වැලිගම පොලිසිය;- මල්ලි අයියා වේ.



හර්ෂි සි. පෙරේරා

හේවා මුම්මුල්ලගේ අකිල 35 හැවිරිදි විවාහක තිදරු පියෙකි. රැකියාව කාර්මිකය. අකිල අයන් වර්ක්ස් කොලේදන්ද වැලිගම පදිංචිව සිටි. 2013.09.10 දින ඔහුගේ මල්ලි අජිත් වෙනුවට ඔහුව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි. ඔහු මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. 

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

අත්අඩංගුවට ගෙන, පහර දී නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම.

හේවා මුම්මුල්ලගේ අකිල, අවු: 35යි, විවාහක, දරුවන් 03යි,
 රැුකියාව කාර්මික
ලිපිනය : අකිල අයන් වර්ක්ස, කොලේදණ්ඩ, වැලිගම.
2013.09.24 දිනදීය.

2013.09.10 වන දින, උදේ 7.00 ට පමණ වැලිගම පොලිසියේ පොලිස් පරීක්ෂක සමන් කීර්ති, සැරයන් රංජිත් හා බුද්ධ අංශයේ නිශාන්ත යන නිලධාරීන් මා නිවසට පැමිණියා.
ඔවුන් මට කිව්වා, මල්ලී අජිත් කඩයකට ගහලා, එයාව ගෙනත් දීපන් කියා. මා ඔවුන්ව අපේ මහ ගෙදරට එක්කගෙන ගියා. ඔහු හිටියේ නැහැ. ඊළඟට මා ඔවුන්ව මල්ලිගේ බිරිඳගේ ගෙදරට රැුගෙන ගියා. එහේ හිටියෙත් නෑ. ඔවුන් මල්ලීව එක්කගෙන එන්න කියා ගියා. 

දවල් 10.30 ට විතර මමත්, අජිත් ගේ මාමා දමිත් ගුණසිංහ සමග සිද්ධිය වූ බරකත් හෝටලයට ගියා. බේරුමක් කරන්න හිතාගෙන.
මම හා දමිත් ගුණසිංහ හෝටලයට යන විට, වැලිගම පොලිසියේ ඉහත නිලධාරීන් එහි සිටියා. 
මම හෝටලයේ අයිතිකරු එම්.එ්.එම්.අස්ලාම් සමග සිද්ධිය ගැන කථා කර, සමථයකට එකඟ වුනා. එසේ කතා කර කඩපිලෙන් එළියට එන විටම, වැලිගම පොලිසියේ මූ.පො.ප.කාලිංග පොලිස් ජීප් රථයෙන් එතැනට පැමිණියා. 
ඔහු, මුදලාලිගෙන්, එම්.එ්.එම්.අස්ලාම් ගෙන් ඇහුවා මොකද වෙන්න  ඕනි කියලා. එවිට මුදලාලි එම්.එ්.එම්.අස්ලාම් කිව්වා , මේ අකිල අයියා,එයා අලාභය ගෙවන්න පොරොන්දු වුනා කියලා.
එ් සමගම පො.ප.කාලිංග ආ යකෝ, උඹ කඩ හදන්න, මල්ලි හදන්න බැරි එකා කියමින් අත මිටි මොලවා මගේ මූණට ගහගෙන ගහගෙන ගියා. ඊට පස්සේ මූට හෑන්ඞ් කප් දාපන් කියා කිව්වා. පොලිස් නිලධාරියෙක් මගේ අත් පිටුපසට කොට මාංචු දැම්මා.
එ් සමගම මගේ සරම කැඩුනා. එවිට එතැන සිටි වෙනත් පොලිස් නිලධාරියෙක් මට සරම ඇන්දෙව්වා. නැවත මූ.පො.ප.කාලිංග මගේ මුහුණට ගැහුව්වා. එයින් පසු ජීප් එකට දාගත්තා. මම සීට් එකේ වාඩි වුනා. මූව බිමට දාපන් කිව්වා. මාව ජීප් එකේ බිම වාඩි කෙරෙව්වා.
අතරමග, මෙත්තානන්ද ලී මෝල අසල නවත්වා, එතැන තිබූ පොල්ලක් අරන් මට පහර දුන්නා. පහර දුන්නේ බිම දාගෙන. එයින් පසු ජීප් එකේ දාගෙන, මල්ලිගේ බිරිඳගේ ගෙදරට රැුගෙන ගියා. මල්ලි හිටියේ නෑ. 
මූ.පො.ප.කාලිංග කිව්වා 12ට කලින් පොලිසියට මල්ලිව ගෙනත් දුන්නේ නැති නම් මාව දවස් 14කට දානවා (රිමාන්ඞ්* කියා. 
මාව පොලිසියට ගෙනවිත් කූඩුවට දැම්මා. මල්ලිව 12ට පමණ පොලිසියට ගෙනාවා.
මල්ලි පොලිසියට ආ විට, මූව ජීප් එකට දාපන් කියා මල්ලිව ගෙනිච්චා.
පැයකින් පමණ පසුව, මල්ලිට හොඳටම ගහලා කූඩුවට ගෙනත් දැම්මා. 
එ් අවස්ථාවේ, පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා මල්ලීට තර්ජණය කරනවා මා බලා සිටියා. 
මාව රාත‍්‍රී 9.00 ට පමණ ඇප මත මුදා හැරියා. කැඳවීමක් කල විට උසාවි එන ලෙසට නියම කලා.
මැ දැනගත්තා, මාව අත්අඩංගුවට ගත් බවට, පහර දුන් බවට පැමිණිල්ලක් එදින දවල් මාගේ අජිත් මල්ලිගේ බිරිඳ විසින් මාතර මානව හිමිකම් කොමිෂම් කාර්යාලයට ගොස් පැමිණිලි කර ඇති බව.
2013.09.11 වන දින, මා මාතර මානව හිමිකම් කොමිෂන් කාර්යාලයට පැමිණිලි කිරීමට ගියා. මට එහිදී පෝරමයක් දුන්නා. දිවුරුම් ප‍්‍රකාශ සමග පුරවා ගෙනත් දෙන ලෙස නියම කලා.
ඔවුන් කතා කලේ පැමිණිලි කර ඵලක් නැහැ යන මතයේ සිටිය. එ් නිසා මා නැවත එහි ගියේ නැහැ.
මා ඉල්ලා සිටින්නේ,
   1. නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන, පහරදී, රඳවා තබා ගත් - වැලිගම පොලිස් 
      ස්ථානයේ - මූලස්ථාන පොලිස් පරීක්ෂක - කාලිංගට සහා,
   2. මෙම අපරාධය කිරීමට හා අපරාධය වසන් කිරීමට තම රාජකාරිය ඉක්මවා ගොස් කටයුතු 
      කල - මාතර සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා ට ,

එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගැනීමට පියවර ගන්නා ලෙසටය.