමෙහි හඬ පටියක් ඇත්දැයි මේ තාක් හෙළි වී නැත.

ඒ කෙසේ ඥානසාර දේශනාවෙහි හරවත්ම කොටස් අඩංඟු යූ ටියුබ් වීඩියෝ පටයක් දැන් සංසරනය වෙයි. එය විකල්පඩොට්ඕආර්ජී වෙබ් අඩවියෙන් නැරඹිය හැකි ය. 

මෙම වීඩියෝ පටයෙහි ඔහුගේ කට හඬින්ම අඩංඟු ඥානසාර දේශනාවන්හි කොටස් කිහිපයක් මෙසේ ය.  කිසිදු විග්රිහයක් අවශ්ය  නොවන තරමට ඥානසාර දේශනා සරළය. කිපුනු ස්වරයෙන්ම යුතු ය.  වරහන් තුළ ඇත්තේ මවිසින් එක් කරන ලද කොටස් ය.

:අමාත්ය් රාජිත සේනාරත්නට* 
දන්න දතක් ගලවගෙන ඉන්නව ඕය් නොදන්න මඟුල් කතා කරන්නේ  නැතුව

මුන්ට මොනව කැවිල දන්නේ නෑ දෙවියන්ගේ හාල් කැවිලද? මේ තරම් බොදු බලයකට අත තියන්න එනව ද මොලේ කල්පනාවක් තියෙනව නම් 

:මුස්ලිම්වරුන්ට*
සිංහලයින්ට කියළ මුස්ලිම්වරුන්ට ගස්ව ගැනීමේ ලොකු උවමනාවක් තියෙනව කීප දෙනෙකුට

ඔළ මොට්ටල නිලධාරී පැලැන්තිය  මේ එකෙකුට බැරිවෙලා තියෙනව මේ දරුවො වෙනුවෙන් එක ටේබල් එකකට එක වේදිකාවකට ඇවිල්ල මේ ප්රශ්ණය වෙනුවෙන් කතා කරන්න මේ මොක්කුන්ද කියළ අපි අහන්න ඕන

:මුස්ලිම් ආගමික පිළිවෙත් වලට එරෙහිව*
හැම කෙනෙකේම අද පටන් නිල නොවන පොලිස්කාරයෙක් වෙන්න ඕන මේ රටේ අනාගතය ආරක්ෂා කර ගන්න

:අමාත්ය  ඩිලාන් පෙරේරාට*
ගෑනුත් නොවන පිරිමිත් නොවන කාන්තා නේවාසිකාගාරවල මුරකාර රස්සාවට ගැලපෙන එවුන් එවන්න එපා හත්තිලව්වේ පාර්ලිමේන්තුවට - පිරිවර රණ ඝෝෂා කරයි - ඒ වගේ දුර්වලයො ආපු ගමන් එන්ජීඕ කාරයො අල්ල ගන්නව ඇයි උන්ට පිරිමි කමක් නෑනේ උන්ට ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න බෑනේ  - ජය ඝෝෂා - අන්න එහෙම එකෙක් ඉන්නවල බදුල්ලේ තමුන්නාන්සේලාගේ ජන්දෙන් තමයි වැඩිපුර පාර්ලිමේන්තුවට යන්නේ ඩිලාන් පෙරේරා නැමැති වල් සතා මේ තක්කඩියා  මේ කාලකන්නි වල් ඇමතියා කියනවලු එනව තමයි යකෝ හාලි ඇලට එනව  උඹ මොන නරියෙක් ද? - රණ ඝෝෂා - උඹ හාල් මැස්සෙක්  බාර ගනින් පරයො අභියෝග

: පොලිස් නිලධාරීන්ට නහර පුප්පාගෙන යටි ගිරියෙන් කරන දේශනාවකි*
එන්න කියා පල්ලකොල ආන්ඩුවත් පෙරළෙනව මේ අම්මගේ රෙද්දෙන් මුගේ අම්මලාට හම්බයන්ට මේකේ සෙල්ලන් දාන්න පුළුවන් මේක මතක තියාගෙන වැඩ කරපියව් මේ රටේ සිවුරට සලකපියව් බල්ලො උඹළට හම්බයොන්ගේ රුපියල් දාහක් දැක්ක නම් ඔක්කොම හරි ගනිල්ල  පුලූවන් නම් හම්බයෝ නෑ හම්බයොන්ට පුක දෙන්නේ තොපි : හාමුදුරුවරු ඔහොම කුණු හරැප කියනව ද? - පොලීසිය* කුණූ හරුප යකෝ කුණුහරුප කතා නොකරන එකේ විපාකේ තොපි ඔක්කොම හිතන් ඉන්නේ මේ හාමුදුරුවරු යකෝ පොන්නයො කියළ ද?  ගම්වල අහිංසක හාමුදුරුවන්ට දාන පාට් දාන්න එන්න එපා තොපි අනුන්ගෙන් බත් ටික කන හින්දා අපි පොන්නයෝ කියළ හිතා ගෙන ඉන්නේ වල් පරයෝ දැන ගනියව් අනුන්ගේ බත් කෑවට කොන්දක් තියෙනවා යකෝ තවත් දොඩවනව පරයෝ බලු වැඩ කරන්න එපා පරයෝ මුන්ට නීතිය උගන්වන්න ඕනේ  ඊට ඉස්සෙල්ල සදාචාරය ඉගෙන ගනිල්ල මේ රටේ : රටේ සදාචාරය යනු ඥානසාරගේ මුවින් දෝරෙ ගලන එක ද?)* මනුස්සකම ඉගෙන ගනිව් වේසිගෙ පුතාල ගගග රුපියල් සීයට දාහට පුක දෙන එවුන් : මේ මනුස්සය හොදටම බීල - පොලිස් හඩක්) 

මෙවැනි ඥාණසාර දේශනා ගණනාවක්ම අන්තර් ජාලයේ තිබේ ඒ බොහෝ දේශණාවන්හි ඇත්තේ ඉහත දක්වන ලද රාජපක්ෂවරුන්ගේ සිත් දිනු ඥානසාරගේ අලුත් සිංහල බුද්ධාගමේ භාෂාව ය.

මෙවැනි අසභ්යත බසකින් සිය බුද්ධාගම දේශනා කරන ඥානසාර වටා සිය ගනනින් බෞද්ධයින් රුස්වන්නේ කුමණ හේතුවක් නිසා ද? මෙවැනි වෛර බසකින් බුදු දහම රැක ගත හැකිදැයි එම සදැහැවතුන් නොවිමසන්නේ මන් ද?  මේ සදැහැවතුන්  සෙන්පති ඥානසාර වටා රොක් වන්නේ සෙන්පති රාජපක්ෂගේ ආනුභාවය නිසා ද? නැත්නම් රාජපක්ෂවරුන් විසින් පවත්වා ගන්නා බළල් අතක්  නිසා ද? 

රාජපක්ෂ අනුග්ර්හයෙක් තොරව ඥනසාරට පැවැත්මක් නැති බව තේරැම් ගැනීමට දිවැස් අවශ්ය නැත.  

ඥානසාර දේශනාවන්හි එන කුණුහරැප අසන සදැහැතියන් සාදු කාර වෙනුවට නගන්නේ යුද ඝෝෂා ය. මේ යුද ඝෝෂා හුදෙක් මුස්ලිම්වරැන්ට එරෙහිව පමණක් එල්ල වන්නේ යැයි සිතා සිටි මුල් කාලය දැන් අවසන් ය. එය ගොඩ නැගුණේ උතුරු නැගෙනහිරින් බැහැර ජිවත් වන මුස්ලිම් ජනයා පමණක් නොව දෙමළ ජනයා ද බිය ගැන්වීමේ  සහ මැඩලමේ අරමුනිනි. දැන් තත්ත්වය වෙනස් ය. පසුගිය දා  එය බියකරැ රංගනයක් සේ පෙන්නුම් කැරුණි. ඒ  පොදු රාජ්ය  මන්ඩළීය රාජ්යද නායක සමුළුව පැවැත්වෙන අතරතුරදී ම  ප්රධාන විපක්ෂය වන  එක්සත් ජාතික පක්ෂයේ  කොළඹ මූලස්ථානයෙහි පැවැති මානව හිමිකම් උළෙලට කඩා පැන පහර දීමට තරම් මෙම ඥානසාර - ගෝඨාබය යුදවාදී බුද්ධාගම සාහසික වීමෙනි.

මේ වනාහී රාජපක්ෂ මර්දනයේ මූලෝපායේ තවත් බිය ජනක පියවරක් මිස ඥනසාර හීනයක් යැයි අප නොසිතිය යුතු ය.

24.11.2013