පොතක වරුණ;- අබිරහස් ජිවිත තරණය.



හර්ෂි සි. පෙරේරා

ගිය වසරේ සුවර්ණ පුස්තක සම්මානය සදහා අවසන් වටයට තේරුණු නවකතා 05 අතුරින් එකකි. මෙය කෘතහස්ත ලේකක ටෙනිසන් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ලංකාවේ දේශපාලන වලවූ පැලැන්තිය ගැන සාකච්චා වේ. එය ඊයෙටත් අදටත් හෙටටත් පොදුය. 

88/89 බිෂන සමයේ කොළබ විශ්ව විද්‍යාලයේ නීති පිටයේ පවා වදකාගාරයක් පවත්වා ගෙන ගිය බවට එකල දේශපාලඥයින්ට චෝදනා එල්ල විය. එක්තරා චවුර රැජිනක් තම පාලන සමය දිගු කර ගැනීමට තමා විසින්ම බෝම්බයක් පුපුරුවා ගනිමින් සිය ඇසක් පවා අන්ද කර ගත් බවට පොත් පවා පල විය. වර්තමානයේ තම පාලනයට එරෙහිව ලියන මද්යවේදීන් මරා දැමුණු අතුරුදහන් කෙරුණු අවස්ථා ඇත. එමෙන්ම වැලිවේරියේ සිදුකල සංහාරයද අමතක කල නොහැක.

 මේ සියල්ල අපට නැවත නැවතත් සිහිපත් කර දෙන්නේ නවකතා වේ එන ඇමති වලවුකාර එඩ්වඩ් ජයසුන්දර චරිතයයි. නමුත් රදාමන්දියේ රම්‍යලතා නමැති රූමතිය විප්ලවකාරිනිය සියල්ල කුඩු පට්ටම් කළාය. මෙම නවකතාව කිසිදු වෙහෙසක් නොගෙන එක දිගට කියවා නිමා කල හැක. ඔබත් කියවන්න. නවකතා සාහිත්‍යට බොහෝ දේ කල හැක.