චීනයේ ඉහළ පෙලේ දේශපාලඥයකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්.



හර්ෂි සි. පෙරේරා

චීනයේ ප්‍රකට දේශපාලඥයකු අල්ලස් ගැනීමට දුෂණයට සහ බලය අයුතු ලෙස යෙදවීම සම්බන්දයෙන් වරදකරු වී ඇත. චීන අදිකරණයක් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇත. ඒ බෝ සිලයි නම් දේශපලඥයටය. ඉරිදා මෙම තීන්දුව ප්‍රකාශයට පත්විය. ඔහු නඩු විබාගයේදී තමාට විරුද්දව ඇති අපරාද චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් චීන අදීකරණය සුවාදින වුයේ නැත. දඩුවම බොහෝදෙනා අපේක්ෂා කල එකක් විය. සංස්කරණය කරන ලද තීන්දුව අන්තර්ජාලයේ පලවූ අතර චීන ආණ්ඩුව බෝගේ නඩුව ප්‍රසිද්දියට පත්වීම වැළැක්වීමට දැඩිව කටයුතු කරන ලදී. ජනාදිපති සි ජින්පින්ගේ වත්මන් නායකත්වය යටතේ තමන් දුෂණය මැඩපැවැත්වීමට කටයුතු කරන බව පෙන්වීමට උත්සාහ කරන අවදියක බෝගේ නඩුව ඇසිනි. ඔහුට අනුව අල්ලස සහ දුෂණය කොමියුනිස්ට් පක්ෂයේ පැවැත්මට තර්ජනයක් වී තිබේ.