සමලින්ගිකත්වය, ගබ්සාව සහ කාන්තාවන් ගැන පාප් වහන්සේ.



හර්ෂි සි. පෙරේරා 

සමලින්ගික පුද්ගලයින්ව  වැඩියෙන් තේරුම් ගතයුතු බව පාප් වහන්සේ කියයි. ෆ්‍රැන්සිස් පාප්තුමා සමලින්ගිකත්වය, ගබ්සාව සහ කාන්තාවන් පිළිබද පල්ලියේ අදහස් ඉවත් කර ගත යුතු බව පල්ලියේ ස්ථාවරය පැහැදිලි කරන සම්මුක සාකච්චාවකදී පවසා තිබේ. ඔහු වසර 1300 කට පසුව පාප් වහන්සේ ලෙස පත්වූ පළමු යුරෝපා නොවන පාප් වහන්සේය. ඔහු ලතින් අමෙරිකාවෙන්ද පාප් වහන්සේට තේරුණා පළමුවැනියාය. ඔහු රෝමානු කතෝලික සබාවට අයත් පළමු වන්නාද වේ. ඔහු සිල්වියා කටෝලිකා සමග පැවැත්වූ වචන 12000 ක සම්මුක සාකච්චාවේදී පල්ලිය අදාල රෙගුලාසීන් සම්බන්දයෙන් නැගී සිටීමේදී සහ දයාව ප්‍රදර්ශනය කිරීමේදී අලුතින් සමබරතාව ඇති කර ගන්නේ කෙසේද යන්න  පිලිබදව සොයා බැලිය යුතු බව කියා සිටියේය. ඔහුට පෙර සිටි බෙනඩික් පාප් වහන්සේ සමලිංගිකත්වය හැදින්වුයේ සත්‍ය වූ අබාදයක් ලෙසයි. ඒ අනුව  ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙම ආකල්පය තීරණාත්මක වෙනස් වීමකි.