බොකෝ හරාම් ත්‍රස්ත සංවිදාන ගොඩට.



හර්ෂි සි. පෙරේරා

ඇමෙරිකා එක්සත් ජනපදය බොකෝ හරාම් ත්‍රස්ත සන්විදානයක් ලෙස නම් කරයි. එයට අල් කයිඩා සමග සබදතා ඇති බවට චෝදනා කෙරේ. ඔවුන් ඊසාන දිග සහ මද්යම නයිජීරියාවේ වසර ගණනාවක සිට සිදුවූ දහස් ගණන් ජනයා මියයාමට සහ සිවිල් වැසියන් ගාතනය කිරීමට වගකිව යුතු බවද පැවසේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සමග අන්සරු කණ්ඩායමද විදේශ ත්‍රස්ත සංවිදාන ගොඩට දමා ඇත. 2013 වසරේ මුලදී අන්සරු ජාත්‍යන්තර ඉදිකිරීම් වැඩකරුවන් 07 දෙනෙකු අතුරුදහන් කර මරා දැමීම පිළිබද චෝදනා එල්ල වී තිබේ. බොකෝ හරාම් යන්න බටහිර අද්‍යාපනය පාපකාරී යන්න යනුවෙන් පරිවර්තනය වේ. බොකෝ හරාම් 2009 සිට උත්සාහ ගන්නේ රටේ මුස්ලිම් වරු සිටින උතුරේ වෙනම මුස්ලිම් රජයක් පිහිටුවීමටයි.