වැලිගම පොලිසිය;- අජිත්ගේ දුක්ගැනවිල්ල.



හර්ෂි සි. පෙරේරා

33 හැවිරිදි අජිත් විවාහක එක් දරු පියෙකි. රැකියාව වැල්ඩින් කාර්මික වේ. දෙසවල, ගොඩැල්ල, කොලේදන්ද, වැලිගම පදිංචි වී සිටි. ඔහුව වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. වදහිංසා පැමිණවීම අපරාදයකි. මේ මොහොතේත් ශ්‍රී ලංකාවේ කුමන හෝ පොලිස් ස්ථානයක කාට හෝ වද දෙනු ඇත. හැබැයි පොලිස් නිලදාරින්ට මානව හිමිකම් ඩිප්ලෝමා පවා ලබා දේ. ඒ සියල්ල දැවැන්ත මුල්‍යම වියාපෘති වේ. 

සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08. 

අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා තබාගෙන, කෲර අමානුෂික වධහිංසා පමුණුවීම.

හේවා මුම්මුල්ලගේ අජිත්, අවු: 33යි, ජා.හැ.අ.801643256ඪ, විවාහක, දරුවන් 01යි, රැුකියාව : වෑල්ඩින් කාර්මික
ලිපිනය : දෙසවල, ගොඩැල්ල, කොලේදණ්ඩ, වැලිගම.
2013.09.24 දිනදීය.

2013.09.09 දින, වැලිගම, බරකත් හෝටලයට ගියා. එහිදී කතා බහක් ඇති වුනා. 2013.09.10 (පසුදින* උදේ 7.30 ට පමණ වැලිගම පොලිසියෙන් මගේ නිවසට පැමිණ මා සොයා තිබේ.
මා වැඩට ගොස් සිටියේ. දහවල් 11.00ට පමණ මට ආරංචි වුනා මා වෙනුවට, මාගේ සොහොයුරා වන එච්.එම්.අකිලව වැලිගම පොලිසියට ගෙනගොස් ඇති බව.

මම එ් අනුව, දහවල් 12.30ට පමණ වැලිගම පොලිසියට ගියා. මා දුටුවා මගේ අයියා වන එච්.එම්.අකිල කූඩුවේ සිටිනවා.

පොලිසියේ නිලධාරියෙක්, මූලස්ථාන පොලිස් පරීක්ෂක කාලිංගට ප‍්‍රකාශ කලා - මා ඇවිත් සිටිනවා කියා.

ඔහු - මූ.පො.ප.කාලිංග මාව ජීප් එකට දාන්න කිව්වා. මාව ජීප් එකට නැග්ගුවා. ඊට පසු, තවත් නිලධාරී කණ්ඩායමක් සමග, මූ.පො.ප.කාලිංග - සිද්ධිය වූ බරකත් හෝටලයට ගෙන ගියා.

හෝටලය ඉදිරිපිට, මාව ජීප් එකේ පිටුපස ෙදාරින් බස්සනවාත් සමග, එතැනට පැමිණ - මූ.පො.ප.කාලිංග මිට මොලවා මූනට වේගයෙන් පාරක් ගසා, බෙල්ලෙනුත් අල්ලා කඩය ඇතුලට ඇදගෙන ගියා.

කඩය ඇතුලේ - කැෂීයර් එක ඉස්සරහාදී මූ.පො.ප.කාලිංග මගේ කම්මුල් දෙකට අත් මිටි මොලවා දෙකක් ගැහුව්වා.

ඊළඟට දණ ගහන්න කිව්වා. මට මූන බිමින් තියාගන්න කිව්වා. එතැන තිබූ කොස්ස අරගෙන -මට කොස්ස කැඩෙනකන් මගේ පිටට ගැහුව්වා. තවත් කොස්සක් අරගෙන එයද කැඩෙනකන් ගැහුව්වා. 

ඊට පස්සේ නැගිටපන් යමං ඉස්සරහාට කියා කඩයේ ඉස්සරහාට ගෙන ගියා. එතනදී කඩය ඉස්සරාහා දණගහපන් කිව්වා. ඊට පස්සේ මුහුණ පොලවට ඔබාගෙන, බිම ලෙවකාපන් කිව්වා . එතන තිබූ කුරුඳු පොල්ලක් අරගෙන මගේ පිට මැදට ගැහුව්වා. එයින් පාරක් මගේ වම් අතේ වැදුනා. එ් පහරින් අත කැඩුනා. එ් වෙලාවේ එතැන හිටිය තවත් පොලිස් නිලධාරියෙක් පැමිණ - මූ.පො.ප.කාලිංග අතේ තිබුන කුරුඳු පොල්ල උදුරා ගත්තා. 

ඉන් පසු පයින් ගසමින්, බෙල්ල පෑගුවා. ඉන්පසු නැවත මාව ජිප් එකට ඇදලා අරගෙන වැලිගම පොලිසියට ගෙන ආවා.

මාව ගෙන යන විට, අකුරැුස්ස සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී මාතර ෂෂෂ  රංජිත් සිල්වා එහි සිටියා. අයියා ද කූඩුවේ සිටියා. මූ.පො.ප.කාලිංග සහකාර පොලිස් අධිකාරීට කිව්වා මුං දෙන්නා දවස් 14කට දානවා කියා.

එවිට, සහකාර පොලිස් අධීකාරී ෂෂෂ  රංජිත් සිල්වා කිව්වා, මූට ඔහොම ගහලා මදි, ”ඇට දෙකෙන්, අල්ලා උස්සා ගහන්  ඕනෑ කියා.

මූ.පො.ප.කාලිංග කිව්වා, මං මූට හොඳටම ගහලා, රොටි ලෑල්ල ලෙව කෑවෙව්වා කියා. 

එයින් පසු, මාවද අයියා හිටපු කූඩුවට දැම්මා.

මම අමාරු බව කියමින් සිටියා. සවස 3.30 ට මූ.පො.ප.කාලිංග මාව කූඩුවෙන් එළියට අරගෙන, පොලිසියේ පිටුපසට ගෙන ගියා. එ් කුස්සියේ පිටුපස ටැප් එකක් තියෙන තැනට. මගෙන් ඇහුව්වා     අමාරු කියා. මම කිව්වා උගුරෙන් ලේ යනවා, අත හො1දටම රිදනවා කියා. ඔහු එතන හිටිය පොලිස් නිලධාරියෙකුට කිව්වා මාව හෝදන්න කියා.

ඔහු මාව සේදුවා. ෂර්ට් එක ගලවා සේදුවා. තෙත පිටින් ෂර්ට් එක ඇඳගන්න කිව්වා. නැවත මට අත උස්සන්න කියා තර්ජණ්‍ය කරමින් මට බැණවැදුනා. නැවත මාව කූඩුවට දැම්මා.

සවස 5.00 වන විට,උගුරෙන් ලේ යෑමත්, සීතලකුත් හැදුනා. කූඩුවේ සිට අයියා පොලිස් නිලධාරීන්ට කිව්වා මට අමාරුයි කියා.

රාත‍්‍රී 7.30 ට පමණ, නැවත මාව මූ.පො.ප.කාලිංග ගේ කාමරයට ගෙන ගියා. එහිදී මගෙන් ඇහුව්වා අමාරු මොනවාද කියා. මම කිව්වා උගුරෙන් ලේ යන බවත්, අතඋස්සන්නවත් බැරි බවත්.

එවිට ඔුහ ඇහුව්වා, ෂර්ට් එක ගැලෙව්වේ ඇයි කියා. මම කිව්වා තෙත නිසා කියා. ඔහු ෂර්ට් එක ගෙන්වා එතන සිටි පොලිස් නිලධාරියෙකුට කියා මට ෂර්ට් එක ඇන්දෙව්වා. නැවත මාව කූඩුවට දැම්මා.

රාත‍්‍රී 9.00 ට පමණ, මගේ බිරිඳ, දරුවා, නැන්දම්ම පැමිණ කිව්වා, මාතර මානව හිමිකම් කාර්යාලයට ගොස් පැමිණිලි කල බව . එහිදී මාව බෙහෙත් අරන් දෙන්නත්, අයියාට ඇප දෙනන්ත් කියා පොලිසියට උපෙදෙස් දී තිබෙනවා.

එ් අතර ඔවුන් , මාතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තෙන්නකෝන් හමුවී- පැමිණිලි කල බවද කියා සිටියා.

එ් සමග, අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප.ඉෂාන් පැමිණ මගෙන් අමාරු මොනවාද කියා ඇහුව්වා.

මම කිව්වා ලේ යන බව. අත රිදෙන බව කිව්වා. මට කෙල ගහන්න කිව්වා. ලේ ගියා. කට අරින්න කියා බලලා - එතැන හිටිය පොලිස් නිලධාරීන්ට පැනඩෝල් දෙන්න කියා යන්න ගියා.

ටික වේලාවකින්, නැවත මාව මූ.පො.ප.කාලිංගගේ කාමරයට ගෙන ගියා. එහි සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා සිටියා.

ඔවුන් නැවත මගෙන් අමාරු ඇහුව්වා. මගෙන් මොකද කෙරෙන්න  ඕනා කියා ඇහුව්වා. මම කිව්ව මට අමාරුයි, බෙහෙත් අරන්  ඕනා කියා.

මූ.පො.ප.කාලිංග මට කිව්වා, මාව බලන්න ඇවිල්ලා ඉන්න අයව ගෙදර යවන්න කියා. මම කිව්වා මම කොහොමද එ්ක කරන්නේ කියා.

ඒ අතර, අයියාට පොලිසියෙන් ඇප ලබාදී තිබුනා.

මම පසුව දැනගත්තා, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්, දෙපාර්ක්ම වැලිගම පොලිසියට කතා කොට අයියාට ඇප දෙන ලෙසත්, මාව රෝහල් ගත කරන ලෙසත් කියා ඇති බව.

රාත‍්‍රී 10.30 ට පමණ මාව, සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා, මූ.පො.ප.කාලිංග හා අපරාධ අංශයේ පො.ප.ඉෂාන් යන තිදෙනා හා තවත් පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් සමග, මාව මාතර මහා රෝහලට ගෙන ගියා.

එ් අතර තුර, මූ.පො.ප.කාලිංග මාතර මහා රෝහලේ පොලිස් මුරපොලේ සිටින මනෝජ් නැමැත්තෙකුට කතා කලා. එම නිලධාරියා කිව්වා දැන් එන්න එපා, න්‍ඵධ මහත්තයා නෑ කිව්වා.

එවිට, දුරකථනය ස.පො.අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා ට දුන්නා. ඔහුද කතා කලා. ඉන් පසු ඔහු මගෙන් යලිත් මොනවද අමාරු කියා ඇහුව්වා. මම ආයෙත් විස්තර කිව්වා. 

මගෙන් ඔහු ඇහුව්වා මීට ඉස්සරත් උගුරෙන් ලේ යනවාද කියා. මම නැහැ, ්‍යූෂ මහත්තයා ගහපු නිසා බව කිව්වා.

එවිට ඔහු ඔහොම කිව්වොත් උඹට ගෙදර යන්න වෙන්නේ නැහැ කිව්වා.

මාව රෝහලට ගෙන ගියා. මාව ගෙන ගියේ බාහිර රෝගී අංශයට. එහිදී මාව වෛද්‍ය වරයෙක්් ලඟට ඉදිරිපත් කලා. වෛද්‍යවරයා මාව රෝහල් ගත කරන ලෙසට ඉල්ලා සිටියා.

නමුත් පොලිසිය විරුද්ධවී, මාව නැවත වැලිගම පොලිසියට රැුගෙන ආවා. එ් එන අතර, ආසිරි රෝහලේ ෆාමසියෙන් බෙහෙත් ටියුබ් එකක් අරගෙන මට ගාගන්න කියා දුන්නා.

මාව කූඩුවට දැම්මාත පසුදා උදේ (11 වෙනිදා* මගේ බිරිඳ හා ගෙදර අය ආවා. මම කිව්වා ? මාතර රෝහලට ගෙන ගිය බව හා නවත්වන්න ඉඩ දුන්නේ නැති බව.

උදේ 10.00 ට (11 දින* විතර, නැවත මාව මූ.පො.ප.කාලිංග ගේ කාමරයට මාව ගෙන ගියා. එහිදී ඔහු දැන් මට මානව හිමිකම් එකෙන් කතා කලා. උඹට අපි ගෙදර යන්න දෙන්නේ නෑ කියා තර්ජණය කලා.

ඔහු අපිට ආයුධ දීලා තියෙන්නේ නිකන් නොවයි කියා, උඹ දන්නවා නේද. උඹ දන්නේ නෑ පොලිසියේ හැටි කිව්වා. අපි කියන විදිහටම කියපන් නැතත්ම් බී රිපෝට් ගහ ගහා දවස් 14න්, 14ට දානවා කියා තර්ජණය කලා. නැවත කූඩුවට දැම්මා. 
දවල් 12.00 විතර, මාව එළියට අරගෙන, ජීප් රථයට නංවාගෙන මාතර රෝහලට ගෙන ගියා. තවත් ජීප් එකක් ගියා. එකේ සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා, මූ.පො.ප.කාලිංග, තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ගියා.

මාව දමාගත් ජීප් රථයේ තවත් නිලධාරීන් හිටියා.

ජීප් දෙකම ගියේ, රෝහල පිටිපස්සේ අධිකරණ නිලධාරී කාර්යාලයට.

එතැන නවත්වා, මූ.පො.ප.කාලිංග කාටද දුරකථනයෙන් කතා කලා. ටික වේලාවකින් වෛද්‍යවරයෙක් එතැනට ආවා.

ඊට පස්සේ සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා , මූ.පො.ප.කාලිංග ඇතුලට ගියා. ටික වේලවකින් ආපසු පැමිණ මාව එක්කගෙන ගියා.

එම වෛද්‍යවරයා, මාව ඉදිරිපිට වාඩි කෙරෙව්වා. දෙපැත්තෙන් සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා හා මූ.පො.ප.කාලිංග හිටියා.

මගෙන් මොකද කියා ඇහුව්වා. මම අත රිදෙනවා, උගුරෙන් ලේ යනවා කියන කොටම, මූ.පො.ප.කාලිංග මට තර්ජණය කර කිව්වා, කඬේ සිද්ධිය කියපන් කියා. මම විස්තරය කිව්වා. මට ගහපු හැටි කියන්න ඉඩ දුන්නේ නැහැ. මූ.පො.ප. කාලිංග කිව්වා අත රිදෙන්නේ වැටිලා හින්දා කියා. ඔහු දිගට ලිව්වා. ඊට පස්සේ මාව පිටිපස්සේ සින්ක් එකක් තියෙන පොඩි කාමරයකට ගෙනහිල්ලා සින්ක් එකට කෙළ ගහන්න කිව්වා. ලේ ගියා. වෛද්‍යවරයා වතුර ඇර එය සේදුවා. මම එහිදී මට ගහපු හැටි කියන්න ලැහැස්ති වුනා. ඇහුව්වේ නෑ. මට එළියට යන්න කිව්වා. ටික වේලාවකින් සහකාර පොලිස් අධීකාරී ෂෂෂ  රංජිත් සිල්වා හා මූ.පො.ප.රංජිත් සිල්වා එළියට ආවා.

නැවත, පොලිස් නිලධාරින් දෙන්නෙක් ඇවිත් කතාකර, මගෙන් කොළ කෑල්ලකට අත්සන් ගත්තා.

එතැනින්, මාතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගියා. සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා හා මූ.පො.ප.කාලිංග නැවත මාව වැලිගම පොලිසියට ගෙන ආවා.

සවස 3.30 ට පමණ, සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා හා මූ.පො.ප.කාලිංග පැමිණ, මාව කාර්යාලයට ගෙන  - දෙන්නාම මට තර්ජණය කලා. අපිට  ඕනා දෙයක් කරන්න පුලූවන් කිව්වා. උණ්ඩ 50කුයි, අවි යි දීලා තියෙනවා කිව්වා. එතැන මාගේ මල්ලී කෙනෙකු වන එච්.එම්.රුවන් කුමාර ද සිටියා.

ඉන් පසු නැවත කූඩුවට දැම්මා. සවස 4.00 පමණ මට ඇප දුන්නා. 2013.09.20 වන දින උසාවි එන්න කිව්වා. 

මා පොලිසියෙන් පිට වූ වහාම, නැවත මාතර රෝහලට ගියා. එහි බාහිර රෝගී අංශයට ගොස්, මට පොලිසියෙන් ගහපු බව ප‍්‍රකාශ කලා. මාව ඇතුලත් කර ගත්තා.

මාව 05 වාට්ටුවේ- 14 දින දක්වා නේවාසිකව ප‍්‍රතිකාර ගත්තා. 

අත කැඞී ඇති බවට තීරණය කර තිබුනා. අතට ප්ලාස්ටරයක් දැම්මා. අදටත් ප්ලාස්ටරය තිබෙනවා.

රෝහල් ගතව ටිකට් කපන ලද 2013.09.14 දින මාව පොලිසියෙන් ගෙන ගිහිල්ලා පෙන්නපු, අධිකරණ වෛද්‍ය නිලධාරී මාව බලන්න ආවා.

ඔහු මට බැන වැදුනා. ඇයි උඹ එදා පොලිසියෙන් ගැහුව්ව බව කිව්වේ නැත්තේ කියා.

ඔහු මට තර්ජණය කලා උසාවියේදී බලාගනිමු කියා.

එසේ බණින විට, වාට්ටුව බාර සිටින වෛද්‍ය නිලධාරීවරයා, එම වෛද්‍යවරයාට කිව්වා කෑගහන්න එපා කියා. එවිට ඔහු යන්න ගියා.

පසුව මා දැනගත්තා ඔුහගේ නම වෛද්‍ය නානායක්කාර බව.

පසුව දැනගන්නට ලැබුනා - මට විරුද්ධ නඩුවක් දමා නැති බව.

මෙම සිද්ධියට මූලික වූයේ, වැලිගම, අලූත් වීදියේ බරකොත් හෝටලයේ, 2013.09.09 දින රාත‍්‍රී 9.30 ට පමණ, තේ බොන්න ගිය විට, එහි සිටි වෙළඳ සේවකයකු සමග වූ බහින්බස් වීමකි. එ් අවස්ථාවේ කඩයේ කොත්තු මේසයේ වීදුරු කැඞී යන ලදි.

මෙම සිද්ධියේදී මූලික වූයේ, කඬේ අයිතිකරු විසින් කරන ලද පටලැවිල්ලකි.

එසේ මට අමානුෂික ලෙස පහරදීමට හේතුව - පොලිසිය හා මෙම වෙළඳසැලේ ගොඩනැගිල්ල අයිතිකරු සමග පවතින සම්බන්ධය බවද දැනගත්තෙමි.

මා ඉල්ලා සිටින්නේ, මා කෲර වධහිංසාවට පත් කිරීම අදාලව,
මාගේ බිරිඳ වන- එ්..නදීෂා කුමාරි විසින් 2013.09.10 දින- ඔබ මාතර ශාඛා කාර්යාලයට කරන ලද ලිඛිත පැමිණිල්ලද, ඊට පසුව ඇය 11 වන දින දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලද, ඉන් අනතුරුව 2013.09.12 දින එ් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලද, මූලික කරගෙන  - මෙම විමර්ශණය - ඔබ ප‍්‍රධාන කාර්යාලයේ පවත්වන ලෙසට  හා, 
එසේම,

1. මා කෲර අමානුෂික වධහිංසවට පත් කල -
   1. වැලිගම පොලිස් ස්ථානයේ - මූලස්ථාන පොලිස් පරීක්ෂක - කාලිංගට සහා,
   2. මෙම අපරාධය කිරීමට හා අපරාධය වසන් කිරීමට තම රාජකාරිය ඉක්මවා ගොස් කටයුතු 
      කල - මාතර සහකාර පොලිස් අධිකාරී ෂෂෂ  රංජිත් සිල්වා ට ,

එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගැනීමට පියවර ගන්නා ලෙසටය.


එච්.එම්. අජිත්